top of page
4 451.jpg

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ සංවිධායක, සාමාජික, පාක්ෂිකයන් හා ආධාරකරුවන් වෙත විශේෂ නිවේදනය.

“ශ්‍රී ලංකා ජනබල පෙරමුණ” යනු සියළුම ජනතාව හා සත්ව, ශාක ප්‍රජාවට යහපත් වර්තමානයක් තුලින් ශක්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට වෙර දරන දේශපාලන පක්ෂයකි.

මානව ප්‍රජාව සත්ව ප්‍රජාව ශාක ප්‍රජාව ස්වභාවික පරිසර පද්ධති පිළිබඳ අපගේ යහපත් හිතකාමී ආකල්ප හා ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.

“ශ්‍රී ලංකා ජනබල පෙරමුණ” නමින් ඔබ කරන කුමන හෝ ක්‍රියාවක දී “ශ්‍රී ලංකා ජනබල පෙරමුණ” නාමයට, දැක්ම, මෙහෙවර, අරමුණු, අපේක්ෂාවන් වලට හානිදායක ලෙස කටයුතු නොකරන ලෙස දක්වා සිටිමු.

සම්ප්‍රදායික දේශපාලනයට වෙනස් ලෙස යහපත් ආදර්ශයමත්ව සෑම විටම කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.

නිරතුරුවම “ශ්‍රී ලංකා ජනබල පෙරමුණ” දැක්ම, මෙහෙවර, අරමුණු, අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කිරීමට ඇප කැප වී කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.

අයුක්තිය, අසාධාරණය, පරිසර විනාශය, දූෂණය, හිංසනය, වංචාව, සොරකම, සූරාකෑම දුටු තැන ඔබ ඊට විරුද්ධව බුද්ධිමත්ව නැගී සිටින්න.

ප්‍රචණ්ඩකාරී ප්‍රකෝපකාරී ලෙස කිසි විටෙකත් කටයුතු නොකරන්න.

සෑම විටම තම බුද්ධිය මෙහෙයවා තීරණ ගැනීම ක්‍රියාත්මක කිරීම සිදු කරන්න.

සෑම විටම පොදු මහජනතාව මුහුණ දෙන ගැටළු සොයා බැලීම ඊට සඳහා විසදුම් ලබාදීම සඳහා කටයුතු කරමු.

ස්තූතියි !

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ 

2021

2021· ජනවාරි 01  · 

 

උදා වූ 2021 නැවුම් වූ නව වසර ශ්‍රී ලංකා වාසී සියලු ජනතාව ඇතුළු ලෝක වාසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු නිරෝගිමත් ප්‍රීතිමත් ශ්‍රී සුබ නව වසරක් වේවා..!

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය/කාර්ය මණ්ඩලය/සංවිධායක මණ්ඩලය

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

The dawn of 2021 is a fresh new year and may all the people of the world, including all the people of Sri Lanka, have a peaceful, happy, prosperous and healthy New Year ..!

Sri Lanka Janabala Peramuna

Chinthaka Wanigasooriya / Staff / Organizing Committee

Sri Lanka Janabala Peramuna

2021· ජනවාරි 02  · 

කිසිදු ආකාරයකින් කොවිඩ් වෛරසය භූගත ජලයට එකතු වීම වලක්වා ගැනීමට කටයුතු කරමු.

වර්තමානයේදී උත්ගතව ඇති ආදානය භූමදානය මිත්‍යා දෘෂ්ටික මත භේදයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය තරයේ හෙළා දකිමු.

භූගත ජලයට කොවිඩ් වෛරසය එක් කිරීමට කිසිසේත් ඉඩ නොතබනු.

කොවිඩ් වෛරස වසංගත තත්ත්වය හමුවේ රටේ පොදු නීතියන් වෙත හා ක්‍රමවේදය වෙත එකග නොවන යම් යම් පාර්ශව වෙත දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021 · ජනවාරි 12  

ජාතික වටිනාකම් විදේශීය රටවලට විකුණුම් හා බදු දීම වහාම නවතාලනු.

වරාය නැගෙනහිර පර්යන්තය බදු දීම වහාම නවතාලනු.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය- පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021 පෙබරවාරි 24

“ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය නීතිය බලගැන්වීමේ ආඥා පනත”;

(අ), ශ්‍රී ලංකා ද්විපය තුළ වාසය කරනු ලබන සියළු ජනවර්ග ජන කොටස් එකම පොදු නීති සම්ප්‍රදායේ යටතේ සියළු ජනජීවිත කටයුතු සිදු කිරීම මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(1), සියළු පුරවැසියන්ට පවිල් ඒකකයක් තූල දී වේද යම් යම් සමාජ ක්‍රියාකාරකම් තුළ දී වේද අධිකරණ ක්‍රියා පටිපාටියක් තුළ දී වේද සියළු පුරවැසියන්ට රාජ්‍යය සම්මත නීති සම්ප්‍රදායේ ඔබ්බට කටයුතු සිදු වීම වලක්වා ගැනීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(2), යම් යම් සමාජ ක්‍රියාකාරකම් තුළ කප්පම් ලබා ගැනීම බළහත්කාරයෙන් යම් යම් පෙලබවීම සඳහා යොමු කර ගැනීම රාජ්‍යය සම්මත වැටුප් නොගෙවා සේවා ලබා ගැනීම වලක්වා ගැනීමට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(ආ), ශ්‍රී ලංකාව තුල සීයළු කාති උසාවි තහනම් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(1), යම් ජන කොටසක් පමණක් සීමා වී යම් යම් අණපනත් මගින් ක්‍රියාත්මක වන සියළු පනත් නීති මෙයින් බලරහිත වීම මෙයින් බලවත් ලෙස බල පැවැත්වේ;

(ඇ), රාජ්‍යය තුළ වාසය කරනු ලබන ජනතාව ආහාරය පිණිස සඳහා ලබා ගනු ලබන සියළු ආහාර ද්‍රව්‍ය භාණ්ඩ සඳහා රාජ්‍යය සම්මත පරාමිතීන් හා උපරිම සිල්ලර මිල සියලුම භාණ්ඩ සඳහා නිකුත් කිරීම සිදු කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(1), රාජ්‍යය තුළ වාසය කරනු ලබන ජනතාව සඳහා ආහාර නිෂ්පාදනය සඳහා සෘජුවම හෝ වක්‍රව ක්‍රියාත්මක වන සේවා සැපයීම සදහා අයකරණු ලබන මිල ගාස්තු රාජ්‍යය සම්මත පරාමිතීන් හා උපරිම මිල සකස් කර නිකුත් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(2), රාජ්‍යය තුළ සියළු භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිතීන් හා ඒ හා සම්මත උපරිම මිල සකස් කර නිකුත් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(3), භාණ්ඩයක් හෝ සේවාවක් සදහා යම් මිල වැඩිවීමක් සිදු විය යුතු වන්නේ නම් මෙම පනතේ (ඇ), 1, 2, වගන්තිය යටතේ සිදු වන ක්‍රියාවලිය යටතේ සිදු විය යුතුය;

(ඈ), ශ්‍රී ලංකාට ඕනෑම රටකින් ආනයනය කරනු ලබන සියළු භාණ්ඩ බාහාලුම් පරික්ෂා කිරීමෙන් පසු රට තුළට නිකුත් කිරීම සිදු විය යුතුය හා පරික්ෂා කරනු ලබන පරීක්ෂණ ගබඩා අංගනය අධි තාක්ෂණික කැමරා පද්ධති සවිකිරීම හා එම එම බාහාලුමට අදාල පටිගත දර්ශන අදාල බාහාලුමේ හිමිකරුගේ ඉල්ලීම මත ලබා දීම සිදු විය යුතුය හා එම එම දර්ශන නිරන්තරයෙන් ජාතික බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය;

(1), ශ්‍රී ලංකාවෙන් වෙනත් ඕනෑම රටකට අපනයනය කරනු ලබන සියළු භාණ්ඩ බාහාලුම් පරික්ෂා කිරීමෙන් පසු රට තුළින් නිකුත් කිරීම සිදු විය යුතුය හා පරික්ෂා කරනු ලබන පරීක්ෂණ ගබඩා අංගනය අධි තාක්ෂණික කැමරා පද්ධති සවිකිරීම හා එම එම බාහාලුමට අදාල පටිගත දර්ශන අදාල බාහාලුමේ හිමිකරුගේ ඉල්ලීම මත ලබා දීම සිදු විය යුතුය හා එම එම දර්ශන නිරන්තරයෙන් ජාතික බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය;

(ඉ), මෙම පනතේ සදහන් සියළු විධිවිධාන කඩකරනු ලබන යම් පුරවැසියෙක් වේද යම් සමාගමක් වේද යම් ව්‍යපාරයක් වේද පාර්ශවයක් වේද අධි චෝදනා ගොනු කර අධිකරණ ක්‍රියාවලිය යටතේ ව්‍යාපාර සමාගම් තහනම් කිරීම හා බරපතල වැඩ සහිත වසර පහක් සිට වසර විස්සකට සිර දඬුවමක් නියම කිරීම හා නැවත ව්‍යාපාර සමාගම් පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා වන දඩුවම් සියල්ල ලබා දීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

(ඊ), මෙම පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය;

ස්තූතියි !

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021  පෙබරවාරි 15 

පණු කරඳ (Crudia Zeylanica) ශාකය ස්ථානීය සංරක්ෂණයට කටයුතු සිදු විය යුතුය.

එම ස්ථානයෙන් ඉවත් කිරීමට හානි කිරීමට ඉඩ නොතබනු.

ස්තූතියි !

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021 මාර්තු 04

ආරක්ෂක, ආර්ථික මර්මස්ථාන බදු දීම විකිණීම වලක්වා ගැනීමට කටයුතු කරමු.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පාලක ආණ්ඩු විසින් ශ්‍රී ලංකාවේ ඉහළ භූගෝලිය වටිනා කම් සහිත හා ආර්ථික මර්මස්ථාන විශාල ප්‍රමාණයක් විදෙස් රටවල අහිතකර බලවේග සදහා බදු දීම විකිණීම සිදු කර ඇත.

බලයේ සිටි අයවලුන් ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි විදේශ ණය අර්බුදයක් තුළට කොටු කර විදේශ ණය වහලුන් බවට පත් කිරීමට සමත් ව ඇත.

ශ්‍රී ලංකාවේ මියැදෙන මිනිසෙකු විදේශ රටවල ණයකරුවෙකු ලෙස මියදෙන්නට ද උපදින ළදරුවන් විදේශ ණයකරුවෙකු බවට පත් කිරීමට වත්මන් හා පසු ගිය ආණ්ඩු සමත් වී ඇත.

 

වර්තමානයේ උතුරු පළාතේ දූපත් කිහිපයක්ම විකිණීමට හෝ බදු දීම සඳහා පිබුරුපත් සලස්වමින් සිටින අතර එය වහාම නවතාලීමට කටයුතු කරමු.

ජාතික ආර්ථිකය සමාජ පරිහානියට ලක් කිරීම වහාම නවතාලනු.

ශ්‍රී ලංකාවේ ජනතාව ණය වහලුන් බවට පත් කිරීම නවතාලනු.

ස්තූතියි !

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021 මාර්තු 04

ආරක්ෂක, ආර්ථික මර්මස්ථාන බදු දීම විකිණීම වලක්වා ගැනීමට කටයුතු කරමු.

ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ වරාය බටහිර පර්යන්තය පුද්ගලීකරණය වහාම නවතාලනු.

ඒ සඳහා සියලු ප්‍රගතිශීලී බලවේග වහා ක්‍රියාත්මක වෙමු.

වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අහිතකර ක්‍රියා කලාපය වහාම නවතා දැමීමට කටයුතු කරමු.

බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රාජ්‍යය විසින් ක්‍රියාත්මක කරනු.

ස්තූතියි !

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021  මාර්තු 18

පසුගිය දශක දෙක තුළ සිංහරාජ වනාන්තරය තුළ හා විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සිදු වී ඇති සියලුම භෞතික ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට තරාතිරම නොබලා කටයුතු සිදු විය යුතුය.

සිංහරාජ වනාන්තරය තුළ ආරක්ෂාව හා සංචාරක ප්‍රවාහනය සඳහා කිසිදු ආකාරයකින් ලෝක උරුම සිංහරාජ වනාන්තරය හානිදායක තත්වයක් උද්ගත නොවන පරිදි අඩි පාරවල් සහ කේබල් මාර්ග සකස් කිරීම සිදු විය යුතුය.

සිංහරාජ වනාන්තරය තුළ හා අවට ප්‍රදේශ සිංහරාජ වනාන්තරය ට හානිදායක ලෙස පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් අනවසර පදිංචි කරුවන් වාහම ඉවත් කිරීමට තරාතිරම නොබලා කටයුතු සිදු විය යුතුය.

සිංහරාජ වනාන්තරය තුළ හා අවට ප්‍රදේශ සදහා අඩිපාර හැර වෙනත් කිසිදු මාර්ගයක් නොපවතින ලෙස විධිමත්ව ක්‍රියාත්මක විය යුතුය.

සිංහරාජ වනාන්තරය තුළ ජනාවාස කරණය තුළින් හා වාහන ගමනාගමනය තුළින් සිංහරාජ වනාන්තරය තුළ පවතින ජෛව විවිධත්වය හා සත්ව ප්‍රජාවන්ට, ශාක ප්‍රජාවන්ට වාහන දුම් හා හඩ මගින් සිදු වන හානිදායක තත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට විධිමත්ව හා ක්‍රමවත්ව සැලසුම් සකස් කිරීම තුළින් සිදු විය යුතුය.

එම ක්‍රියාවලිය යටතේ පදිංචි කරුවන් සඳහා වෙනත් ප්‍රදේශවලට පදිංචිය සදහා විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.

විල්පත්තු ජාතක වනෝද්‍යානය තුළ සිදු වී ඇති වන විනාශයට ද ඉහත සඳහන් ආකාරයටම ක්‍රියාත්මක විය යුතුය.

පරිසර හිතකාමී පරිසරවේදීන් පරිසර සංවිධාන තව තව බිහිවේවා..!

සිංහරාජ - සිංහ රජ දහන නොහොත් සිංහලේ රජ දහන තුළින් ප්‍රවාහනයට දියුණු මාර්ගයක් තැනීම තුළින් සිංහරාජ වනාන්තරය විනාශ වන්නේ කෙසේද ?

01 දැව ජාවාරම්කරුවන් හා ඖෂධ ජාවාරම්කරුවන් සදහා විධිමත් මාර්ගයක් සකසා දීම.

02 මව් බිමට ආවේණික ශාක ප්‍රජාව හා සත්ව ප්‍රජාව විධිමත්ව ප්‍රවාහන පහසුකම් ලබා දීම.

03, වාහන දුම් හා හඩ මගින් සත්ව ප්‍රජාවන්ට හා සත්ව ප්‍රජාවන්ට හානිදායක තත්වයක් උද්ගත වීම.

04, විවිධ සමාජ විෂමාචාර පුද්ගලයන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීම.

05, සත්ව ප්‍රජාව මාර මස් පිණිස ප්‍රවාහනයට පහසුකම් සැපයීම.

පවිල් හත්සියයක ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම සඳහා පවිල් හැට ලක්ෂයකට ආසන්න ජනතාවගේ වටිනාකම සමස්ත ශ්‍රී ලංකාවේ වටිනාකම අහිමි වීමට මගක් තැනීම යුක්තියද ?

 

අප හඩ නගන්නේ ලංකාගම ජනතාවගේ හතුරු කමට නොව රටට සමස්ත ජනතාවට ඇති මිතුරු කමටය.

එයින් එම ප්‍රදේශයේ සිටම ජනතාව යම් හානිදායක් වනවා නම් අපි ඒ පිළිබඳව කණගාටුවට පත්වෙමු.

රටේ වටිනාකම් අහිමි කර මාර්ගයක් තනා දීමට වෙහෙස වනවාට වඩා එම පව් හත්සියයක ජනතාවට අවශ්‍ය සුවපහසු ජීවන තත්වයක් වෙනත් ප්‍රදේශයකට පදිංචි කර ලබා දීම අනාගතයේ රැක දීමට කටයුතු කිරීම දේශපාලුවෙකු නොවී මහත්මා දේශපාලනිකයෙකු වීම සුදුසු නොවේද ?

පිවිසුම් මාර්ගය දුෂ්කරතා හේතුවෙන් සුරුකී ඇති පිවිසුම් මාර්ග සංවර්ධන කර විනාශ කිරීමට අදත් හෙටත් මතු අනාගතයේත් හඩ අවදි කිරීමට පරිසරවේදීන් පරිසර හිතකාමීන් සංවිධාන බිහිවේවා..!

ඉහතින් ඉදිරිපත් කරන ලද ලිපිය සිංහරාජය තුළ දියුණු මාර්ගයක් සකස් කිරීමට විරුද්ධව හා විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල වන විනාශය ඉදිරිපත් කළ ලිපියයි.

නිලධාරීනට හා බලධාරීන්ට මූල්‍ය පගා ලබා දී බලපත්‍ර ඔප්පු සකස් කර ඇති සිංහරාජය හා අනෙකුත් සියලුම රක්ෂිත, වනාන්තර, වනෝද්යාන, අභයභූමි, තෙත් බිම්, පුරාවිද්‍යා ස්ථාන, ඇතූළු සියලු පරිසර සංවේදී කලාප තුල බලපත්‍ර ඔප්පු (අවලංගු)බල රහිත කිරීම විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.

සිංහරාජය හා අනෙකුත් සියලුම රක්ෂිත, වනාන්තර, වනෝද්යාන, අභයභූමි, තෙත් බිම්, පුරාවිද්‍යා ස්ථාන, ඇතූළු සියලු පරිසර සංවේදී කලාප තුල සංවර්ධන ව්‍යාපෘති වහාම නවතාලනු.

ඒ සදහා පරිසර හිතකාමීන් පරිසර වේදීන් පරිසර සංවිධාන ඇතුළු සියලු ජනබලවේග පෙරට පෙරමුණ ගෙන කටයුතු සිදු කරමු.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

ලක්වාසී ලෝක වාසී සියළු දෙනාට ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරුණු ප්‍රීතිමත් ශ්‍රී සුභ අළුත් අව්රුද්දක් වේවා..!

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

පක්ෂ නායක චින්තක වනිගසූරිය ඇතුළු කාර්ය මණ්ඩලය හා සංවිධායක මණ්ඩලයේ හදපිරි සුභ පැතුම්.

ශ්‍රි ලංකා ජනබල පෙරමුණ - අළුත් අවුරුදු සුභ පැතුම්

ලක්වාසී ලෝක වාසී සියළු දෙනාට උදා වූ අළුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරුණු ප්‍රීතිමත් ශ්‍රී සුභ ප්‍රීතිමත් නිරෝගිමත් අළුත් අව්රුද්දක් වේවා..! ​ ​

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ පක්ෂ නායක චින්තක වනිගසූරිය ඇතුළු කාර්ය මණ්ඩලය හා සංවිධායක මණ්ඩලයේ හදපිරි සුභ පැතුම්

Sri Lanka Janabala Peramuna - New Year wishing

Happy New Year, Peace, Happiness, Prosperity, Happy New Year to all the people of the world ..!

Greetings from the Sri Lanka Janabala Peramuna Party Leader Chinthaka Wanigasooriya and the staff and the organizing committee

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ඒකීයත්වය ස්වාධීනත්වය රැක ගනිමු.

චින කොලනියක් ලෙස පාලනයට සැරසෙන (පෝට් සිටි පනත) කොළඹ වරාය ආර්ථික විශේෂ කොමිෂන් සභා පනත වහාම හකුලා ගනු.

මෙම පනත ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ඒකීයත්වය ස්වාධීනත්වය අමු අමුවේ චීනයට පවා දෙන වත්මන් ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවේ පනතකි.

මෙය සම්මත කිරීමට කිසිදු අයුරකින් ඉඩ නොදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ඒකීයත්වය ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට දේශහිතෛෂී සියලු ජනබලවේග පෙරට පෙරමුණ ගෙන කටයුතු සිදු කරමු.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021 මැයි 18  

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු කලාපයට අයත් මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීම ඉන්දීය හොර ජාවාරම් කරුවන් වහාම විනාශ කරනු.

වත්මන් ආණ්ඩුව ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදු කලාපයට පැමිණ මත්‍ය දඩයම් කිරීම සදහා අවසර ලබා දීම සඳහා පිබුරුපත් සලස්වමින් සිටින අතර එය වහාම නවතාලීමට දේශහිතෛෂී සියලු ජනබලවේග පෙරට පෙරමුණ ගෙන කටයුතු සිදු කරමු.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

අද සිට ඈත අතීතයකට ගිය පසු මීට වසර එක් ලක්ෂ තිස් දහසකට පෙර සිට පැවත එන හෙළ සිංහලය වරින් වර නොයෙකුත් ආකාරයේ යුද්ධයන් හමුවේ ආ ගමනේ නුදුරු අතීතයේ දී නිමා වූ රුදුරු ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 12ක් සපිරෙන විජයග්‍රහණයේ සැමරුම අභිමානයෙන් සමරමු.

මානවයන් මීට වසර මිලියන ගණනාවක් මුළුල්ලේ මිහිතලය මත පදනම් වී පැවත එන වර්ථමාන මානවයා නොයෙක් භාෂා, ආගම්, දර්ශන, විශ්වාස, මතින් ගොඩනැගුණු සංස්කෘති වලන් පිරුණු අලංකාර මානව ජන සමාජයක් වූ මිහිතලය මත එකම ලේ නෑ කමක් හිමිකම් ඇත්තාවු විය යුතු යැයි නොරහසකි.

එකම වා තලයේ හුස්ම ගන්න, හුස්ම පිට කරන, එකම පොලෝ තලයේ පය ගසන එකම ඉර එලියෙන් ජීවය ගලා යන, එකම සද එලියෙන් සිසිලස ලබා ගන්නා මානව නොහොත් මනස උසස් මිනිසා ත්‍රස්තවාදය පෙරටු කොට යුධ වැද ලබන්නේ ජයග්‍රහණයක් නොව පරාජයක් පමණි.

අප ලෝ වැසියන් ලෙස ජයග්‍රහණය කල යුතු යුධයන් කිහිපයක් ඇත වායු, ජල, ශිලා ගෝලයන් මිනිස් ප්‍රජාවට ජීවය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයට සීග්‍රයෙන් දූෂණය වෙමින් පවතින යුද්ධය, සමාජ අහිතකර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය බෙදාහැරීම භාවිතය, සොරකම්, වංචා, ජනතා ශ්‍රම මූල්‍ය දූෂණ යුද්ධය අවසන් කිරීමට සියළු මානව ප්‍රජාව එකාවන්ව කටයුතු කිරීමට කාලය එළඹ ඇත.

එකම අහසක සෙවන ලබන මානවයන් ඈත අතීතයේ සිටම ස්වභාව ධර්මය අදහා ඉරට සදට තාරකාවන් ට ගහට කොළට වා තලයට පුද සත්කාර කළ මානවයන් ස්වභාව ධර්මයට අනුකූලව මානව වර්ගයා පවත්වාගෙන ඒම සිදු විය.

නිරෝගී සම්පත්තිය උදා කර ගැනීමට විවිධ ක්‍රම ශිල්පයන් මගින් පර්යේෂණ මගින් පරම්පරා ගණනාවක් මුළුල්ලේ විවිධ නව ජීවන රටා ප්‍රගුණ කළ මානවයන් වර්ථමානයේදී අන්ධව කටයුතු කිරීම තුළින් නොයෙකුත් ආකාරයේ රෝග ගණනාවක් මුල් කරගෙන එම එම රෝග තුළ ව්‍යාප්තව ඇති කර ගනිමින් එම එම රෝගී විනාශ කිරීමට වඩා එයින් යැපී ඒ මතම ජීවිකාව රැගෙන යාම නොව අප පෙර මුතුන්මිත්තන් අපට දායාද කළ මානව ප්‍රජා ජන සමාජය නැවත වර්ථමාන ජනසමාජයට ගලපා ගැනීමට කාලය උදාවී ඇත.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2021 මැයි 15

චීනයට කෙරෙන පලමු චීන භාණ්ඩ හා සේවා වර්ජන අනතුරු ඇගවීම.


ආර්ථික වශයෙන් දුර්වල රටවල් මූල්‍ය කුමන්ත්‍රණ න්‍යායන් තුලින් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රාජ්‍යයන් තුළ නතු කරගනිමින් පවතින රාජ්‍ය ආරක්ෂක ආර්ථික වශයෙන් ශක්තිමත් කේන්ද්‍රීය ස්ථාන මූල්‍ය මගින් සූක්ෂම ලෙස ආක්‍රමණය කරමින් පවතී.


රාජ්‍යය භෞමික අඛණ්ඩතාවය, ඒකීයත්වය, ස්වාධීනත්වයට අභියෝග කරමින් කූට නීති සම්මත කිරීමෙන් අනුවන පාලකයින් මුලා කර තම තම කූට ව්‍යාපාර ශක්තිමත් කිරීම වාහාම නවතාලනු.


චීනය විසින් යම් යම් අවස්ථාවලදී ගිවිසුම්ගත එකගතාවයන් මතින් ක්‍රියාත්මක වෙමින් පවතින හා අවසන් කර ඇති ව්‍යාපෘති චීනයේ අභිමතය අනූව ක්‍රියාත්මක කිරීම සිදු නොවන ලෙස යාවත්කාලීන විය යුතුය.


රාජ්‍යය ආර්ථික ආරක්ෂක අනෙකුත් විදේශ ප්‍රතිපත්තීන්ගෙන් අධීක්ෂණයෙන් හා නියාමනයෙන්  තොරව චීනයේ කිසිදු පුරවැසියකුට  කිසිදු ව්‍යාපාරකට කිසිදු රාජ්‍යයක  ක්‍රියාත්මක කිරීම සිදු නොවන ලෙස ගිවිසුම් නීති හා වෙනත් අණපනත් රෙගුලාසි සංශෝධනය විය යුතුය.


චීනයට සැබෑ ලෙස ආර්ථික වශයෙන් දුර්වල රාජ්‍යය තුල ආර්ථික හා යටිතල පහසුකම් සංවරධනය කර නගා සිටුවීමට අවශ්‍ය නම් වහාම කූට ක්‍රියාකාරකම් නවතාලනු.
එසේ නොවුනහොත් සියළු චීන භාණ්ඩ හා සේවා වර්ජනය නුදුරේ දී සිදු වීම සිදුවනු ඇත.


-------------------------------------------------------------------------
වර්ථමානයේ  ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යටත් කර චීන කූට නීති ඇතුළත් කර සම්මත කිරීමට සූදානම් වන පෝට්සිටි පනත වහාම හකුලා ගත යුතුය.


හම්බන්තොට වරාය  වහාම ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආර්ථික,  ආරක්ෂක හා අනෙකුත් විදේශ ප්‍රතිපත්තීන්ගෙන් අධීක්ෂණයෙන් හා නියාමනයෙන් තොරව චීනයේ චීනයේ අභිමතය අනූව ක්‍රියාත්මක කිරීම සිදු නොවන ලෙස ගිවිසුම යාවත්කාලීන විය යුතුය. 


ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය - පක්ෂ නායක/සභාපති
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2020 සැප්තැම්බර් 14  · 

 

සියළු ලෝක උරුම, අභයභූමි, ජාතික වනෝද්‍යානය, වනසංරක්ෂණ වනාන්තර, රැම්සා තෙත් බිම්, ආදී මෙකී නොකී සියලුම වන වටිනා කම් රැකීම සංරක්ෂණ කීරීම විනාශ වීම වැළැක්වීම සියළු ජනතාවගේ හා සත්ව ප්‍රජාවන්ගේ හුස්ම, සෙවන, සිසිලස, ආහාර, ජලය, වැස්ස, නිරෝගී බව  සුරක්ෂිත කිරීම බව තරයේ මතක තබා ගෙන කටයුතු කරමු.

 

ශාක ප්‍රජාව විනාශ කර දැමූ පසු මිහි මත කිසිදු ජීවයක් නොපවතින බව වටහා ගනිමු.

 

සියළු ජීවයේ උල්පත ශාක ප්‍රජාවවයි.

 

එළුවන්කුලම වන විනාශය සිදු වූයේ එක් රැයක් එක් දිනක් තුළ දීද ?

 

වනාන්තරය අක්කර පන්දහසක් බදු පදනම මත පාපතරයින් හට බදු දීමට කටයුතු කිරීම සිදු වූයේ කුමන කාලසීමාවක කුමන පාපතරයින්ද ?

 

මෙවැනි වන විනාශයක් සිදු කරන තුරු රාජ්‍යය නිලධාරීන් හා බලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරි කටයුතු කුමක්ද ?

 

වසර සිය ගණනක් මිනිස් ප්‍රජාව ඇතුළු සත්ව ප්‍රජාවන්ට ජීවත් වීමට හුස්ම ලබා දුන් මහා වනාන්තරය එක් මසක් තුළ හරිත වනයක් කිරීමට හැකි ද?

 

මෙවැනි වනාන්තර විනාශ කිරීම සිදු කරන තුරු අවට ප්‍රදේශ වල ජනතාව අන්ධ භාවයට පත් වී සිටින ලදී ද?

 

වහාම වගකිවයුතු නිලධාරීන් හා බලධාරීන් ඇතුළු වන සංහාරයට සම්බන්ධ වූ සියළු අයවළුන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුය.

 

ශ්‍රී ලංකාවේ වටිනාකම පවතින්නේ අපට ඇති වනාන්තර පද්ධතිය තුළින් ය.

 

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හා සත්ව ප්‍රජාවන්ට හුස්ම රැදෙන්නේද අපට ඇති වනාන්තර පද්ධතිය තුළින් ය.

 

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හා සත්ව ප්‍රජාවන්ට බීමට ජලය ලැබෙන්නේ අපට ඇති වනාන්තර පද්ධතිය තුළින් ය.

 

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හා සත්ව ප්‍රජාවන්ට ආහාරය ලැබෙන්නේ අපට ඇති වනාන්තර පද්ධතිය තුළින් ය.

 

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හා සත්ව ප්‍රජාවන්ට නිරෝගී බව ලැබෙන්නේ අපට ඇති වනාන්තර පද්ධතිය තුළින් ය.

 

එසේ නම් ජනතාවනි ! අපගේ වනාන්තර පද්ධතිය විනාශ වූ දින මිනිස් ප්‍රජාව ඇතුළු සියලුම සත්ව ප්‍රජාවන් විනාශ වන බව වටහා ගත යුතු හා සියළු වනාන්තරය රැක ගැනීමට ඇප කැප වී කටයුතු සිදු කරමු.

 

සියළු ලෝක උරුම, අභයභූමි, ජාතික වනෝද්‍යානය, 

වනසංරක්ෂණ වනාන්තර, රැම්සා තෙත් බිම්, ආදී මෙකී නොකී සියලුම වන වටිනා කම් රැකීම සංරක්ෂණ කීරීම විනාශ වීම වැළැක්වීම සියළු ජනතාවගේ හා සත්ව ප්‍රජාවන්ගේ හුස්ම, සෙවන, සිසිලස, ආහාර, ජලය, වැස්ස, නිරෝගී බව  සුරක්ෂිත කිරීම බව තරයේ මතක තබා ගෙන කටයුතු කරමු.

 

එසේ නම් ජනතාවනි ! කුමන හෝ බලවේයන්හට වන වටිනාකම් විනාශ කිරීමට ඉඩසලස්වන්නට එපා.

 

තව තවත් වන ග්‍රහණය වැඩි කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ වටිනාකම තවද වැඩි වන අතරම පිරිසිදු හුස්ම, පිරිසිදු ජලය, පෝෂ්‍යදායී ආහාර, නිරෝගීමත් බව, සිසිලස තව තවත් අපට ලැබෙනවා නිසැකවම.

 

ශාක ප්‍රජාව විනාශ කර දැමූ පසු මිහි මත කිසිදු ජීවයක් නොපවතින බව වටහා ගනිමු.

 

සියළු ජීවයේ උල්පත ශාක ප්‍රජාවවයි.

 

                                            

ස්තූතියි !

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

                                 · 2020 ජූනි 12  · 

 

දේපළ කල්බදු, රථ වාහන කල්බදු හා අනෙකුත් විවිධ වාරික ගෙවීම් සඳහා පසුගිය මාස හතරක කාලය (2020/03/01-2020/07/01) හා ඉදිරියට එක් මාසයක් (2020/07/01 - 2020/08/01) සදහා සියළුම පාරිභෝගිකයන් සඳහා ගිවිසුම් කාලය ඉදිරියට ගෙන  සහන කාලයක් ලබා දීම සිදු විය යුතුය.

 

ජල විදුලි බිල්පත් ගෙවීම් කාර්යාලය කුලී නවාතැන් පහසුකම් සදහා ගෙවීම් බැංකු ණය, රක්ෂණ වාරික ගෙවීම් ඇතුළුව සියළු ගෙවීම් සඳහා පාරිභෝගිකයන් සඳහා ඉහත සඳහන් සහනය ලබා දීම සිදු විය යුතුය. 

 

වාරික ගෙවීම් සඳහා නියමිත වාරිකය පමණක් එක් වාරිකයක් පමණක් ලබා ගැනීම සිදු විය යුතුය.

 

පසුගිය හිග වාරික සදහා කිසිදූ අමතර පොලියක් අය කිරීම සිදු නොවිය යුතුය.

 

මහ බැංකුවේ ලියාපදිංචි නැති සියළුම මූල්‍යමය ආයතන හා අනෙකුත් ගොඩ මූල්‍ය සපයනු ලබන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අවම වසර දහයක සිර දඬුවමක් ලබා දීම සඳහා විධිමත් ලෙස නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුය.

 

කල්බදු දේපළ පැහැරගැනීමට ලක්ව සිටින පාරිභෝගික අයවළුන් සදහා විශේෂ විධිමත් තොරතුරු එක් රැස් කිරීම තුළින් අදාල එම එම ආයතනයට විරුද්ධව නීතිමය පියවර ගෙන පාරිබෝගිකයන් සදහා වන්දි හා එම අයවළුන්ගේ දේපළ නැවත ලබා දීම සිදු විය යුතුය.

           

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

2020 සැප්තැම්බර් 16

 

සියලුම අධ්‍යාපන කොට්ඨාශ ආවරණය වන පරිදි දුෂ්කරතාවයන් සහිත සියලුම පාසැල් සොයා බලා එම පාසැල් ප්‍රතිසංස්කරණය, ගුරු පුරප්පාඩු පිරවීම, මාර්ග දුෂ්කරතා විසදීමට හා ප්‍රවාහන පහසුකම් ලබා දීම, අනෙකුත් ගැටළු විසඳීම සඳහා විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය.

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

 

2020 ජූනි 17  · 

ගුවන්තොටුපල විවෘත කිරීම වහාම නවතාලනු.

 

ගුවන්තොටුපල අනාරක්ෂිත ලෙස විවෘත කිරීම සිදු නොවිය යුතුය.

 

විදේශ රටවලින් පැමිණෙන සියලුම අයවළුන් තරාතිරම නොබලා නිරෝධායනය කිරීමෙන් පසු රට තුළට ඇතුළු කිරීම සිදු විය යුතුය.

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 2020 ජූනි 26 

 

කොවිඩ් පරදා ලෝකය  යාවත්කාලීන කරමු..

 

වර්තමානයේ කොරෝනා වෛරස් ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට ලෝක බලවතුන් විසින් ක්‍රියාත්මක ක්‍රියා කලාපය කනගාටු දායක බව පැහැදිලිය.

 

වර්තමාන තත්වය හමුවේ ජනතාවගේ ආහාර අවශ්‍යතා හා අනෙකුත් මූලික අවශ්‍යතා, රැකියා අහිමිවීම් සංචාරක කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත  බිදවැටීම් පිළිබඳ කිසිදු වගකීමකින් තොරව ලෝක බලවතුන් හා රාජ්‍යය පාලක වගකිවයුතු නිලධාරීන්, බලධාරීන්ගේ ක්‍රියාකලාප   පිළිබඳ දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු.

 

කොවිඩ් පරදා ලෝකය  යාවත්කාලීන කරමු..

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ




 

 

 

  2020 ජූලි 15  · 

 

කොවිඩ් 19 වෛරසය තුරන් කරමු.

 

කොවිඩ් 19 වෛරසය ආසාධිත අයවළුන් එක් දිස්ත්‍රික්කයක එක් ප්‍රදේශයකට සීමා කර ප්‍රතිකාර කිරීම හා සුව වූ පසුවද සාමාන්‍ය සමාජයට මුදා හැරීම සිදු නොකර සුව වූ අයවළුන් එක් ප්‍රදේශයක සීමා සහිතව ඔහුන්ගේ කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව කිසිදු හානිදායක තත්වයක් උද්ගත නොවන පරිදි  කොවිඩ් 19 වෛරසයේ සෑබෑ ස්වභාවය හදුනාගන්නා තුරු පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය.

 

වෛරස ආසාදන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දායක වන සියලුම අයවළුන් සාමාන්‍ය ජනසමාජයට නිරෝධායනය කිරීමෙන් පසු  මුදා හැරීම සිදු විය යුතුය.

 

කොවිඩ් වෛරසය ආසාධිත හා නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා රෝගීන් අයවළුන් සම්බන්ධ ව කටයුතු කරන සියලු අයවළුන් නිරෝධායන ක්‍රියාවලිය යටතේ පමණක් සාමාන්‍ය ජන සමාජයට මුදා හැරීම සිදු විය යුතුය.

 

නිරෝධායන ක්‍රියාවලිය යටතේ හැර වෙනත්  කිසිදු ආකාරයකින් රටතුළට වෙනත් කිසිදු විදෙස් රටවලින් ඇතුළු වීම.

 

සම්පුර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු සිදු විය යුතුය.

 

කොවිඩ් 19 වෛරසය තුරන් කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 2020 ජූලි 20  · 

 

වර්තමානයේ වියළි කහකුඩු  වෙළද පොළ තුළ හිගයක් පවතින අතර එයට හේතුව සොයා බැලීම හා වහාම විසදුම් ලබාදීම සිදු විය යුතුය.

 

වියළි කහකුඩු වලට විවිධ අහිතකර ද්‍රව්‍ය කලවම් කර වෙළදපල තුළ විකිණීමට කටයුතු කරන වෙළදුන් වහාම අත්අඩංගුවට ගැනීම හා අවම මාස හයක සිරදඬුවම් ලබා දීම සඳහා කටයුතු සිදු විය යුතුය.

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කිසිදු ආකාරයකින් දඩ මුදල් අයකිරීම කින් තොරව සියලු වරද කරුවන් සඳහා  ඔහුන්ගේ  වෙළද ව්‍යාපාර මුදා තැබීම, නැවත එම එම සියළු වරද කරුවන් හට වෙලදාම් තහනම් කරීම, සිර දඬුවමෙන් පමණක් දඩුවම් නියම කිරීම දේපල රාජ්‍යය සන්තත කිරීම, සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කරවා විධිමත් හා ක්‍රමවත්ව පවත්වාගෙන යාම සිදු විය යුතුය.

 

සියලුම වෙළද ව්‍යාපාර වැරදි සදහා දඩ මුදල් අයකිරීම තොරව වෙළඳ පොළ තුළ පාරිභෝගික අහිතකර සියළු වෙළද ව්‍යාපාර අයවළුන් වෙළදපල සමාජය තුළින් ඉවත් කිරීමට තරාතිරම නොබලා කටයුතු කිරීම සඳහා කටයුතු පවත්වාගෙන යාම සිදු විය යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 සැප්තැම්බර් 4

 


 

 ගිනි ගනිමින් පවතින බොර තෙල් නෞකාව නිවා දැමීමට ගත හැකි සියළු පියවරයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර සාගර පරිසර පද්ධතිය රැක ගැනීමට සියලු විදේශීය පාර්ශවකරුවන් සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාසය පළ කරමු.

 

 මුහුදු ජලයට බොර තෙල් එකතු වීම යම් ආකාරයකින් එකතු වුවහොත් නැවත ඉවත් කිරීමට අවශ්‍ය කරන ලබන සියළු උපකරණ හා නාවුක යාත්‍රා අවශ්‍ය ප්‍රමාණයට ස්ථාන ගත කර තැබීම සඳහා විදේශීය හිතමිතුරු රාජ්‍යයන් ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරමු. 

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ




 

 

    2020 සැප්තැම්බර් 19  · 

 

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් මුහුදු මට්ටමේ සිට මීටර් පනහට අඩු පහත් බිම් මුහුදු ජලයෙන් යටවීම ඉදිරි දශක කිහිපය තුළ සිදු විය හැකිය.

 

ශ්‍රී ලංකාවේ යාපන අර්ධද්වීපයේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් ඇතුළුව ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශ විශාල ප්‍රමාණයක් මෙම මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් යටවීම සිදු විය හැකිය.

 

මෙම තත්ත්වය උදා වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අසීමිත මිනිස් පරිභෝජනයට භාණ්ඩ නිෂ්පාදනය සදහා වායු ගෝලයට විෂ වායු හා තාප අවශෝෂක වායු  නිකුත් කිරීම තුළින් ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන්  අසීමිත ලෙස  ධැව ස්කන්ධ දියවීම, හිම කදු දියවීම, ග්ලැසියර දිය වීම ප්‍රධාන වශයෙන් හා පාංශු ඛාදනය හේතුවෙන් ගොඩබිම වැලි අධික ලෙස මුහුදු පතුලේ තැන්පත් වීම ද පෙන්වා දීමට හැකිය.

 

තවද මෙම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් නියගය අතිවීම, උග්‍ර පානීය ජලය හිඟ වීම, ලැව් ගිනි ඇතිවීම, විවිධාකාර රෝග ඇති වීම ද පෙන්වා දීමට හැකිය.

 

විසදුම් ලෙස 

 

1, කාබන්ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සිඩ්  සහ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් විෂ  වායු අධික ලෙස වායුගෝලයට මුදා හැරීම වැළැක්වීම.

 

2, විෂ වායු හා තාප අවශෝෂක වායු  නිෂ්පාදන භාණ්ඩ භාවතය  හා නිෂ්පාදනය තහනම් කරීම.

 

3, අපිරිසිදු වායු හා තාප අවශෝෂක වායු සිසිලන පිරිපහදු පද්ධතියක් තුළින් වායු ගෝලයට නිකුත් කිරීම.

 

4, සීමා සහිත පරිභෝජනය.

 

5, නිෂ්පාදන භාණ්ඩ නැවත නැවත භාවිතයට ගැනීම.

 

6, පාංශු ඛාදනය අවම කිරීම.

 

7, පරිසර හිතකාමී විදුලි නිෂ්පාදනය.

 

8, මුහුදු ජල මට්ටම පහළට හෙලීමේ විද්‍යාත්මක ක්‍රම සෙවීම.

 

9, ගොඩබිම කදු හා ගල් කදු අසීමිත ලෙස සමතලා කිරීම වැලැක්වීම.

 

10, සූර්ය බලශක්තිය වැඩි වශයෙන් භාවිතා කිරීම.

 

11, වන ග්‍රහණය වැඩි කිරීම.

 

12, වනාන්තරය විනාශ කිරීම නවතා දැමීම.

 

ගෝලීය වශයෙන් සිදු කිරීම විසදුම් ලෙස පෙන්වා දීමට හැකිය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

                                          2020 ඔක්තෝබර් 1  

· 

ලෝක ළමා හා වැඩිහිටි  දිනය වෙනුවෙන් 

 

දරුවන් යහපත් හෝ අයහාපත් පුරවැසියකු ලෙස සමාජගතවන්නේ එම දරුවන් හැදෙන වැඩෙන පව්ල්, පාසැල්, ආගමික, සමාජ, පරිසයරය මත බව වටහාගෙන යහපත් ආදර්ශමත් ලෙස තම තම පව්ල්, පාසැල්, ආගමික, සමාජ ක්‍රියාකාරකම් යහපත් කරවීමට කටයුතු කරමු.

 

"ලෝක ළමා දිනය" දිනකට පමණක් සීමා නොකර උදා වන සෑම දිනක්ම ළමා දිනය ලෙස සලකා,

 

වර්තමානයේ ළමුන් සඳහා තම නිවස,පාසල, හා වෙනත් ඕනෑම ස්ථානයක ළමා හිංසනය, පීඩනය, ළමා අපචාර, අනාරක්ෂිත බව වලක්වාලීමට කටයුතු සිදු කිරීම තුළින්,

 

පිරිපුන් බුද්ධිමත් සමෘද්ධිමත් දරුවන් පිරිසක් ලොවට දායාද කිරීම තුළින්,

 

ඒකීය එක්සේසත් ලෝකය  යහපත්  කිරීම සදහා,

නිසි මාවත් ඔස්සේ ගමන් කිරීමට අවශ්‍ය ආදරය, සෙනෙහස, රැකවරණය, පෝෂණය, අධ්‍යාපනය සීමා රහිතව ලබා දී,

අනාගතයේ දී ලොව සෑම තැනකම සාමය සතුට සෞභාග්‍යය සමෘද්ධිය සපිරුණු මනුෂත් බව රජයන ජන සමාජයක් ගොඩ නැගීම උදෙසා වෙහෙස වෙමු.

 

උදා වන සෑම දිනක්ම ළමා සතුට සාමය පෝෂණයෙන් සමෘද්ධිමත් වේවා..!

 

"එකමුතු කම සවිය වේ"

 

ළමා මනස තුළ යහපත් අයහාපත් සිතුවිලි වර්ධනය කිරීම සඳහා පවුල් ඒකකය, පාසල, සමාජය, ජන මාධ්‍, සමාජ මාධ්‍ය ය ජාල වර්ථමානයේ බෙහෙවින් වැදගත් වේ.

 

තම තම පවුල් ඒකකය තුළ ළමා මනස විකෘති කිරීම සඳහා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය, වෛරී ප්‍රකෝපකාරී වැඩිහිටි අසෝබන හැසිරීම් තුළ හැදී වැඩෙන දරුවන් වැඩි ප්‍රතිශතයක් තරුණ අවධිය වන විට සමාජ හානිදායක විෂමාචාර සමාජයකට මග පෑදිමට හේතු වේ.

 

වර්තමාන  ප්‍රමිතියකින් තොර වූ අධ්‍යාපන ආයතනය හේතුවෙන් හා ප්‍රමිතියකින් තොර උපකාරක පන්ති ගුරුවෘතියටද කැළලක් වන අයවළුන් හේතුවෙන් දැඩි ලෙස ළමා  සමාජය විෂමාචාර  හා සමාජ හානිදායක තත්වයක් උද්ගත වීමට හේතු වේ.

 

වෙනත් පුද්ගලික පාසැල් වලින් හා මුස්ලිම් ළමුන් සඳහා පවත්වාගෙන යනු ලබන යම් යම් පාසල් තුළින් සමාජ හානිදායක විෂමාචාර වෛරී සමාජයක් නිර්මාණය කිරීම සිදු වේ.

 

ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල යම් යම් ක්‍රියාකාරකම්  හේතුවෙන් දරුවන් දැඩි ලෙස විෂමාචාර විකෘති සමාජ හානිදායක තත්වයක් උද්ගත කිරීම සිදු වේ.

 

ලෝකයට විශාල සේවයක් ඉටු කර වැඩිහිටි වියට පැමිණි ජනයාට  ආදරය,රැකවරණය, පෝෂණය  නොවඩුව ලබා දී ලෝක වැඩිහිටි ජනගහනයට සතුටින් පිරි ජීවිතය ගත කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීම අපගේ ගෞරවනීය වගකීම යුතුකම වේ.

 

මව් කුස තුළින් බිලිදෙක්ව උපන් ක්‍රමක් ක්‍රමයෙන් ළමා විය,  තරුණ විය,  තරණ මැදි විය, මැදි විය, වැඩිහිටි විය, මහළු වැඩිහිටි විය කාල සීමාවන් පසුකරන මිනිසා කුසළ අකුසල කර්ම විපාක අනුව නැවත තම තම කර්ම විපාක වල යහපත් අයහපත් ප්‍රතිඵල අනුව නැවත මනුෂ්‍ය, දේව, යක්ෂ, තිරිසන්, අමනුෂ්‍ය, ප්‍රේත භවයක උපදින බව වටහාගෙන තම තම ළමා විය,  තරුණ විය,  තරණ මැදි විය, මැදි විය, වැඩිහිටි විය, මහළු වැඩිහිටි  යහපත් සාධාරන ලෙස ගත කිරීමට කටයුතු කිරීම යහපත් සමාජයකට ඉවහල් වේ.

 

දරුවන් යහපත් හෝ අයහාපත් පුරවැසියකු ලෙස සමාජගතවන්නේ එම දරුවන් හැදෙන වැඩෙන පව්ල්, පාසැල්, ආගමික, සමාජ පරිසයරය මත බව වටහාගෙන යහපත් ආදර්ශමත් ලෙස තම තම පව්ල් පාසැල් ආගමික සමාජ ක්‍රියාකාරකම් යහපත් කරවීමට කටයුතු කරමු.

  

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

දම් සිසිල ගලනා පිං බර පොසොන් පොහොය..

 

 මානව ප්‍රජාව මිහිතලය මත ආරම්භයේ සිටම අල්ප වශයෙන් හෝ යම් යම් විශ්වාස ඇදහිලි තුලින් යහපත් අයහපත් මානව ජීවිකාවෙන් පැවති එන මානව වර්ගයා වර්ථමානයේ දී ස්වභාව ධර්මයට විරුද්ධව නැගී සිටී හෙයින් ස්වභාව ධර්මය මිනිස් ප්‍රජාවට විරුද්ධව නැගී සිටීම සිදු වන බව වටහාගත යුතුය.

 

 වසර මිලියන 12.5කට වඩා  පෞඩ ඉතිහාසයක් හිමි කම් කියන සිංහල දේශයේ සිංහල ජනතාව ආහාරය, ඖෂධය, සිසිලස, හුස්ම ලබා දෙන ශාක රුක්ෂයන්ට පුද සත්කාර කිරීම ද විශ්වයේ ශක්තිය එක්තැන් වන බව වටහාගත් සිංහල දේශයේ ජනයා විශාල පර්වත ද වන්දනා මාන කිරීමට පුරුදුව සිටියේය.

 

 මෙවන් සමාජ වාතාවරණයක් තුළ ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දර්ශනය සිංහල දේශයේට සිංහල ජන සමාජයට එකතුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භ විය.

 

 සංසාර භව ගමන, අටලෝ දහමෙන් කම්පා නොවී අවිහිංසාවෙන් යහපත් සමාජයක යතාර්ථය පෙන්වා දෙන ලෞකික සැපයෙන් ලෝකෝත්තර සැපයට එයින් නිවනට පත්වීම වැනි ගැඹුරු අර්ථයක්  සහිත දර්ශනයක් වන බෞද්ධ දර්ශනය සිංහල දේශයේ  ජනී ජනයාගේ හිතසුව පිණිස හේතු විය.

 

"අතීතයේ"

 

ජලය පූජනීයත්වයෙන් සැලකීමෙන් පුද සත්කාර කළ මානවයන් ඇළ දොළ ගංගා වව් අමුණු සාගරය අපවිත්‍ර නොකළේය.

 

ජලයෙන් මානව ප්‍රජාවට  කිසිදු ආකාරයකින් හානි දායක තත්වයක් උද්ගත නොවිය.

 

වායු ගෝලයට සුවද  මල්  සුවඳ දුම් වලින් පුද සත්කාර කළ මානවයන් වායු ගෝලය අපිරිසිදු කිරීම සිදු නොකළේය.

 

 වායුගෝලයෙන් මානව ප්‍රජාවට කිසිදු ආකාරයකින් හානි දායක තත්වයක් උද්ගත නොවිය.

 

ආහාර ඖෂධ හුස්ම සිසිලස ලබා දෙන ශාක රුක්ෂයන්ට පුද පූජා සත්කාර කළ මානවයන් පූජනීයත්වයෙන් සළකා මිය යන ශාක කොටස් තම තම අවශ්‍යතා සපුරා ගැනීම මගින් ශාක ප්‍රජාව පූජනීයත්වයෙන් ආරක්ෂා කරන ලදී.

 

ශාක ප්‍රජාවෙන් මානව  ප්‍රජාවට කිසිදු ආකාරයකින් හානි දායක තත්වයක් උද්ගත නොවිය.

 

ඉර හඳ තාරකා පූජනීයත්වයෙන් සළකා එයින් යහපත් විශ්ව ශක්තියක් ආරෝපණය වන පර්වත වන්දනා මාන කිරීමට පුරුදුව සිටියේය.

 

ඉර හද තාරකා  තුලින් පෘථිවි වැසියන් ට විශ්ව ශක්තියක් ආරෝපණය වන බව වටහාගත් ජනයා සූර්ය නමස්කාරය සෑම උදයකම සිදු කිරීමට පුරුදුව සිටියේය.

 

========================================

 

"වර්තමානයේ"

 

 හිත් පිත් නැති බොහෝ මානව ප්‍රජාව ඇළ දොළ ගංගා වව් අමුණු සාගරය අපවිත්‍ර කිරීම සිදු කරයි.

 

 විවිධ රෝග වලට ගොදුරු විය, ආයු අපේක්ෂාව අවම වීමට හේතු වි, බොහෝමයක් ජලජ ජීවින් විනාශ වේ, මානව, සත්ව, ශාක ප්‍රජාවට අහිතකර ලෙස බලපෑම සිදු වේ..

 

 පටු ව්‍යාපාර අරමුණු අනවශ්‍ය පරිභෝගික පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වායු ගෝලය අපිරිසිදු කිරීම සිදු කරයි.

 

 නොයෙකුත් ස්වසන රෝග, ආයු අපේක්ෂාව අවම වීම වැනි බෝහෝමයක් පාරිසරික සමතුලිතතාව බිද වැටීම, ගෝලීය උණුසුම ඉහළ නැංවීම නිසා මානව ප්‍රජාව, සත්ව ප්‍රජාව ශාක ප්‍රජාවට අහිතකර ලෙස බලපෑම සිදු වේ.

 

 විශාල වශයෙන් ශාක ප්‍රජාව විනාශ කිරීම මගින් වන ග්‍රහණය අවම කිරීම සිදු කරයි.

 

ස්වභාවික ආහාර, ඖෂධ, සිසිලස, හුස්ම ගැනීමට පිරිසිදු වාතය ස්වභාවික අවම වීම ගෝලීය උණුසුම ඉහළ නැංවීම සිදු වේ.

 

ඉර හඳ තාරකා ව්‍යපාරය ක් වී හදහන පොරොන්දම් ගැලපීම ලග්න පලාපල වැනි  අනාවැකි ප්‍රකාශ කරයි.

 

මානව ප්‍රජාව විකෘති ජන සමාජයට මග පාදයි

 

  පස් පවින් වැළකී අටලෝ දහමෙහි කම්පා නොවී කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් අවිහිංසාවෙන් යහපත් මානව ප්‍රජාවට ජ්‍යොතිෂය විද්‍යාව තුළින් පෙන්වා දෙන විශ්වයේ යහපත් ශක්තිය ආරෝපණය වේ, ග්‍රහ අපල බල පාන්නේ නොමැත.

 

 පස් පවේ නියැලී අටලෝ දහමෙහි කම්පා වී පාප මිත්‍ර ඇසුරෙන් හිංසාවෙන් අයහපත් මානව ප්‍රජාවට ජ්‍යොතිෂය විද්‍යාව තුළින් පෙන්වා දෙන විශ්වයේ අයහපත් ශක්තිය ආරෝපණය වේ, ග්‍රහ අපල බල පෑම ඇත.

 

=============================

 

මානව සත්ව ශාක ප්‍රජාවෙහි පදනම මිහිතලය වේ.

 

මානව ක්‍රියාකාරකම් යහපත් වන්නේ නම් මිහිතලය පැවැත්ම යහපත් වේ.

 

මානව ක්‍රියාකාරකම් අයහපත් වන්නේ නම් මිහිතලය පැවැත්ම අයහපත් වේ.

 

 බෞද්ධ දර්ශනය කර්ම විපාක මත පදනම්ව ගොඩ නැගී ඇති ශ්‍රේෂ්ඨ වූ යහපත් ජන සමාජයක් නිර්මාණය සඳහා ඉවහල් වන දර්ශනයකි.

 

 වර්ථමානයේ බෞද්ධ දර්ශනය තුළින් පෝෂණය වන වසර මිලියන 12.5 වැඩි පැරණි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සිංහල දේශයේ ජනයා බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දෙන නිවන් මගෙහි ගමන් කිරීමට වර්ථමානයේ ජන සමාජය තුළ ඇති හැකියාව හා එහි නියලීමට යහපත් වන්නේ ද ?

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 


 

2020 ජූනි 9  · 

 

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර නැවත ආරම්භ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කරවා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය.

 

විදේශ සංචාරක කර්මාන්තය සදහා විශේෂ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනය කර මුදල් ගෙවා නිරෝධායනය වීමට කැමති සංචාරක අයවළුන් ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ නිරෝධායනය කර සංචාරය සඳහා රට තුළට ඇතුළු කිරීම සිදු විය යුතුය.


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 ජූනි 7  · 

විදේශ රටවලින් පැමිණෙන සියලුම අයවළුන් තරාතිරම නොබලා නිරෝධායනය කිරීමෙන් පසු රට තුළට ඇතුළු කිරීම සිදු විය යුතුය.

 

ඇමරිකානු රාජ්‍ය නියෝජිතයකු නිරෝධායන නීති උල්ලංගනය කරමින් රට තුළට ඇතුළු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ වගකිවයුතු සියළු අයවළුන් සදහා නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුය.

 

විදේශ රටවලින් පැමිණෙන සියලුම අයවළුන් ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පමණක් නිරෝධායනය කර රට තුළට ඇතුළු කිරීම සිදු විය යුතුය.

 

කිසිදු ආකාරයකින් හෝටල් හෝ වෙනත් ස්ථාන තුළ නිරෝධායනට ලක් කිරීමට ඕනෑම තරාතිරම අයකු අනාරක්ෂිත ලෙස රට තුළට ඇතුළු කිරීම සිදු නොවිය යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ


 

 

2020 ජූනි 5  · 

 

දම් සිසිල ගලනා පිං බර පොසොන් පොහොය.. මංගල්‍යයක් වෙිවා..!

 

 මානව ප්‍රජාව මිහිතලය මත ආරම්භයේ සිටම අල්ප වශයෙන් හෝ යම් යම් විශ්වාස ඇදහිලි තුලින් යහපත් අයහපත් මානව ජීවිකාවෙන් පැවති එන මානව වර්ගයා වර්ථමානයේ දී ස්වභාව ධර්මයට විරුද්ධව නැගී සිටී හෙයින් ස්වභාව ධර්මය මිනිස් ප්‍රජාවට විරුද්ධව නැගී සිටීම සිදු වන බව වටහාගත යුතුය.

 

 වසර මිලියන 12.5කට වඩා  පෞඩ ඉතිහාසයක් හිමි කම් කියන සිංහල දේශයේ සිංහල ජනතාව ආහාරය, ඖෂධය, සිසිලස, හුස්ම ලබා දෙන ශාක ප්‍රජාවට  පුද සත්කාර කිරීම, විශ්වයේ ශක්තිය එක්තැන් වන බව වටහාගත් සිංහල දේශයේ ජනයා විශාල පර්වත ද වන්දනා මාන කිරීම, ජලය පූජනීයත්වයෙන් සැලකීමෙන් පුද සත්කාර කිරීම, වායු ගෝලයට  පුද සත්කාර කිරීමට  පුරුදුව සිටියේය.

 

 මෙවන් සමාජ වාතාවරණයක් තුළ ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දර්ශනය සිංහල දේශයේට සිංහල ජන සමාජයට එකතුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භ විය.

 

 සංසාර භව ගමන, අටලෝ දහමෙන් කම්පා නොවී අවිහිංසාවෙන් යහපත් සමාජයක යතාර්ථය පෙන්වා දෙන ලෞකික සැපයෙන් ලෝකෝත්තර සැපයට එයින් නිවනට පත්වීම වැනි ගැඹුරු අර්ථයක්  සහිත දර්ශනයක් වන බෞද්ධ දර්ශනය සිංහල දේශයේ  ජනී ජනයාගේ හිතසුව පිණිස හේතු විය.

 

"අතීතයේ" පරිසරය පූජනීයයි..

 

ජලය පූජනීයත්වයෙන් සැලකීමෙන් පුද සත්කාර කළ මානවයන් ඇළ දොළ ගංගා වව් අමුණු සාගරය අපවිත්‍ර නොකළේය.

ජලයෙන් මානව ප්‍රජාවට  කිසිදු ආකාරයකින් හානි දායක තත්වයක් උද්ගත නොවිය.

 

වායු ගෝලයට  පුද සත්කාර කළ මානවයන් වායු ගෝලය අපිරිසිදු කිරීම සිදු නොකළේය.

 

 වායුගෝලයෙන් මානව ප්‍රජාවට කිසිදු ආකාරයකින් හානි දායක තත්වයක් උද්ගත නොවිය.

 

ආහාර ඖෂධ හුස්ම සිසිලස ලබා දෙන ශාක රුක්ෂයන්ට පුද පූජා සත්කාර කළ මානවයන් පූජනීයත්වයෙන් සළකා මිය යන ශාක කොටස් තම තම අවශ්‍යතා සපුරා ගැනීම මගින් ශාක ප්‍රජාව පූජනීයත්වයෙන් ආරක්ෂා කරන ලදී.

 

ශාක ප්‍රජාවෙන් මානව  ප්‍රජාවට කිසිදු ආකාරයකින් හානි දායක තත්වයක් උද්ගත නොවිය.

 

ඉර හඳ තාරකා පූජනීයත්වයෙන් සළකා එයින් යහපත් විශ්ව ශක්තියක් ආරෝපණය වන පර්වත වන්දනා මාන කිරීමට පුරුදුව සිටියේය.

 

ඉර හද තාරකා  තුලින් පෘථිවි වැසියන් ට විශ්ව ශක්තියක් ආරෝපණය වන බව වටහාගත් ජනයා සූර්ය නමස්කාරය සෑම උදයකම සිදු කිරීමට පුරුදුව සිටියේය.

========================================

"වර්තමානයේ"  පරිසරය අපේ හතුරෙකි..?

 හිත් පිත් නැති බොහෝ මානව ප්‍රජාව ඇළ දොළ ගංගා වව් අමුණු සාගරය අපවිත්‍ර කිරීම සිදු කරයි.

 

 විවිධ රෝග වලට ගොදුරු විය, ආයු අපේක්ෂාව අවම වීමට හේතු වි, බොහෝමයක් ජලජ ජීවින් විනාශ වේ, මානව, සත්ව, ශාක ප්‍රජාවට අහිතකර ලෙස බලපෑම සිදු වේ..

 

 පටු ව්‍යාපාර අරමුණු අනවශ්‍ය පරිභෝගික පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වායු ගෝලය අපිරිසිදු කිරීම සිදු කරයි.

 

 නොයෙකුත් ස්වසන රෝග, ආයු අපේක්ෂාව අවම වීම වැනි බෝහෝමයක් පාරිසරික සමතුලිතතාව බිද වැටීම, ගෝලීය උණුසුම ඉහළ නැංවීම නිසා මානව ප්‍රජාව, සත්ව ප්‍රජාව ශාක ප්‍රජාවට අහිතකර ලෙස බලපෑම සිදු වේ.

 

 විශාල වශයෙන් ශාක ප්‍රජාව විනාශ කිරීම මගින් වන ග්‍රහණය අවම කිරීම සිදු කරයි.

 

ස්වභාවික ආහාර, ඖෂධ, සිසිලස, හුස්ම ගැනීමට පිරිසිදු වාතය  අවම වීම ගෝලීය උණුසුම ඉහළ නැංවීම සිදු වේ.

ඉර හඳ තාරකා ව්‍යපාරය ක් වී හදහන පොරොන්දම් ගැලපීම ලග්න පලාපල වැනි  අනාවැකි ප්‍රකාශ කරයි.

 

මානව ප්‍රජාව විකෘති ජන සමාජයට මග පාදයි

  පස් පවින් වැළකී අටලෝ දහමෙහි කම්පා නොවී කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් අවිහිංසාවෙන් යහපත් මානව ප්‍රජාවට ජ්‍යොතිෂය විද්‍යාව තුළින් පෙන්වා දෙන විශ්වයේ යහපත් ශක්තිය ආරෝපණය වේ, ග්‍රහ අපල බල පාන්නේ නොමැත.

 

 පස් පවේ නියැලී අටලෝ දහමෙහි කම්පා වී පාප මිත්‍ර ඇසුරෙන් හිංසාවෙන් අයහපත් මානව ප්‍රජාවට ජ්‍යොතිෂය විද්‍යාව තුළින් පෙන්වා දෙන විශ්වයේ අයහපත් ශක්තිය ආරෝපණය වේ, ග්‍රහ අපල බල පෑම ඇත.

 

=============================

මානව සත්ව ශාක ප්‍රජාවෙහි පදනම මිහිතලය වේ.

 

මානව ක්‍රියාකාරකම් යහපත් වන්නේ නම් මිහිතලය පැවැත්ම යහපත් වේ.

 

මානව ක්‍රියාකාරකම් අයහපත් වන්නේ නම් මිහිතලය පැවැත්ම අයහපත් වේ.

 

 බෞද්ධ දර්ශනය කර්ම විපාක මත පදනම්ව ගොඩ නැගී ඇති ශ්‍රේෂ්ඨ වූ යහපත් ජන සමාජයක් නිර්මාණය සඳහා ඉවහල් වන දර්ශනයකි.

 

 වර්ථමානයේ බෞද්ධ දර්ශනය තුළින් පෝෂණය වන වසර මිලියන 12.5 වැඩි පැරණි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සිංහල දේශයේ ජනයා බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දෙන නිවන් මගෙහි ගමන් කිරීමට වර්ථමානයේ ජන සමාජය තුළ ඇති හැකියාව හා එහි නියලීමට යහපත් වන්නේ ද ?

 

දම් සිසිල ගලනා පිං බර පොසොන් පොහොය.. මංගල්‍යයක් වෙිවා..!

 

පරිසරය පූජනීයයි..


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මැයි 29  · 

 

ජනතා ධනය ශ්‍රමය දූෂණය වීම වලක්වා ගනිමු .

 

ශ්‍රී ලංකා ඛණිජ තෙල් ගභඩාව ත්‍රීකුණාමලය, නැවත ප්‍රතිසංස්කරණය කර ජාතික ආර්ථිකයට නව ශක්තියක් එක් තරමු. 


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මැයි 23  · 

 

ගොවිජන කෘෂි බෝග නිෂ්පාදනය සඳහා අවශ්‍ය  පොහොර ලබා දීම සිදු විය යුතුය.

 

සියලුම ප්‍රදේශ සදහා පහසුවෙන් ගොවි ජනතාවට ලබා ගැනීමට ඉතා සහනදායී මිලකට අහිතකර නොවන පොහොර ලබා දීම සිදු විය යුතුය.

 

භාවිතායේ දී ආහාර වලට වස විස මුසු වන පොහොර භාවිතය තහනම් කරීමට කටයුතු සිදු විය යුතුය.

 

ගුණාත්මක සෞඛ්‍යය ආරක්ෂිත ආහාර නිෂ්පාදනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවි ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් ලබා දීම සිදු විය යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ


 

 

2020 මැයි 18  · 

 

අද සිට ඈත අතීතයකට ගිය පසු මීට වසර එක් ලක්ෂ තිස් දහසකට පෙර සිට පැවත එන හෙළ සිංහලය වරින් වර නොයෙකුත් ආකාරයේ යුද්ධයන් හමුවේ ආ ගමනේ නුදුරු අතීතයේ දී නිමා වූ රුදුරු ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙන විජයග්‍රහණයේ සැමරුම අභිමානයෙන් සමරමු.

 

මානවයන් මීට වසර මිලියන ගණනාවක් මුළුල්ලේ මිහිතලය මත පදනම් වී පැවත එන වර්ථමාන මානවයා නොයෙක් භාෂා, ආගම්, දර්ශන,  විශ්වාස, මතින් ගොඩනැගුණු සංස්කෘති වලන් පිරුණු අලංකාර මානව ජන සමාජයක් වූ මිහිතලය මත එකම ලේ නෑ කමක් හිමිකම් ඇත්තාවු විය යුතු යැයි නොරහසකි.

 

එකම වා තලයේ හුස්ම ගන්න, හුස්ම පිට කරන, එකම පොලෝ තලයේ පය ගසන එකම ඉර එලියෙන් ජීවය ගලා යන, එකම සද එලියෙන් සිසිලස ලබා ගන්නා මානව නොහොත් මනස උසස් මිනිසා  ත්‍රස්තවාදය පෙරටු කොට යුධ වැද  ලබන්නේ ජයග්‍රහණයක් නොව පරාජයක් පමණි.

 

අප ලෝ වැසියන් ලෙස ජයග්‍රහණය කල යුතු යුධයන් කිහිපයක් ඇත වායු, ජල, ශිලා ගෝලයන් මිනිස් ප්‍රජාවට ජීවය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයට සීග්‍රයෙන් දූෂණය වෙමින් පවතින යුද්ධය, සමාජ අහිතකර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය බෙදාහැරීම භාවිතය, සොරකම්, වංචා, ජනතා ශ්‍රම මූල්‍ය දූෂණ යුද්ධය අවසන් කිරීමට සියළු මානව ප්‍රජාව එකාවන්ව කටයුතු කිරීමට කාලය එළඹ ඇත.

 

එකම අහසක සෙවන ලබන මානවයන් ඈත අතීතයේ සිටම ස්වභාව ධර්මය අදහා ඉරට සදට තාරකාවන් ට ගහට කොළට වා තලයට පුද සත්කාර කළ මානවයන් ස්වභාව ධර්මයට අනුකූලව මානව වර්ගයා පවත්වාගෙන ඒම සිදු විය.

 

 නිරෝගී සම්පත්තිය උදා කර ගැනීමට  විවිධ ක්‍රම ශිල්පයන් මගින් පර්යේෂණ මගින් පරම්පරා ගණනාවක් මුළුල්ලේ විවිධ නව ජීවන රටා ප්‍රගුණ කළ මානවයන් වර්ථමානයේදී අන්ධව කටයුතු කිරීම තුළින් නොයෙකුත් ආකාරයේ රෝග ගණනාවක් මුල් කරගෙන එම එම රෝග තුළ ව්‍යාප්තව ඇති කර ගනිමින් එම එම රෝගී විනාශ කිරීමට වඩා එයින් යැපී ඒ මතම ජීවිකාව රැගෙන යාම නොව අප පෙර මුතුන්මිත්තන් අපට දායාද කළ මානව ප්‍රජා ජන සමාජය නැවත වර්ථමාන ජනසමාජයට ගලපා ගැනීමට කාලය උදාවී ඇත.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මැයි 12  · 

 

හෙද හෙදියනි ! 

 

 රෝගීන් සුවපත් කරන්න අපිරිමිත කැපකිරීම් වලින් සමන්විත හෙද පරිපුරක වර්ථමානයේ ඔබ මිල කල නොහැකි සේවයක් ඉටු කරන හෙද හෙදියන් දේශයට සම්පතකි.

 

 නිදහස් සෞඛ්‍යය සේවය ලාභය අරමුණු කරගත් ව්‍යාපාර බවට පත් කරමින් පවතින කාල වකවානුවකදී,

 රෝගීන්ගේ රෝගී වේදනාව තුලින් මූල්‍ය ලාභය සැලසුම් කරන කාලවකවානුවකදී, 

 

 හෙද හෙදියනි !  සෞඛ්‍යය සම්පන්න ජන සමාජයක්, නීරෝගී ජනතාවක්, නිදහස් සෞඛ්‍යය සේවාවක් වෙනුවෙන් ඔබ ඔබේ අමිල සේවයෙන් නිර්මාණය කිරීමට ඇප කැප වීමෙන් නිර්මාණය වනු නියතය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 2020 මැයි 11  · 

 

ජාතික ආර්ථිකයට වර්ථමාන කාල වකවානුව තුල දැඩි බලපෑමක් ඇති වී පවතී.

 

පක්ෂ විපක්ෂ රාජ්‍යය පුද්ගලික හා මහා පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාර හා සමාජ සියළු පාර්ශවයන් ආවරණය වන පරිදි විශේෂ "ජාතික සර්වපාක්ෂික ආර්ථික සංවර්ධන සභාව"ක් මගින් ජනතාව මත අසීමිත පීඩනය අවම කර රැකියා අහිමි වීම වලක්වා ගැනීම නව ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති මගින් ජාලකරණ ආර්ථිකය සවි ශක්තිමත් කිරීමට ගත යුතු හැකි සියළු පියවරයන් ක්‍රියාත්මක කර මෙම ව්‍යසනය හමුවේ නැවත ශක්තිමත්ව ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරමු.

 

ශ්‍රම,  මූල්‍ය,  නිශ්චල චංචල දේපල මනා අවබෝධයක් තුලින් කළමනාකරණය  කිරීම හා ගොවිජන කෘෂි නිෂ්පාදන, කර්මාන්ත ශාලා පරිසර හිතකාමී ලෙස  පවත්වාගෙන යාම රැකියා සඳහා දිනකට පැය පහක සේවා මුර තුනක්  අනුව ක්‍රියාත්මක කර රැකියා වැඩි වශයෙන් ලබා දීම හා වෙළඳ ඒකාබද්ධ ප්‍රතිපත්ති මගින් දෙස් විදෙස් වෙළෙඳපොළ පුළුල් කිරීමට පියවර ගෙන කටයුතු කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 2020 මැයි 6  · 

 

යතාර්ථය අවබෝධ වන සුභම සුභ පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ..!

 

අපි යහපත් ක්‍රියාවේ නියැලෙන්නේද අප පසුපස නිරෝගිකම ආදරය කරුණාව දයාව හබා ඒ..

 

අපි අයහපත් ක්‍රියාවේ නියැලෙන්නේද අප පසුපස රෝගිකම වෛරය හිංසනය පීඩාව  හබා ඒ..

 

නිරෝගිකම උතුම්ම ලාභයයි.. සතුට උතුම්ම ධනයයි.. විශ්වාසය පරම  නෑයායි.. නිවන උතුම් සැනසීමයි..

 

පවින් වලකිමු.. කුසල් වඩමු..

 

ඔබ පියෙකු නම් ඔබ ඔබේ බිරිඳට දූ දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් රැක බලා පෝෂණය කර පස් පවින් වැළකී වරදේ නොබැදී දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.

 ඔබ මවක් නම් ඔබ ඔබේ සැමියාට දූ දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් රැක බලා ගනිමින් පස් පවින් වැළකී වරදේ නොබැදී දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.

 

 ඔබ යම් තනතුරක නියැලෙන අයකු නම් ඔබ ඔබේ රාජකාරිය නිවැරදි ලෙස තම සේවය ඉටු කර  ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් පස් පවින් වැළකී වරදේ නොබැදී දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.

 

 ඔබ යම් ආයතනයක ප්‍රධානියෙකු නම් ඔබ ඔබේ යටත් සේවකයින්ට ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් තම රාජකාරිය නිවැරදි ලෙස තම සේවය ඉටු  කර පස් පවින් වැළකී වරදේ නොබැදී දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.

 

 ඔබ ජනතා නායකයකු නම් තම ප්‍රජාවට ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් තම යුතුකම් වගකීම් නිවැරදි ලෙස ඉටු කර පස් පවින් වැළකී වරදේ නොබැදී දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.

 

 ඔබ කුමන තරාතිරමක අයෙකු වුවත් ස්වභාව සෞන්දර්යයට හතුරෙකු නොවී කල්‍යාණ මිත්‍රයෙක් ලෙස පරිසර හිතකාමී, මානව ප්‍රජාවට කල්‍යාණ මිත්‍ර හිතකාමී, සත්ව ප්‍රජාවට  කල්‍යාණ මිත්‍ර හිතකාමී ලෙස තම තම  යුතුකම් වගකීම් නිවැරදි ලෙස ඉටු කිරීමට පස් පවින් වැළකී වරදේ නොබැදී දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.

 

පවින් වලකිමු.. කුසල් වඩමු..

 

 සුභම සුභ පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ..!

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මැයි 1  · 

 

කම්කරුවනි.! ඇස් අරින්න.. සවන්දෙන්න.. සිහි නුවණින් දිවි දකින්න.. 

 

අපි අපගේ ශ්‍රමයෙන්  වායු ගෝලය කොතරම් අපිරිසිදු කිරීම සඳහා දායක වී තිබේ ද? 

 

අපි අපගේ ශ්‍රමයෙන් කොතරම් ගස් වැල් කපා පරිසරය විනාශ කර තිබේ ද?

 

අපි අපගේ ශ්‍රමයෙන් කොතරම් ස්වභාවික ජල සම්පත් අපිරිසිදු කර තිබේ ද?

 

අපි අපගේ ශ්‍රමයෙන් කොතරම් මානව හිංසනය කර තිබේ ද?

අපි අපගේ ශ්‍රමයෙන් කොතරම් සත්ව හිංසන ගාතන සිදු කර තිබේ ද?

 

අපගේ ශ්‍රමගයේ වටිනාකම රදා පවතින්නේ අපගේ ශ්‍රමිකයෙන් නිර්මාණය වන යහපත් හෝ අයහපත් ප්‍රතිඵලය මතය.

 

සෑම විටම සියළු පාර්ශවයන් සදහා යහපත් ප්‍රතිඵල නිර්මාණ කිරීම සඳහා අපේ ශ්‍රමය වැය කරමින් යහපත් ජන සමාජයක් යහපත් ලෝකයක් නිර්මාණය කරමු.

 

අදින් සිට ඉදිරියට ජල වායු ශිලා ගෝලයන් මානව සත්ව අයහපත් හානිදායක තත්වයක් උද්ගත නොකරන ලෙස ඔබ ඔබගේ වටිනා මිලකල නොහැකි ශ්‍රමය ලබා දෙන්න.

 

එවිට මුළු මහත් මානව ප්‍රජාවටත් මුළු මහත් සත්ව ප්‍රජාවටත් යහපත් වනවා නිසැකවම.

 

උසස් ප්‍රමිතියකින් යුතු මානව ජන සමාජයක් නිර්මාණය සඳහා කම්කරු ශ්‍රමය, ජනතා ධනය, ජල, වායු, ශිලා ගෝලයන් නිවැරදි ලෙස කළමනාකරණය කර විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සඳහා සියළු පාර්ශවයන් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් එකමුතුව කටයුතු කරමු.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 අප්‍රේල් 30  · 

 

ගොවිජන ප්‍රජාව විසින් නිෂ්පාදනය කරනු ලබන සියළුම කෘෂි නිෂ්පාදන ක්‍රමවත් හා විධිමත් වැඩපිළිවෙළක් සැලසුම් කර නිෂ්පාදනය සඳහා සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගෙන සෑම නිෂ්පාදනයක් සදහාම සාධාරණ අලෙවි පාලන මිලක් පනවා පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සිදු විය යුතුය.

 

ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරා ඉතිරි ගොවිජන කෘෂි නිෂ්පාදන ගුවන් යානා මගින් විදේශ රටවල් සදහා අපනයනය සිදු විය යුතුය.

 

විධිමත් හා ක්‍රමවත් ලෙස කෘෂිකර්මය දෙපාර්තමේන්තුව හා ගොවිජන කෘෂි නිෂ්පාදකයින් මනා අවබෝධයක් හා තොරතුරු ලබා ගැනීම මගින් ව්‍යාපාරික ප්‍රජාවගේද සහයෝගය ඇතිව විධිමත් හා ක්‍රමවත් ලෙස සිදු විය යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 අප්‍රේල් 28  · 

 

අපි නිවසින් පිටතට යන සෑමවිටම මුඛ ආවරණයක් පලදිමු.

අපි නිවසින් පිටත හමුවන සෑම අයකුම වෛරස් ආසාදනය වූ අයකු ලෙස සිතා කටයුතු කරමු.

 

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට යමු.

සෞඛ්‍යය අංශයේ හා ආරක්ෂක අංශයේ උපදෙස් අකුරටම පිළිපදිමු.

 

එවිට හැකි ඉක්මනින් අපගේ සාමාන්‍ය ජන ජීවිතය ලගා කර ගැනීමට හැකි වේ.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 2020 අප්‍රේල් 24  · 

 

https://selfeducationsl.wixsite.com/srilanka

 

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අන්තර් ජාලයෙන් පාසල් ළමුන් සඳහා අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කටයුතු සිදු කිරීම සිදු විය යුතුය.

 

එම වෙබ් අඩවියේ ආදර්ශ නිර්මාණය මෙම පළකිරීම සමගින් අමුණා ඇති අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි, භාෂා ත්‍රිත්වයෙන්ම වෙබ් අඩවි නිර්මාණය කිරීමට කටයුතු සිදු විය යුතුය.

 

උසස් ප්‍රමිතියකින් යුතු ටැබ් පරිගණකයක් 3 ශ්‍රේණිය සිට අපොස උසස් පෙළ දක්වා ළමුන් සඳහා නොමිලේ ලබා දීම සඳහා කටයුතු සිදු විය යුතුය.

 

එම ටැබ් පරිගණකයෙන් නිර්මාණය කරවූ ලබන වෙබ් අඩවිය සඳහා පමණක් පිවිසිය හැකි පරිදි සකස් කර ලබා දීම සඳහා කටයුතු සිදු විය යුතුය.

 

ලබාදෙන ටැබ් පරිගණකය වෙනත් කිසිදු වෙබ් අඩවියක් සදහා ඇතුළත් වීමට නොහැකි ලෙස සකස් විය යුතුය.

 

සෑම විෂයකම සෑම පාඩම් මාලාවවක් සදහාම ප්‍රායෝගික  වැඩසටහන් සහිතව පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයට පටිගත වීඩියෝ දර්ශන ඇතුළත් කර  හා පාඩම් සටහන් ඇතුළත් කිරීම සිදු විය යුතුය.

 

ප්‍රවීණ විද්වත් මණ්ඩලයක්   පත් කර එම විද්වත් මණ්ඩලයේ අනු දැනුම මත සියළුම නිර්මාණ කටයුතු සිදු විය යුතුය.

නොමිලේ සියළුම ළමුන් සඳහා අධ්‍යාපන කටයුතු ලබා ගැනීම සඳහා ලබා දීම සිදු විය යුතුය.

 

අන්තර් ජාල පහසුකම නොමිලේ ලබාදීමට කටයුතු සිදු විය යුතුය.

 

සංනිවේදන චන්ද්‍රිකාවක් මගින් පහසුවෙන් සියළුම ප්‍රදේශ ආවරණයක් සහිතව පුළුල්ව සන්නිවේදනය සිදු වීම සඳහා අවශ්‍යය කටයුතු සිදු විය යුතුය.

 

පාසල් ගුරු මණ්ඩල විසින් තම තම පන්ති භාර හා විෂය භාර ගුරු මහත්ම මහත්මීන් විසින් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය තහවුරු කිරීම සිදු විය යුතුය.

 

එම වෙබ් අඩවි සඳහා වෙනත් ඕනෑම වැඩිහිටි අයකුට පිවිසිය හැකි වන පරිදි සකස් විය යුතුය.

 

වෙළද දැන්වීම් ඇතුළත්  නොවිය යුතුය.

 

කිසිදු ආකාරයකින් දේශපාලන මැදිහත් වීමෙන් තොරව උසස් ප්‍රමිතියකින් යුතු වර්ථමානයට අනාගතයට ගැලපෙන පරිදි විෂය නිර්දේශය සකස් කර විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය. 


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 අප්‍රේල් 20  · 

 

අපගේ සෞඛ්‍යය ආරක්ෂාව රටේ සෞඛ්‍යය ආරක්ෂාවයි.

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට යමාට කටයුතු කරමු.

 

නිකරුණේ පොදු ස්ථාන තුළ ගැනීමෙන් වලකින්න.

 

සෞඛ්‍යය හා ආරක්ෂක අංශයේ උපදෙස් පිළිපදින්න.

 

ඔබෙත් මගෙත් සෞඛ්‍යය ආරක්ෂාව රටේ සෞඛ්‍යය ආරක්ෂාව බව තරයේ මතක තබා ගන්න.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 අප්‍රේල් 19  · 

 

නිරෝගී බව රැක ගනිමු.

 

1, සෑම විටම ඔබ වාසය කරන නිවස, අවට වටපිටාව පිරිසිදුව තබා ගන්න.

 

2, සතියකට වරක් හෝ නිවස සෝදා පිරිසිදු කරගන්න.

 

3, ඔබ භාවිතා කරන ඇද ඇතිරිලි පොරවනය දින හතරකට වතාවක් හෝ සොදා වියලා ගන්න.

 

4, දිනපතා වරක් හෝ ස්නානය කරන්න.

 

5, දිනකට දෙවරක් දත් මදින්න.(උදේට හා නින්දට පෙර)

 

6, ඔබ භාවිතා කරන ඇදුම් හා  හිස් ආවරණ(හලේමට්) වෙනත් අයෙකුට භාවිතායට නොදෙන්න.

 

7, නිවසින් පිටතට යන විට සෑම විටම පාවහන් පදින්න.

 

8, ජලය උනුකර නිවා පානය කරන්න.

 

9, සීනි අඩංගු ආහාර භාවිතාය අවම කරන්න, රස කාරක අඩංගු ආහාර භාවිත නොකරන්න.

 

10, පොල් කිරි සමග ආහාර පිසීම සිදු කරන්න, වසවිස රහිත පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න.

 

11, තෙල් භාවිතය අවම කරන්න.

 

12 පොල් තෙල් පමණක් ම භාවිතයට ගන්න.

 

13, හැකි පමණ ඔබගේ නිවසේ ආහාරය සඳහා එළවළු වර්ග වගා කර ගන්න.

 

14, මිදුලට නොමිලේ එකතු වන කොලරොඩු එකතුකර දිරාපත් වූ පසු ඔබේ වගාව සඳහා යොදා ගන්න.

 

15, කිසිම විටෙක ප්ලාස්ටික් පොලිතීන් හා අබලි ද්‍රව්‍ය ගිනි ගැසීම සිදු නොකරන්න.

 

16, කුඩා ළමුන්ට චොකලට් හැර  වෙනත් රසකාරක නිෂ්පාදන ලබා නොදෙන්න.

 

17, නිරන්තරයෙන් නිවස අවට වටපිටාව මදුරුවන් බෝවන දෑ ඉවත් කරන්න.

 

18, අන්තර් ජාලයෙන් හා රූපවාහිනී ජන මාධ්‍ය සමාජ මාධ්‍ය‍ තුළින් වැදගත් ප්‍රියමනාප ප්‍රසන්න දේ පමණක් නරබන්න, සවන්දෙන්න.

 

19, ප්‍රියමනාප ප්‍රසන්න වචන භාවිතා කරන්න.

 

20, රාත්‍රී නින්දට පෙර හා උදෑසන මෙත් සිත පතුරවන්න.

 

මම නිදුක් වේවා..

මම නීරෝගී වේවා..

මම සුවපත් වේවා..

මම දූකින් මිදේවා..

මා මෙන්ම මාගේ යහපත් දූ දරු මාපිය  ගුරුවර  නෑ හිත මිතුරන්ද නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. දුකින් මිදේවා..

 

මා මෙන්ම මාගේ  යහපත් රට වැසියන් ද නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. දුකින් මිදේවා..

 

මා මෙන්ම මාගේ යහපත් ලෝ වැසියන් ද නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. දුකින් මිදේවා..

 

සියළු අයහපත් සත්වයෝ යහපත් වේවා.. යහපත්  සියළු සත්වයෝ නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. දුකින් මිදේවා..

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 අප්‍රේල් 16  · 

 

මේ වනවිට විදේශගතව දුෂ්කරතාවයට පත්ව සිටින අයවළුන් විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමු.

 

 එම එම අයවළුන් සදහා නව නිරෝධායන මධ්‍යස්ථානය සකස් කර එම නිරෝධායන මධ්‍යස්ථාන තුළ අවම දින විසිපහක සිට ඉහළට නිරෝධායන කර ශ්‍රී ලංකා ජන සමාජයට මුදා හැරීම සඳහා කටයුතු කරමු.

 

විදේශගතව සිටින අයවළුන් හැකි උපරිම කාලසීමාවක් දැනට සිටින ස්ථානයන්හි තම තම සුරක්ෂිතතාව ආරක්ෂා කර ගෙන රැදී සිටීමට හැකි නම් රැදී සිටීම සඳහා කටයුතු කරමු.


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 අප්‍රේල් 12  · 

 

සුපුරුදු ලෙසින් සැම සිරිතම ඉටු වන්නේ - නෑ හිත මිතුරන්ද සුභ පැතුමන් ගෙන එන්නේ.

 

අට ලො දහම දන්නා අපි නොවැටෙන්නේ - අළුතින් හිතලා නව අව්රුදු සමරන්නේ.

 

උදා වූ සිංහල අළුත් අව්රුද්ද  ලක් වාසී, ලෝක වාසී සියළු දෙනාට ප්‍රීතිමත්, සාමය සෞභාග්‍යය සපිරුණු, සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන නිරෝගීමත් ශ්‍රී සුභ අළුත් අව්රුද්දක් වේවා..!


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 2020 අප්‍රේල් 8  · 

 

වායු පිරිපහදු පද්ධතිය

 

01 අපිරිසිදු වායුව ගබඩා කර ගැනීම.

 

02 අඩක් ජලය පිරවූ ටැංකියට අපිරිසිදු වායුව පීඩනයක් මගින් වායුව ඇතුළත් කිරීම.

 

03 අඩක් ජලය පිරවූ ටැංකියට වායුව ඇතුළත් කිරීමේ දී ජලය මට්ටමට පහතින් වායුව ඇතුළත් කිරීම සිදු විය යුතුය.

 

04 අඩක් ජලය පිරවූ ටැංකි හතරකින් වායුව ගමන් කරවීම.

 

05 හතරවන ටැංකියෙන් පිරිසිදු වායුව වායු ගෝලයට එකතු කිරීම.

 

මෙම වායු පිරිපහදු පද්ධතිය කර්මාන්තශාලා මගින් නිකුත් කරන අපිරිසිදු වායුව පිරිපහදු කොට වායු ගෝලයට එකතු කිරීම සඳහා භාවිතා කළ හැකිය.

 

කුඩා මොටර් රථ වල සිට විශාල දුම්රිය දක්වා ද මෙම තාක්ෂණය ඇතුළත් කර වායු පිරිපහදු පද්ධති සකසා ගත හැකිය.

 

 මෙම පද්ධතිය සදහා භාවිතා කරන ජලය ඉවත් කිරීමේ දී ජලයට එකතු නොවන ආකාරයෙන් ඉවත් කිරීම සිදු විය යුතුය.

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2020 අප්‍රේල් 1  · 

 

සමෘද්ධි ලාභී ජනතාව කාර්යාල වෙත ගෙන්වා අපහසුතාවයට පත් කළ වගකිවයුතු අයවළුන් පිළිබඳව දැඩිව අප්‍රසාදය පළ කර සිටිමු, විධිමත්ව පරීක්ෂණ සිදු කර දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

 

සමෘද්ධි ලාභී ජනතාව සඳහා හා අනෙකුත් සහන හිමි අයවළුන් සදහා ලබාදෙන මූල්‍ය විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කරනවා ඒ  හරහා නිවසටම ලබා දීම සඳහා කටයුතු කර මෙම ජාතික ව්‍යසනය හමුවේ ජනතා මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විධිමත්ව ක්‍රියාත්මක වී කොවිඩ් 19 ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට අවශ්‍ය සියළු පියවරයන් ක්‍රියාත්මක කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මාර්තු 30  · 

 

ඖෂධ ලබා ගැනීම සඳහා සිටින රෝගීන් සඳහා නිවසටම අවශ්‍ය සියළු ඖෂධ නොමිලේ ලබා දීම සඳහා කටයුතු කරමු.

 

ජංගම සන්නිෙව්දන ක්‍රමයෙන් එම එම රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ තොරතුරු ලබා ගැනීම එම එම ආසන්න රෝහල් වෙත ලබා ගැනීමෙන් පසු විශේෂ ප්‍රවහාන වැඩසටහන් මගින් නිවෙස් වෙත ඖෂධ නොමිලේ ලබා දීම සඳහා කටයුතු කරමු.

 

"ජාතික සෞඛ්ය සහන අරමුදල" නමින් අරමුදලක් පිහිටුවීම සඳහා කටයුතු කරමු.


 

ස්තූතියි !

 

රත්නදීප ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

රත්නදීප ජනබල පෙරමුණ



 

 

2020 මාර්තු 29  · 

 

අතීතයේ සිටම මිනිස් ප්‍රජාව සඳහා නිරන්තරයෙන් වැලදෙන රෝග දෙකක් විය එනම් කුසගින්න සහ පිපාසය යන රෝග දෙකක් විය.

 

ආයු අපේක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතී.

 

ඈත අතීතයේ කුසගින්න සහ පිපාසය පමණක් මිනිස් ප්‍රජාව සඳහා වැළදෙන අතර මිනිසා එම රෝග සුවපත් කර ගැනීමට ස්වභාවික මිහිතලය මත හට ගන්නා දෑ ආහාරයට ගෙන කුසගින්න නිවා දමන්නට ද ඉතා පිරිසිදු ජලය පානය කර පිපාසය නිවා දමන්නට ද විය.

 

ආයු අපේක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතී.

 

ක්‍රමක් ක්‍රමයෙන් මිනිස් ප්‍රජාව සතුන් මරා කෑමට ගැනීමෙන් හා පිරිසිදු ජලය අපවිත්‍ර කර ගැනීමත් සමඟ කුසගින්න පිපාසය හැර හිස කැක්කුම් කුස කැක්කුම් ආදී වශයෙන් නව රෝග මිනිස් ප්‍රජාව සදහා වැදෙන්නට පටන් ගන්නා ලදී.

 

මිනිස් ප්‍රජාව ජීවන රටාව වෙනස් විය මිනිස් ප්‍රජාව ගින්දර සොයා ගන්නා ලදී ගංගා ඇළ දොළ ක්‍රමයෙන් අපිරිසිදු කරන්නට විය වායු ගෝලය අපිරිසිදු කරන්නට විය මිනිසාට ශ්වසන පද්ධතියේ රෝග ආරම්භ විය.

 

ආයු අපේක්ෂාව අඩු වන්නට පටන් ගන්නා ලදී.

 

ක්‍රමක් ක්‍රමයෙන් මිනිස් ප්‍රජාව විවිධ නව සොයාගැනීම් සමග ජීවන රටාව වෙනස් විය රෝග වැඩිවිය ශක්තිය අඩුවිය.

ආයු අපේක්ෂාව ක්‍රමයෙන් අඩු විය.

 

වර්තමානයේ දී මිනිස් ප්‍රජාව සඳහා කුසගින්න සහ පිපාසය  රෝග දෙකට අමතරව සිය ගණනක රෝග මිනිස් ප්‍රජාව සඳහා රෝග වැලඳීම වළක්වාගත නොහැකි තත්වයට පත් වී ඇත. 

 

හේතු

 

1, ජල ගෝලය වායු ගෝලය දැඩි ලෙස අපවිත්‍ර කිරීම.

 

2, ස්වභාවික පරිසර පද්ධතිය විනාශ කරීම.

 

3, අසීමිත පරිභෝජනය.

 

4, සත්ව ඝාතනය හා ආහාරයට ගැනීම.

 

5, ආහාර වස විස සහිත වීම.

 

විසදුම් 

 

1, ජල වායු ගෝලයන් අපිරිසිදු නොවන ආකාරයෙන් මනව ප්‍රජා අවශ්‍යතා සපුරා ගැනීම.

 

2, වනග්‍රහනය වැඩි කර ස්වභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කර භෞතික සංවර්ධනය කිරීම.

 

3, ආහාර සදහා වස විස මුසු වීම වලක්වා ගැනීම.

 

4, සීමා සහිත පරිභෝජනය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මාර්තු 27  · 

 

දැනටමත් දින ගණනාවක් තිස්සේ අයහපත් සෞඛ්ය වාතාවරණය තුළ පනවා ඇති ඇඳිරි  නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් තම තම දෛනික ආදායම අහිමි වීම හේතුවෙන් එම එම ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අයවළුන් සදහා විශේෂ විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර එම එම ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරා ලීම සඳහා කටයුතු කරමු.

 

 අසරණව ආදායම් අහිමිව ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් නොමැති එම එම ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරා ලීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරමු.

 

 ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අයවළුන් හදුනාගෙන හා තොරතුරු ලබාගෙන, තොරතුරු ලබා දීමට පහසු ක්‍රමයක් සකස් කර එම එම ජනතාවගේ ආහාර අවශ්‍යතා කඩිනමින් සපුරා ලීම සඳහා කටයුතු කරමු.

 

 අසල්වාසීන් ද වෙළඳ සැල් හිමියන් ද තම තම ආර්ථික දුෂ්කරතා සහිත අසල්වැසි  හිත මිතුරන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ලීම සඳහා හැකි පමණින් උදව් කර මෙම ජාතික වියසන අවස්ථාවේ රටක් ජාතියක් ලෙස එකමුතුව කටයුතු කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මාර්තු 24  · 

 

කොරොනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් වලක්වා ලමු.

 

සෑම ග්‍රාම නිලධාරී වසමක් සදහාම ආවරණය වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර එම ස්ථානයට දුරකථන අංකයක් සම්බන්ධ කර එම දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් කර කෙටි පණිවිඩයක් මගින් පාරිභෝගික අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා නිවෙස් වෙත ලබා දීම සඳහා කටයුතු කරමු.

 

කෙටි පණිවිඩය

ලිපිනය;

ජා හැ අංකය

දුරකථන අංකය;

1 සම්බා කිලෝ 5යි.

2 සීනි කිලෝ 1යි.

3 පොල් තෙල් ලීටර් 1යි.

4 අල කිලෝ 2යි.

 

යන ආකාරයට කෙටි පණිවිඩයක් පාරිභෝගිකයා යොමු කළ පසු එම ලිපිනය සදහා යොමු කර ඇති හා එම එම ආසන්න ලිපින සදහා යොමු වි ඇති කෙටි පණිවිඩ වල සදහන් භාණ්ඩ ලැයිස්තු සම්පූර්ණ කර බිල් පත සමග වෙන වෙනම අසුරා නිවෙස් වෙත ලබා දීම සඳහා කටයුතු කරමු.

 

ව්‍යාජ කෙටි පණිවිඩ යොමු කරණ අයවලුන් සදහා දැඩි දඩුවම් පමුනවමු.

 

මුදල් ඇති අයගෙන් එම අවස්ථාවේම මුදල් ලබා ගැනීමට කටයුතු කරමු.

 

මුදල් නොමැති අයවලුන් සඳහා ණයක් ලෙස සටහන් කර අත්‍යාවශ්‍ය ආහාර අවශ්‍යතා සපුරා ලීම සඳහා කටයුතු කරමු.

කෙටි පණිවිඩ යොමු කිරීම සදහා පෙව 07 සිට 11 දක්වා කාලයක් ලබා දීම  සඳහා කටයුතු කරමු. 

 

විධිමත්ව හා ක්‍රමවත්ව ක්‍රියාතමක කර කොරොනා ව්‍යාප්තිය වලක්වා ගැනීමට කටයුතු කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මාර්තු 23  · 

 

සියළු පුරවැසියන් මෙම ජාතික උවදුර හමුවේ දක්වන සහයෝගය ඉතා වැදගත් ය.

 

 සියළුම වෛද්‍ය හා සෞඛ්ය කාර්ය මණ්ඩලය හා පොලිස් නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියළු නිලතලවල සියළු නිලධාරීන්, ගොවි, කම්කරු අනෙකුත් බලධාරීන්/නිලධාරීන් වෙනත් සාමාගම් හා සේවක කාර්ය මන්ඩල, ආගමික, දේශපාලන, සමාජ, ක්‍රියාකාරීන් වෙළඳ ප්‍රජාව,    ජන මාධ්‍ය මෙම ජාතික උවදුර හමුවේ ඉටු කරන්නා වූ අමිල සේවය අගනේය, සැමට තුති පුද කරමු.

 

 වගකිවයුතු නිලධාරීන් බලධාරීන් සියළු ප්‍රදේශයන් හි ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ලෙස කටයුතු සිදු කිරීම සිදු කරමු.

 

 මුදල් අගහිඟකම හේතුවෙන් ආහාර අවශ්‍යතා සපුරා ගැනීම නොහැකි අයවළුන් සදහා විශේෂ ක්‍රියාකාරකම් මගින් එම එම ප්‍රදේශයේ එම එම ජනතාවගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා කටයුතු විධිමත්ව සිදු  කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 මාර්තු 15  · 

 

නව කොරෝනා ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට සැමගේ සහයෝගය ලබා දෙමු.

 

විදේශ රටවලින් සංචාරකයන් සදහා ශ්‍රී ලංකාවට පැමීණීමෙන් සියළු රටවල් සදහා තාවකාලිකව තහනමක් පැනවීම සිදු විය යුතුය.

 

සෑම පුරවැයකුම තම දෛනික කටයුතු සීමා සහිතව සිදු කර කොරෝනා ව්‍යාප්ත විම වලක්වා ගැනීමට සැමගේ සහයෝගය ලබා දෙමු.

 

කඩිනමින් නව කොරෝනා ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට අවශ්‍ය සියළු පියවරයන් ක්‍රියාත්මක කර සාමාන්‍ය ජන ජීවිතය ගත කිරීමට ජනතාවට පරිසරය නිර්මාණය කිරීමට කටයුතු කරමු.

 

අවශ්‍ය සියළු පියවරයන් ක්‍රියාත්මක කර නව කොරෝනා විනාශ කර දැමීමට කටයුතු කරමු.`

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2020 පෙබරවාරි 28  · 

 

කොරෝනා හෙවත් COVID-19  තුරන් කිරීමට පෙළ ගැසෙමු.

වෛරස් උත්පාදන ආහාර පාන හා වෙනත් ක්‍රම විනාශ කර දැමීමට කටයුතු කරමු.

 

තාවකාලිකව සංක්‍රමණය සංචාරය නවතා දැමීමට කටයුතු කරමු.

 

වෛරස් උත්පාදන ප්‍රදේශ හදුනාගෙන එම ප්‍රදේශ විශේෂ ක්‍රියාකාරකම් මගින් වෛරස් ව්‍යාප්තිය නවතා දැමීමට කටයුතු කරමු.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2020
2019
“ ශ්‍රී ලංකා ජාතික වායු ගෝලය සංරක්ෂණ ආඥා පනත”
 
(අ), වායු ගෝලය දූෂණය විය හැකි මානව ක්‍රියාකාරකම් අවම වන ආකාරයට කටයුතු සිදු විය යුතුය;
 
(01), ඕනෑම ව්‍යපාරික ස්ථානයක, කර්මාන්ත ශාලාවක, වැඩ බිමක, නිවසක වායු ගෝලය අපිරිසිදු විය හැකි දහනයක් සිදු නොවිය යුතුය;
 
(02), වගා කටයුතු සිදු කිරීම සඳහා යම් දහනයක් සිදු කළ හැකි වන්නේ  අදාළ දහනය සදහා ග්‍රාම නිළධාරි අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පසු සිදු විය යුතුය;
 
(03), යම් යම් කර්මාන්ත ශාලා මගින් නිකුත් කරනු ලබන අපිරිසිදු වායු වායු පිරිපහදු පද්ධතියක් මගින් පිරිසිදු කිරීමෙන් පසු වායු ගෝලයට නිකුත් කිරිම සිදු විය යුතුය;
 
(04), ඕනෑම නිවසක ආහාර පිස ගැනීමක් සදහා හැර වෙනත් දහනයක් සිදු කර වායු ගෝලයට අපිරිසිදු වායුව නිකුත් වන ආකාරයට කටයුතු සිදු නොවිය යුතුය;
 
(05), ටයර්, පොලිතීන්, ප්ලාස්ටික් හා වෙනත් අබලි ද්‍රව්‍ය දහනය කරීම සිදු නොවිය යුතුය. 
 
(ආ), සියළුම  රජයේ හා පුද්ගලික මෝටර් වාහන සදහා දුම් පරීක්ෂාව මාස හයකට වරක් සිදු විය යුතුය; 
 
(01), ඕනෑම යත්‍රයක්,  මෝටර් වාහනයක් වේද අධික කළු දුම සහිතව ක්‍රියා කර වීම සිදු නොවිය යුතුය;
 
(02), ඉන්ධන භාවිත වාහන භාවිතාව අවම වන ආකාරයට කටයුතු සිදු විිය යුතුය.
 
(ඇ), මෙම ආඥා  පනතේ (අ), (01), (02), (03), (05) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා බර පතල වැඩ සහිත වසර පහක සිට වසර දොලහක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(01),  මෙම ආඥා  පනතේ (අ), (04) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා වසර දෙකක සිට වසර පහක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(02),  මෙම ආඥා  පනතේ (ආ), (01) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා වසර එකක සිට වසර හතරක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ.
 
(ඈ), මෙම පනතේ සදහන් සියළු විධිවධාන වෙනත් කිසිදු පනතක විධිවධාන වලට යටත් නොවිය යුතුය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

“ශ්‍රී ලංකා ජාතික ජනතා පොදු පහසුකම් ප්‍රවාහනය සුරක්ෂිත කිරීමේ ආඥා පනත”;
(අ) ජලය, විදුලිය, මාර්ග, සන්නිවේදන යන ජනතා පොදු යටිතල පහසුකම් ප්‍රවාහනය සඳහා ඕනෑම ආකාරයක ඔප්පු බලපත්‍ර හිමිකම් ඇති භූමියක් තුලින් ප්‍රවාහනය සඳහා මෙයින් සම්පූර්ණ බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(ආ) යම් පව්ල් ඒකකයක් ස්ථිර පදිංචි නිවසක් වේද නිවෙස් යම් ප්‍රමාණයක් වේද එම එම නිවෙස් සදහා සාමාන්‍ය ප්‍රවහන මාර්ගය ලෙස සම්මත අගල් දොළහායේ අඩි දහහතරක පළලකින් සමන්විත මාර්ගයක් සදහා අදාළ එම එම යම් යම් ඔප්පු බලපත්‍ර හිමි භූමි තුලින් සකසා ගැනීමට පූර්ණ බලය මෙයින් බලවත් ලෙස බල පැවැත්වේ;
(ඇ) ඕනෑම ස්ථිර පදිංචි නිවසක් වේද නිවෙස් යම් ප්‍රමාණයක් වේද එම එම නිවෙස් සදහා ජලය, විදුලිය, සන්නිවේදනය සදහා එම එම නිවෙස් සදහා පහසු ආකාරයට ප්‍රවාහනය සඳහා ඕනෑම ආකාරයක ඔප්පු බලපත්‍ර හිමි භූමි තුලින් ප්‍රවාහනය සඳහා බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(ඈ) ඕනෑම ආකාරයක ඔප්පු බලපත්‍ර යම් යම් සීමා සහිත ලෙස පොදු මහජනතාවගේ අයිතිය තහවුරු කර ඇත අතර සම්පූර්ණ පරම අයිතිය රාජ්‍යය සතු වේ, ඉහත (අ),(ආ),(ඇ), වගන්ති වල සඳහන් විධි විධාන කඩ කරමින් යම් පාර්ශවයකට හානිදායක තත්වයක් උද්ගත කරන්නේ ද එම පාර්ශවය සඳහා රාජ්‍යය මගින් නිකුත් කර ඇති ඔප්පු බලපත්‍ර හිමිකම් අවලංගු කිරීමද වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීම සඳහා ද මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(ඉ) යම් යම් මහපරිමාණ ව්‍යාපෘති මගින් ජලය, විදුලිය, මාර්ග, සන්නිවේදන හා වෙනත් ජනතා පොදු පහසුකම් සංවර්ධනය සිදු කිරිමේදී ඔප්පු බලපත්‍ර හිමිකම් ඇති පොදු මහජනතාවට අලාභ හානි සිදු වන්නේද එම හානිදායක තත්වයක් උද්ගත වීම අවමය යටතේ එම එම කටයුතු සිදු කිරීමමද දැඩි අලාභ හානියක් සිදු වන අවස්ථා වලදී එම එම කාල කාලානුරූපව සම්මත සාධාරණ තක්සේරු වටිනාකම පොදු මහජනතාවට වන්දි ලෙස ගෙවිමද ලබා ගැනීමටද මෙයින් බලය බලවත් වේ.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

“ ශ්‍රී ලංකා ජාතික බුද්ධ ධර්මය සුරක්ෂිත කිරීමේ ආඥා පනත”;
01, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෙනත් ආගමික කටයුතු බුද්ධ ධර්මය සිංහල බෞද්ධ සංස්කෘතිය හා සිංහල බෞද්ධ ජනතාව සඳහා හානි දායක තත්වයක් නොවන ලෙස ක්‍රියාත්මක විය යුතුය හා යම් යම් ආගමික සංවිධානාත්මක බවකින් කටයුතු සිදු කරනු ලබන්නේ නම් එම එම ආගම් තහනම් කරිම සදහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
02, ශ්‍රී ලංකාව තුල අල් කුරාණය ඉස්ලාම් ආගම හා අරාබි භාෂාව භාවිතා කිරීම දැඩි සිමා සහිත විය යුතුය හා හානිදායක තත්වයක් උද්ගත වන්නේ නම් තහනම් කරීම සදහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
03, ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගමික පල්ලි එක් නගරයක් සදහා එක් ස්ථානයක පමණක් පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දීම සිදු විය යුතුය හා එහි කටයුතු පිළිබඳව දැඩි විමර්ශන සිදු විය යුතුය හා අල් කුරානයේ සඳහන් වෙනත් ජාතීන්ට හා ආගමිකයන් සදහා අහිතකර ලෙස සදහන් කරුණු ඉවත් කර භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු විය යුතුය;
04, බුදු දහමේ එන ධර්ම කරුණු විකෘති කිරීම විකෘති කර විවිධ ආකාරයෙන් නිර්මාණ නිස්පාදනය සිදු කිරීම සිදු කළ නොහැකි විය යුතුය;
(අ), බුදු දහමේ එන දහම් කරුණු විකෘති කර ධර්ම දේශනා පැවැත්වීම හා යම් යම් ග්‍රන්ථ මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සිදු කළ නොහැකි විය යුතුය;
(ආ), බුදු දහම විකෘති කර නිෂ්පාදනය කරන ලද යම් යම් නිර්මාණ විකිණීම හා ලග තබා ගැනීම හා ප්‍රචාරණය සිදු කිරීම සිදු කළ නොහැකි විය යුතුය;
(ඇ), දැනටමත් ඇති බුදු දහමට හානි දායක වන යම් යම් නිර්මාණ නිෂ්පාදන සියල්ලම විනාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස සිදු කළ යුතුය;
(ඈ), බුදු දහම හනි දායක අදාළ කුමන හෝ නිෂ්පාදන නිර්මාණය සිදු කර ඇති හා ඉදිරියට සිදු කරන අයවලුන් සඳහා හා ඒ හා සම්බන්ධ සියලු වරදකරුවන් සදහා ශ්‍රී ලංකා තුළ අසාදු පුද්ගල ලේඛණය සදහා ඇතුළත් කිරීම හා ජාතික හැඳුනුම්පත කළු වර්ණයෙන් ලබා දීම විදෙස් ගමන් බලපත්‍රය තුලද අසාදු ලේඛණය ගත අයවළුන් බව සටහන් කරිම රාජ්‍ය යම් යම් යම් විභාග ප්රතිඵල සියළු සටහන් ශූන්‍ය කිරීම හා වසර එකත් දහයක් අතර බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීම සිදු කළ යුතුය;
(ඉ), මෙම ආඥා පනතේ සදහන් විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ


 

 

“ශ්‍රී ලංකා ජාතික ළමා ප්‍රජා හා සිවිල් ජන ජීවිත සුරක්ෂිත කිරීමේ ආඥා පනත”
(අ), වයස මාස එකත් අවුරුදු විසිතුනත් අතර වයස් කාණ්ඩවල පසුවන අයවළුන් සදහා කුමන ආකාරයේ හෝ ජීවිත රක්ෂණ පවත්වාගෙන යාම නොහැකි විය යුතුය;
(1), වයස අවුරුදු විසිතුනට අඩු අයවළුන් කුමන ආකාරයකින් හෝ මිය ගිය පසු කුමන ආකාරයේ හෝ ජීවිත හානි වන්දි පිරිනැමීම ද ලබා ගැනීමද නොහැකි විය යුතුය;
(2), වයස අවුරුදු දහඅටට අඩු අයවළුන් සදහා කිසිදු ආකාරයක චංචල හා නිශ්චල දේපල පැවරීම නොහැකි විය යුතුය;
(ආ), වයස අවුරුදු විසිතුන සිට ඉහලට අයවළුන් සදහා ජීවිත රක්ෂණ පවත්වාගෙන යාම සදහා අදාල ජීවිත රක්ෂීතයාගේ පූර්ණ කැමැත්ත ලබා ගැනීම සිදු විය යුතුය;
(1), ජීවිත රක්ෂණයක් පවත්වාගෙන යන අතර තුරදී වුවද ජීවිත රක්ෂිතයාගේ ඉල්ලීම මත අවලංගු කිරීම සිදු විය යුතුය;
(2), සමූහ පොදු රක්ෂණ පවත්වාගෙන යාම සදහා ද එම එම වයස අවුරුදු විසිතුන සිට ඉහළ අයවළුන්ගේ පූර්ණ කැමැත්ත ලබා ගැනීම සිදු විය යුතුය;
(3), සමූහ පොදු රක්ෂණ වන්දියක් පිරිනැමේ දී ප්‍රතිලාභියාට හෝ ප්‍රතිලාභියාගේ යැපෙන්නන් වෙත පමණක් එම එම වන්දි පිරිනැමීම සිදු විය යුතුය හා පොදු රක්ෂිතයා වෙත කිසිදු ආකාරයක වන්දි පිරිනැමීම සිදු නොවිය යුතුය;
(4), මහ බැංකුවේ ලියාපදිංචි නොකළ යම් යම් ආයතන, අයවළුන් සදහා කිසිදු ආකාරයකින් ඕනෑම ආකාරයක මූල්‍යමය ණය පහසුකම් ලබා දීම සිදු කළ නොහැකි විය යුතුය හා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන සදහාද වාර්ෂිකව උපරිම ණය පොළී අනුපාතය සියයට දහසයක් (16%) මාසිකව උපරිම ණය පොළී අනුපාතය (1.4%) පමණක් විය යුතුය හා ණය පහසුකම් ගෙවීම් පැහැර හැරීමක දී වුවද එම එම අයවළුන් පිළිබඳව නීතිමය පියවර ගැනීමක් හැර වෙනත් කිසිදු ආකාරයකින් යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සිදු නොවිය යුතුය;
(ඇ), මෙම පනතේ ඉහත (අ), (1), (2), හා (ආ), (1), (2), (3), (4), වගන්ති වල සඳහන් විධි විධානය කඩ කරනු ලබන යම් යම් පාර්ෂවයේ අයවළුන් සදහා බරපතල වැඩ සහිතව වසර දොළහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම හා කුමන හෝ ආකාරයක සමාගම්, සංවිධාන,සංගම්, සමිති, ආයතන වුව හොත් එම එම සමාගම්, සංගම්, සමිති, ආයතන පවත්වාගෙන යාම තහනම් කිරීම සිදු විය යුතුය හා එම එම වගකිවයුතු ප්‍රධානීන් හා අයවළුන් පිලිබඳ විධිමත් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු බරපතල වැඩ සහිත වසර තිහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
(ඈ), ඕනෑම ආකාරයක නිවසක් ව්‍යාපාර ස්ථානයක් ආයතනයක් ඕනෑම ආකාරයක ස්ථානයක් අධිකරණ නියෝගයකින් තොරව හා පැමිනිලකින් තොරව පරික්ෂා කිරීම නීති විරෝධී ලෙස කටයුතු කරනු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(ඉ), මෙම ආඥා පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.

 

“ශ්‍රී ලංකා ජාතික පොදු ජනතා සේවා සහතික කිරීමේ ආඥා පනත”;
(අ), ජනතා සේවා සපයන ඕනෑම පාලනාංශයක්/ආයතනයක් හා බැඳි සංගමි/සමිති/ යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ගය, වැඩ වර්ජනය යම් යම් හේතු පාදක කරගෙන සිදු කරන්නේ නම් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර අදාල වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා මහාධිකරණ අවසරය ලබා ගැනීම සිදු කළ පසු වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය;
(1), ඕනෑම ආකාරයක උද්ගෝෂණයක්, වැඩවර්ජනයක්. උපවාසයක්, ඕනෑම ආකාරයක වෘත්තීය ක්‍රියාමාර්ගයක් තුලින් ජනතාවගේ දෛනික කටයුතු සඳහා අයහපත් හානිදායක තත්වයක් උද්ගත නොවන ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(2) මෙම පනතේ (අ), (1),(2), සදහන් විධිවිධාන කඩ කිරීම අදාළ ප්‍රධාන අයවළුන් සදහා වසර පහක සිරදඬුවම් හා අදාළ අයවළුන් සතුව තිබූ තනතුර නැවත ලබා දීම සිදු නොවිය යුතුය;
(ආ), යම් යම් සේවක වෘත්තීය සමිති ඉල්ලීම් අදාල වගකිවයුතු අංශයන් වෙත ඉදිරිපත් කිරිම තුලින් ඒ සඳහා ලබා දිය හැකි විසදුම් පිළිබඳ ලියැවුණු ලිඛිත ප්‍රකාශය සදහා අදාල පාර්ශවය එකග නොවන්නේය නම් ඒ අවස්ථාවේදීද මහාධිකරණ විශේෂ සුදුසුකම් ලත් පංච පුද්ගල විනිසරු මඩුල්ලක් හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සඳහා අදාල වගකිවයුතු අංශයන් ද ඒ සඳහා පෙනී සිට කරුණු විමසා සියළු පාර්ශවයන් සදහා කාලානුරූපව සාධාරණ විසඳුම ප්‍රකාශයට පත් කිරීම සඳහා මහාධිකරණය විශේෂ සුදුසුකම් ලත් පංච පුද්ගල විනිසරු මඩුල්ලක් සදහා මෙයින් බලය බලවත් ලෙස බල පැවැත් වේ; 
(ඇ), මෙම ආඥා පනතේ සදහන් විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 
“ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය නීතිය බලගැන්වීමේ ආඥා පනත”;
(අ), ශ්‍රී ලංකා ද්විපය තුළ වාසය කරනු ලබන සියළු ජනවර්ග ජන කොටස් එකම පොදු නීති සම්ප්‍රදායේ යටතේ සියළු ජනජීවිත කටයුතු සිදු කිරීම මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(1), සියළු පුරවැසියන්ට පවිල් ඒකකයක් තූල දී වේද යම් යම් සමාජ ක්‍රියාකාරකම් තුළ දී වේද අධිකරණ ක්‍රියා පටිපාටියක් තුළ දී වේද සියළු පුරවැසියන්ට රාජ්‍යය සම්මත නීති සම්ප්‍රදායේ ඔබ්බට කටයුතු සිදු වීම වලක්වා ගැනීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(2), යම් යම් සමාජ ක්‍රියාකාරකම් තුළ කප්පම් ලබා ගැනීම බළහත්කාරයෙන් යම් යම් පෙලබවීම සඳහා යොමු කර ගැනීම රාජ්‍යය සම්මත වැටුප් නොගෙවා සේවා ලබා ගැනීම වලක්වා ගැනීමට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(ආ), ශ්‍රී ලංකාව තුල සීයළු කාති උසාවි තහනම් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(1), යම් ජන කොටසක් පමණක් සීමා වී යම් යම් අණපනත් මගින් ක්‍රියාත්මක වන සියළු පනත් නීති මෙයින් බලරහිත වීම මෙයින් බලවත් ලෙස බල පැවැත්වේ;
(ඇ), රාජ්‍යය තුළ වාසය කරනු ලබන ජනතාව ආහාරය පිණිස සඳහා ලබා ගනු ලබන සියළු ආහාර ද්‍රව්‍ය භාණ්ඩ සඳහා රාජ්‍යය සම්මත පරාමිතීන් හා උපරිම සිල්ලර මිල සියලුම භාණ්ඩ සඳහා නිකුත් කිරීම සිදු කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(1), රාජ්‍යය තුළ වාසය කරනු ලබන ජනතාව සඳහා ආහාර නිෂ්පාදනය සඳහා සෘජුවම හෝ වක්‍රව ක්‍රියාත්මක වන සේවා සැපයීම සදහා අයකරණු ලබන මිල ගාස්තු රාජ්‍යය සම්මත පරාමිතීන් හා උපරිම මිල සකස් කර නිකුත් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(2), රාජ්‍යය තුළ සියළු භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිතීන් හා ඒ හා සම්මත උපරිම මිල සකස් කර නිකුත් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(3), භාණ්ඩයක් හෝ සේවාවක් සදහා යම් මිල වැඩිවීමක් සිදු විය යුතු වන්නේ නම් මෙම පනතේ (ඇ), 1, 2, වගන්තිය යටතේ සිදු වන ක්‍රියාවලිය යටතේ සිදු විය යුතුය;
(ඈ), ශ්‍රී ලංකාට ඕනෑම රටකින් ආනයනය කරනු ලබන සියළු භාණ්ඩ බාහාලුම් පරික්ෂා කිරීමෙන් පසු රට තුළට නිකුත් කිරීම සිදු විය යුතුය හා පරික්ෂා කරනු ලබන පරීක්ෂණ ගබඩා අංගනය අධි තාක්ෂණික කැමරා පද්ධති සවිකිරීම හා එම එම බාහාලුමට අදාල පටිගත දර්ශන අදාල බාහාලුමේ හිමිකරුගේ ඉල්ලීම මත ලබා දීම සිදු විය යුතුය හා එම එම දර්ශන නිරන්තරයෙන් ජාතික බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය;
(1), ශ්‍රී ලංකාවෙන් වෙනත් ඕනෑම රටකට අපනයනය කරනු ලබන සියළු භාණ්ඩ බාහාලුම් පරික්ෂා කිරීමෙන් පසු රට තුළින් නිකුත් කිරීම සිදු විය යුතුය හා පරික්ෂා කරනු ලබන පරීක්ෂණ ගබඩා අංගනය අධි තාක්ෂණික කැමරා පද්ධති සවිකිරීම හා එම එම බාහාලුමට අදාල පටිගත දර්ශන අදාල බාහාලුමේ හිමිකරුගේ ඉල්ලීම මත ලබා දීම සිදු විය යුතුය හා එම එම දර්ශන නිරන්තරයෙන් ජාතික බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය;
(ඉ), මෙම පනතේ සදහන් සියළු විධිවිධාන කඩකරනු ලබන යම් පුරවැසියෙක් වේද යම් සමාගමක් වේද යම් ව්‍යපාරයක් වේද පාර්ශවයක් වේද අධි චෝදනා ගොනු කර අධිකරණ ක්‍රියාවලිය යටතේ ව්‍යාපාර සමාගම් තහනම් කිරීම හා බරපතල වැඩ සහිත වසර පහක් සිට වසර විස්සකට සිර දඬුවමක් නියම කිරීම හා නැවත ව්‍යාපාර සමාගම් පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා වන දඩුවම් සියල්ල ලබා දීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
(ඊ), මෙම පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය;

 

 

“ශ්‍රී ලංකා ජාතික  ත්‍රස්ත ක්‍රියාකාරකම්, සංවිධාන හා පුද්ගලයන් විනාශ කිරීමේ ආඥා පනත”;
 
(අ), මෙම ආඥා පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට කිසිදු ආකාරයකින් යටත් නොවිය යුතුය;
 
(1), ත්‍රස්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන සියළුම සංවිධාන, සංගම්, සමාගම් සපුරා තහනම් කිරීම සිදු විය යුතුය;
 
(2), ඒක පාර්ශවීය ජන කොටස් සදහා පමණක් හා යම් යම් ආගම් වාදී ජාතිවාදී අන්තවාදී සංවිධාන, සංගම්, සමාගම්, ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙන යාම සපුරා තහනම් කිරීම සිදු විය යුතුය;
 
(ආ), ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් සදහා ආධාර අනුබල ලබා දුන් සියළු සියළු දේශපාලන පක්ෂ ක්‍රියාත්මක විම සපුරා තහනම් කිරීම සිදු විය යුතුය;
 
(ඇ), ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් සඳහා ආධාර අනුබල ලබා දුන් සියළු සාමාගම්, සංවිධාන , පවත්වාගෙන යාම සපුරා තහනම් කිරීම සිදු විය යුතුය හා වක්‍රව හෝ සෘජුව යම් යම් ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් සඳහා ආධාර අනුබල ලබා දුන් අයවළුන් සදහා බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හා සියළු චංචල හා නිශ්චල දේපල රාජ්‍යය සන්තක කිරීම සදහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(1) ත්‍රස්ත සංවිධාන හා ඕනෑම ආකාරයක ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ අයවළුන් විනාශ කිරීමට එම එම අවස්ථාවේ ස්වභාවය අනුව ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට බලවත් ලෙස බලය මෙයින් බල පැවැත්වේ;
 
(2) ත්‍රස්ත සංවිධාන හා ඕනෑම ආකාරයක ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ අයවළුන් අත්අඩංගුවට ගැනීමට හා රදවාගෙන ප්‍රශ්න කිරීමට ත්‍රිවිධ හමුදාවට බලවත් ලෙස බලය මෙයින් බල පැවැත්වේ;
 
(3) ත්‍රස්ත සංවිධාන හා ඕනෑම ආකාරයක ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ අයවළුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වසරක් ගතවන තුරු කිසිදු ආකාරයකින් ඇප ලබාදීම මෙයින් සපුරා තහනම් වේ;
 
(4) ඕනෑම ආකාරයක සුළු ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසරක් ගතවූ පසු අවම වසර දෙකක් හෝ ඊට වැඩි කාලසීමාවකට යටත්ව පුනුරුත්ථාපනය කිරීමට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ඈ), ත්‍රස්තවාදින් ලෙස නම් දැරූ පුද්ගලයින් සඳහා සැමරුම් උත්සවය පැවැත්වීම වසර 25 සිට ජීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(ඉ), ත්‍රස්තවාදය ඉස්මතු වන ලෙස ත්‍රස්තවාදී පින්තූර, ලිපි ලේඛන, ග්‍රන්ථ හා ධජ ප්‍රදර්ශනය හා එම පින්තූර හා ධජ භාවිතා කර ඇදුම් පැළදුම් හා වෙනත් භාණ්ඩ නිෂ්පාදනය, ලග තබා ගැනීම වසර 5 සිට වසර 25 දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(ඊ), අත්අඩංගුවට ගෙන පුනුරුත්ථාපන කර නිදහස් කරණ ලද ත්‍රස්තවාදීන් පිළිබඳව නිරතුරුවම විමර්ශන සිදු විය යුතුය නැවත නීති විරෝධී ක්‍රියා කරන ලදී නම් ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(උ), ත්‍රස්තවාදී සංවිධාන වල සේවය කර මියගිය අයවළුන් පව්ලේ සමාජිකයන් හටද සැමරුම් උත්සවය පැවැත්වීම වසර 2 සිට 10 දක්වා සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

                                            · 2019 සැප්තැම්බර් 1 · 

පෘථිවි වැසියන්ගේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කරන වනාන්තර පද්ධතිය රැක ගනිමු.
ඇමර්සන් වැසි වනාන්තය, කොන්ගෝ වැසි වනාන්තය ගිනි බත් වන තෙක් බලා සිටිමින් ලෝක බලවතුන් පෘථිවි වැසියන් අනතුරකට පත් කරමින් පවතී.
මිනිසුන් විනාශ කිරීමට හැකි බලවත් මිසයිල අත්හදා බැලීම වැනි ක්‍රියාකාරකම් සඳහා විශාල ලෙස මහජන ධනය, ශ්‍රමය විනාශ කරන බලවතුන් පෘථිවි වැසියන්ගේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කරන වැසි වනාන්තර රැක ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර සිටිමු.
අප විශ්වය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිමින් සිටි, එය අවශ්‍ය වේ ඒ නමුත් පෘථීවිය හා පෘථිවියේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන බව වටහා ගත යුතුය.
මහජන ධනය, ශ්‍රමය නිස්කාරණයේ විනාශ නොකර පෘථිවි වැසියන්ගේ ජීවය ඉදිරි අනාගතයට තහවුරු කිරීම හා උසස් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීමට මහජන ධනය, ශ්‍රමය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

  2019 ඔක්තෝබර් 22  · 

 

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ කුරිරු මේලේච්ච ත්‍රස්ථ බෝම්බ ප්‍රහාරයේ දී තුවාල ලබා රෝගී තත්ත්වයේ සිටින හා යම් යම් අපහසුතා සහිත සියලුම අයවලුන් සඳහා විධිමත් තොරතුරු එක්රැස් කිරීමක් තුළින් එම එම  අපහසුතා සහිත ඔවු නොවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන මූල්‍ය, ‍ ද්‍රව්‍ය, සේවා, යන සියළු පහසුකම් සපයාදීම සදහා අවශ්‍ය කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස සිදු විය යුතුය. 

 

ආදායම් උපයා ගැනීමට නොහැකි තත්වයේ පෙලෙන අයවළුන් සදහා මාසික සහන වැටුපක් ගෙවීමට සියළු කටයුතු සිදු විය යුතුය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

  2019 සැප්තැම්බර් 16  · 

 

විරෝදාර රණවිරුවන් වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කරනු.

රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන් හා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් දිවි ඇති තුරු වැටුප් ගෙවීම සිදු විය යුතුය.

 

ඔහුන් දිවි පිදුවේ, ආබාධිත වූයේ ඔබ අප සියලු දේනාගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයත්වය ජනීජනයගේ නිදහස වෙනුවෙන්ය.

 

එම එම ආබාධිත රණවිරුවන් සඳහා සියළු දිමනා සහිතව වැටුප් ගෙවීම අඛන්ඩව  දිවි ඇති තෙක් ගෙවා ඔහුන්ව පෝෂණය කර රැක බලා ගැනීම ඔබ අප සැමගේ යුතුකමකි, වගකීමකි.

 

දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල යැපෙන්නන් සඳහාද දියළු දීමනා සහිතව වැටුප් ගෙවීම අඛන්ඩව එම එම යැපෙන්නන් දිවි ඇති තෙක් ගෙවිම සිදු විය යුතුය. 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

2019 පෙබරවාරි 4 
නිදහස
 බලන්ගොඩ මානවයාගේ සිට පැවත එන හෙළ සිංහලයේ අතුරුථල ජාතීන් ලොව පුරා විසිරී විවිධ ජන වර්ග ලෙස ජීවත් වන බව උපකල්පනය කළ හැකිය.
 ශ්‍රි ලංකා ද්විපය හෙළ මහා සිංහලයේ නිජබිම නිදහස නැති නිදහස සමරන අපි අපි අතර ඉපිදෙන දේශද්‍රෝහීන් පාවා දීම් හේතුවෙන් නිදහස නැති කර ගැනීම සිදු වේ.
 හෙළ සිංහලයේ නිජබිම වූ ශ්‍රී ලංකාවේ නිදහස මීට වසර 7000 ට පමණ ප්‍රථම බලවත් ලෙස භුක්ති විඳීමට ඒ මහා නරපති සක්විති රාවණ යුගයේ දී සිංහල ජනතාව සැබෑ සත්‍යය නිදහස් රසය සැබෑ ලෙසම භුක්ති විඳින ලදී, ජාති දේශ ද්‍රෝහීන් විසින් බල කෑදරකම වෙනුවෙන් රට ජාතිය පාවා දී ශ්‍රී ලංකාවේ නිදහස නැති කිරීමට සමත් විය.
 කාලයාගේ ඇවෑමෙන් නැවත නිදහස තහවුරු කර ගන්නා ශ්‍රී ලංකා ද්විපය නැවත වතාවක් හෙළ සිංහලයේ නිජබිම නිදහස භුක්ති විඳින සිහළය නැවත රට ජාතිය පාවා දීමට කටයුතු කිරීමෙන් හෙළ සිංහලයේ නිජබිම නිදහස අහිමි විය. 
 පණ්ඩුකාභයගෙ මුහහත් අසිපතෙන් නැවත නැගී සිටින හෙළ සිංහලයේ නිජබිම වරින් වර විවිධ ජන වර්ග විසින් ආක්‍රමණය කිරීමට වෙර දැරූ නමුත් කිසිදු ජන වර්ගයක් විසින් යටත් කර ගැනීමට නොහැකි වූ හෙළ මහා සිංහලයේ නිජබිම අභිමානවත් ලෙස පෙරට පෙරමුණ ආ හෙළ මහා සිංහලයේ නිජබිම; විවිධ කූට ක්‍රියාකාරකම් සමුදායක් තුලින් හෙළ මහා සිංහලයේ හෙළ ශක්තිය විනාශ කරමින් යටත් විජිතයක් බවට දේශද්‍රෝහී විසින් හෙළ මහා සිංහලයේ නිජබිම නිදහස වර්ෂ 1815වේ උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයට ලබා දීම සිදු විය.
 විටින් විට නැගී සිටි හෙළ මහා සිංහලයේ ජන බලවේග හමුවේ දණ ගැස්සූ බ්‍රිතාන්‍යයන් 1948 දී නිදහස නැමැති දිනයක් තුළින් ජනතාව මුලා කිරීමට සමත් වූ අතර අද වර්ථමානය වන විට දීද හෙළ සිංහලයේ නිජබිම තුළ හෙළ සිංහලය සිර කුටියක නිදහස නැමැති දිනයක් සමරනු ලබන්නේ නොවේද ?
 වර්ථමානයේද බල කෑදරකම, මුදල් කෑදරකම හේතුවෙන් රට ජාතිය ආගම පාවා දෙන්නන් , හෙළ සිංහලයේ නිජබිම නිදහස් උරුමය දීර්ඝකාලීන බදු දෙන්නන් විකුණුම් කරන්නන් රට ජාතික ආගම් සංස්කෘතිකය විනාශ කරමින් හොරකම් වංචාව දූෂණය මත් ද්‍රව්‍යය ජාවාරම් රජයන වර්ථමානයේ අපි සමරන්නේ සෑබෑ සත්‍යය නිදහසද ?

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2018
 
 
2018 දෙසැම්බර් 31 
බුද්ධියේ විමසුමට
 තප්පර විනාඩි පැය දින සති මාස අවුරුදු දසවස් සියවස්, අක්ෂර වචන භාෂා ජාති ආගම් සමාජ පන්ති කුල සංස්කෘතික, පක්ෂ සංවිධාන සංගම් සමිති සමාගම්,  ඉඩම් සීමා, ග්‍රාම සීමා, ග්‍රාමීය සීමා, නගර සීමා, දිස්ත්‍රික් සීමා, පලාත් සීමා, ප්‍රාන්ත සීමා, රාජ්‍ය සීමා, මුහුදු සීමා, දේශ සීමා, මහද්වීපික සීමා ආදී වශයෙන් විවිධ කොටස්වලට බෙදීම වෙන්වූ ජන සමාජයක් තුළ පවතින විවිධාකාර ගැටුම් ගැටළු තුලින් සමන්විත කෘතීම නිර්මාණයන් පෘථිවිය මිහිතලය නැමති ස්වභාව ධර්මයේ නිර්මාණයට මොන තරම් ගැලපීම් නොගැලපීම් සිදු වන්නේද ?
 ජාතික ආගමික සංස්කෘතික රාජ්‍ය පරිපාලනමය පහසුව සඳහා වෙන් වෙන් වූ ඉහතින් සඳහන් කළ කරුණු තුලින් පෘථිවිය මත වෙසෙන විවිධ සත්ව ප්‍රජාවන් අතරින් බුද්ධිමත්ව සත්ව කොට්ඨාශය වන මානවයා නොහොත් මිනිසා වායු, ජල, ශිලා ගෝලයන් දූෂණය කරමින් මිනිසාට මෙන්ම අනෙකුත් සියළු සත්ව ප්‍රජාවන්ට ජීවත් වීමට නොහැකි පෘථිවි පෘෂ්ඨයක් බවට පත් කරමින් පවතී.
 අපි වෙන් වෙන් වශයෙන් කටයුතු කළ යුතු වන්නේ මිනිස් ප්‍රජාව මෙන්ම අනෙකුත් සියලු සත්ව ප්‍රජාවන්ටද මිහිතලය මත රඳා පැවැත්මට යහපත් වන ලෙස විය යුතුය.
 මල් වත්තක් අලංකාර වන්නේ එහි නිර්මාණාත්මක විවිධත්වය තුළිනි,
රාජ්‍යයක් අලංකාර වන්නේ විවිධ ජාතීන් ආගම් සංස්කෘති භාෂාවන්ගෙන් සමන්විතව නිර්මාණාත්මකව එකිනෙකා අවබෝධාත්මකව කටයුතු කිරීම තුළිනි.
 පෘථිවිය නැමැති මිහිතලය මිනිසාට මෙන්ම අනෙකුත් සියලු සත්ව ප්‍රජාවන්ට යහපත් වන්නේ සියළු රාජ්‍ය ජාතික ආගමික වශයෙන් අවබෝධාත්මකව එකමුතුව කටයුතු කිරීම තුළින් නොවේද ?
බුද්ධියේ විමසුමට

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ



 

 

                                            

2018 මැයි 11

 
පරිසරය රස විඳින්න..

 

පරිසරය කියවන්න..

 

පරිසරයට සංවේදී වන්න..

 

පරිසරයට ආදරය කරන්න..
පාරිසරික හානිදායක තත්වයක් අවම ලෙස අප පරිභෝජන අවශ්‍යතා සපුරා ගනිමින් පරිසරය සුරකිමු.
අපේ කර්මාන්ත ශාලා වලින් හා වෙනත් යම් යම් කටයුතු වලින් ජලගෝලය වායුගෝලය විනාශ වීම වලක්වා ගනිමු.
එවිට මූළු මහත් මානව ප්‍රජාවත් සියළු සත්ව ප්‍රජාවත් ආරක්ෂා වේ.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

2018 අගෝස්තු 3 · 
පුංචි පුංචි දිය බිඳු එකතු වෙලා දිය උල්පතක් සෑදෙනවා.
දිය උල්පත් එකතු වෙලා දොළ පාරක් සෑදෙනවා.
දොළ පාරවල් එකතු වෙලා දොළ ආරක් සෑදෙනවා.
දොළ ආරවල් එකතු වෙලා දිය ඔයක් සෑදෙනවා.
දිය ඔය පාර කිහිපයක් එකතු වෙලා මහා විශාල ගංගාවක් සෑදෙනවා.
මේ පුංචි දිය බිඳු වල එකතුවේ ආරම්භයේ සිට ගහකොළට මිනිසාට සතා සිවුපාවුන්ට මිල කළ නොහැකි සේවාවන් ඉටුකිරමින් මහ මුහුද කරා ගමන් කරනවා.
අපි පුද්ගලයින් වශයෙන් අපි ලග පුංචි පුංචි නරක පුරුදු වැරදි තියෙනවා.
පව්ලක් වශයෙන් දිය උල්පතක් මෙන් වැරදි නරක පුරුදු උල්පත් හැදෙනවා.
පව්ල් එකතු වෙලා හැදෙන ගමක් දොළ පාරවක් මෙන් වැරදි දොළ පාරවල් හැදෙනවා.
රටක් වශයෙන් ගත් කල මහ ගංගාවක් පුංචි පුංචි දිය බිඳු එකතු වෙලා හැදෙන ගංගාවක් මෙන් පුද්ගලයින් වශයෙන් අපි ලග‌‌‌ තියෙන පුංචි පුංචි වැරදි නරක පුරුදු එකතුව මහ ගංගාවක් සෑදෙනවා. එයින් තමන්ට,ගමට, නගරයට,පලාතට,රටට ලෝකයේට අයහපත් හානිදායක තත්වයක් අපි උද්ගත කරනවා.
පුද්ගලයින් වශයෙන් අපි ලග‌‌‌ තියෙන නරක පුරුදු වැරදි නතර කර නිවැරදි හොද පුරුදු එකතු කර තමාට පවුලට ගමට නගරයට පළාතට රටට ලෝකයට වටිනා සේවාවන් ඉටුකරිමට හැකිය පුංචි පුංචි දිය බිඳු එකතු වෙලා හැදෙන මහ ගංගාවක් මෙන්.

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2018 දෙසැම්බර් 26 · 

"අවම අයහපත් හානිදායක තත්වයක් තුළින් අප අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු සිදු කරමු."

යහපත් අයහපත් සත්ව ක්‍රියාකාරකම් සමුදායක් තුලින් සමන්විත පෘථිවියේ බුද්ධිමත්ම සත්ව කොට්ඨාසය ලෙස මානවයා හදුන්වා දිමට හැකි වේ.

ලුණු, මිරිස්, පැණි රසට හුරු වූ මානවයා විවිධ ආහාර පාන තුලින් පෝෂණය වෙමින් මුළු මහත් පෘථිවියේ ජල, වායු , ස්වභාවික පරිසරය පද්ධති විනාශ කරමින් තම වර්ගයා බෝ කිරීම සිදු වේ.

"යම් ක්‍රියාවක් තුලින් ප්‍රතික්‍රියාවක් හෝ ප්‍රතික්‍රියා කිහිපයක් සිදු වේ."'

ස්වභාවික විපත් සිදු වීම සඳහා මානවයා විසින් සිදු කරන ක්‍රියාවන් කුමක්ද ?

01 "ක්‍රියාව"

01, ආහාරය හා වෙනත් කටයුතු සඳහා සතුන් ඝාතනය කිරීම.

 

"ප්‍රතික්‍රියා"

01, විශාල වශයෙන් සත්ව ප්‍රජාව හිංසනයට, ඝාතනය ලක් වීම.

02, විශාල වශයෙන් අකුසල් සිදු වීම.

03, විවිධ ලෙඩ රෝග ආහාර ලෙස ගන්නා අයවළුන් සදහා වැලදීම.

04, පරිසර හිතකාමී සත්ව ප්‍රජාවද වද වී යාම.

05, ස්වභාවික විපත් සදහා ප්‍රබලම හේතුවක් වීම.

02, "ක්‍රියාව"

01, ජන වර්ග හා රාජ්‍ය රාජ්‍ය අතර පවතින යුද්ධය.

"ප්‍රතික්‍රියා"

01, ජන වර්ග හා රාජ්‍ය රාජ්‍ය අතර අසමගිය වර්ධනය වී සාමය දුරස් වීම.

02, මානව ප්‍රජාව කූර හිංසනයට, ඝාතනය ලක් වීම.

03, අවි ආයුධ නිෂ්පාදනය කරන්නන් විශාල දියුණුවක් ලගා කර ගැනීම.

04, පරිසර, මූල්‍ය, වායු ශ්‍රමය දූෂණය වීම.

05, යුද්ධය පවතින දෙපාර්ශවයටම මානව ආර්ථික පාඩු සිදු වීම.

06, ස්වභාවික විපත් වලට ප්‍රබල හේතුවක් වීම.

03, "ක්‍රියාව"

01, ප්‍රජාව සදහා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම.

"ප්‍රතික්‍රියා"

01, ප්‍රජාව සදහා ආහාර ප්‍රවාහන හා වෙනත් අවශ්‍යතා සම්පූර්ණ වීම.

02, ස්වභාවික පරිසර පද්ධති අසමතුලිත වීම.

03, ජල,වායු, ස්වභාවික පරිසරය දූෂණය වීම.

04, ස්වභාවික විපත් සදහා හේතුවක් වීම.

"අවම අයහපත් හානිදායක තත්වයක් යටතේ අප අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරමු."


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

"සේනා දළබු හානිදායක තත්වය පිටුපස ඇති සත්‍ය සොයනු"

 

සංචාරක වෙස් ගත් සතුරු බලවේගයක් සැලසුම් සහගතව ව්‍යාප්ත කළ රෝගයක්ද ?

ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මාන්තය විනාශ කිරීමේ සැලසුම් සහගත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක ද ?

 

ආනයනික බීජ සමඟ පැමිණි රෝගයක්ද ?

 

ග්ලයිෆොසේට් තහනමට විරුද්ධව පැමිණි වක්‍ර ප්‍රහාරයක් ද ?

 

කෘමිනාශක නිෂ්පාදනය හා අලෙවිය පිටුපස සැඟවුණු මාfපියාවේ රෝගයක්ද ?

 

විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් සත්‍යය සොයා ජනතාව දැනුවත් කළ යුතුය.

 

සේනා දළබු හානිය තුළින් හානියට පත් සියළුම ගොවි මහත්ම මහත්මීන් සඳහා සාධාරණව වන්දි ලබා දීම විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ සිදු විය යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

විරෝදාර රණවිරුවනවිරෝදාර රණවිරුවන් වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කරනු.

 

රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් දිවි ඇති තුරු වැටුප් ගෙවීම සිදු විය යුතුය.

 

ඔහුන් දිවි පිදුවේ, ආබාධිත වූයේ ඔබ අප සියලු දේනාගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය ඒකීයත්වය ජනීජනයගේ නිදහස වෙනුවෙන්ය.

 

එම එම ආබාධිත රණවිරුවන් සඳහා සියළු දිමනා සහිතව වැටුප් ගෙවීම අඛන්ඩව  දිවි ඇති තෙක් ගෙවා ඔහුන්ව පෝෂණය කර රැක බලා ගැනීම ඔබ අප සැමගේ යුතුකමකි, වගකීමකි.

 

දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල යැපෙන්නන් සඳහාද දියළු දීමනා සහිතව වැටුප් ගෙවීම අඛන්ඩව එම එම යැපෙන්නන් දිවි ඇති තෙක් ගෙවිම සිදු විය යුතුය.

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ් වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කරනු.

 

රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් දිවි ඇති තුරු වැටුප් ගෙවීම සිදු විය යුතුය.

 

ඔහුන් දිවි පිදුවේ, ආබාධිත වූයේ ඔබ අප සියලු දේනාගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය ඒකීයත්වය ජනීජනයගේ නිදහස වෙනුවෙන්ය.

 

එම එම ආබාධිත රණවිරුවන් සඳහා සියළු දිමනා සහිතව වැටුප් ගෙවීම අඛන්ඩව  දිවි ඇති තෙක් ගෙවා ඔහුන්ව පෝෂණය කර රැක බලා ගැනීම ඔබ අප සැමගේ යුතුකමකි, වගකීමකි.

 

දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල යැපෙන්නන් සඳහාද දියළු දීමනා සහිතව වැටුප් ගෙවීම අඛන්ඩව එම එම යැපෙන්නන් දිවි ඇති තෙක් ගෙවිම සිදු විය යුතුය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

2018 වසරේ අපි නව වසර උදාවට සිංහල අළුත් අවුරුද්දට වෙසක් පොසොන් ඇසළ නත්තල් වෙනත් ජාතික ආගමික විශේෂ අවස්ථාවලදී මේ හැම අවස්ථාවකදීම සුභ පැතුම් පැතුවා; 

 

රටට අපට සුභ නොවන්න කොතනද අපිට වැරදුනේ ?

 

 පැතුම් තුලින් සුභ හෝ අසුභ වන්නේද නැත අපි තුළ පවතින යම් යම් දුර්වලතා අඩුපාඩු ඉවත් කර ගැනීමට නොහැකි නම් ඉදිරි 2019 වසර අවසානයේ දීත් අපට ආපසු ආ මග තුළ රටක් ජාතියක් ලෙස 2018 වසරේ මෙන් පසු තැවීමට සිදු වීම වලක්වා ගැනීමට නොහැකි වේ.

 

 අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුය.

 

 අපි අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය විය යුතුය.

 

 රටේ මුල් පිටුවේ සිට නිවැරදි නායකත්වයන් තොරාපත් කර ගත යුතුය.

 

 2018 වසරේ දී 2015 වසරේ සිදු කර ගත් වරදින් උච්චතම දඩුවම් පොදු මහජනතාවට ලබා ගැනීමට සිදු විය.

 

 ඉදිරියේදී පාවා දෙන්නන් මං කොල්ල කරුවන් ස්ථිර පැවැත්මක් නැති තම තම වාසියට ඕනෑම පැත්තකට පනින දේශපාලුවන් බලයට පත් නොකර ගැනීම තුළින් සුභ ප්‍රාර්ථනා  මෙන් රටට ජාතියට සෑම අතින්ම සුභ වීම වලක්වා ගැනීමට නොහැකිය.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

ජනතාවනි !  වර්තමානයේ අප මාතෘ භූමිය තුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය හමුවේ පක්ෂ පාට දේශපාලනය පසෙකලා රට ජාතිය අනාගත පරපුර ගැන නුවණින් විමසා කටයුතු සිදු කිරීම තුළින් රටට ජාතියට සෑම අතින්ම යහපත් බව වටහාගෙන කටයුතු සිදු කිරීම යහපත් වේ.

 

 අරක්කු බෝතල් සිගරට් බත් පැකට් එකකට ඔබගේ වටිනා කාලය පාර තොටේ නාස්ති කරමින් තම තමන්ගේ මෙන්ම දරු මුණුපුරන්ගෙද පරිහානිය තම තමන් නොදැනුවත්වම ලගා කරගන්නා බව වටහාගෙන කටයුතු සිදු කිරීම යහපත් වේ.

 

 ඉදියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය බලාපොරොත්තුවෙන් තම තම එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ගනිමින් සාමකාමීව ජීවත් විමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම යහපත් වේ.

 

 නිස්කාරණයේ පාර තොටේ බොරු පුරසාරම් වෙනුවෙන් ඔබගේ කාලය වැය කරනු වෙනුවට අඹ කොස් දෙල් වැනි ආර්ථික වටිනාකමක් සහිත පැලයක් සිටුවා එයට සාත්තු කරන්න එයින් ඔබට මෙන්ම අනාගත පරපුරටද විශාල යහපත්කම උදා කිරීම සිකුරුය. 

 

ජනතාවනි ! පක්ෂ පාට වලට බෙදී කිසිදු කලක අපට රටක් ජාතියක් ලෙස කිසි දිනෙක දෙපයින් නැගී සිටිමට නොහැක.

 

ජනතාවනි ! අප දැස් ඉදිරියේ ඇති අදුරු තිරපටය ඉවත් කර බුද්ධියේ දෙනෙත් විවර කර බුද්ධිමත්ව විමසා බලන්න.

 

ජනතාවනි ! එකම රටක් එකම ජාතියක් ලෙස නැගී සිටින්න පෙල ගැසෙන්න.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ


 

 

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය කඩිනමින් නිම කළ යුතුය.

 

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් හානි  සිදු වූ සියළුම අයවළුන් හට ඉඩම්, දේපල හා මුදල් වන්දි ලබාදීම කඩිනමින්  සාධාරණව සිදුකළ යුතුය. (හානි සිදු වී ඇති ආකාරය අනුව සාධාරණ ලෙස වන්දි ලබාදීම සිදු කළ යුතුය) 

 

හානි සිදු කරන ලද පරිසරය හැකි උපරිම හරිත ශාක බෝග වගා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

 

අපිරිසිදු ජලය(විෂ රසායන ද්‍රව්‍ය, සිමෙන්ති, වෙඩි බෙහෙත්, ගල් කුඩු, මිශ්‍ර ජලය) හා අනෙකුත් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස අලිකොටආර වෙත නිකුත් කිරීම තුළින් සිදු කරන ලද පරිසරය හා ජලජ ජීවීන් විනාසය සිදු කරන ලද වගකීව යුතු අයවළුන් හට  තරාතිරම නොබලා දැඩි දඩුවම් පැමිණවීම සිදු කළ යුතුය. 

 

'(ශ්‍රී ලාංකික නම් අධිකරණය හමුවේ 

අපිරිසිදු ජලය(විෂ රසායන ද්‍රව්‍ය, සිමෙන්ති, වෙඩි බෙහෙත් මිශ්‍ර ජලය) හා අනෙකුත් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස අලිකොටආර වෙත නිකුත් කිරීම තුළින් සිදු කරන ලද පරිසරය හා ජලජ ජීවීන් විනාසය හා එම අලිකොටආර ජලය භාවිතා කරන ජනතාව අපහසු තාවයට පත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඔහුනනට වසර 10යේ සිට 25 දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ යුතුය. )' '(ඉරාන ජාතිකයන් විසින් සිදු කරනු ලැබුවේ නම් ගිවිසුම අහෝසි කර සියළුම ඉරාන ජාතිකයන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ යුතුය.) ' 

 

 ඉදිරියේදී අපිරිසිදු ජලය පිරිපහදු කර මුදා හැරීම සිදු කළ යුතුය. 

 

 උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් ඌව පළාතේ ජල හා විදුලිය අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු අනෙකුත් පාලාත් සදහා ජලය හා විදුලිය නිකුත් කළ යුතුය.

 

  උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තුළ සිදු වන සිදු කරන ලද අක්‍රමිකතා, සොරකම්, හා පොදු දේපල හානිය වෙනත් නීතී විරෝධී ක්‍රියා සොයා බලා අවශ්‍ය නීති කටයුතු කඩිනමින් සිදු කළ යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ


 

 

ලොව ජීව නාලය නම් කය මනස වෙහෙස  කර වැඩ කරණ කම්කරු  ජනතාව අපි වේ.

 

 ලොව ගොඩනැගීමත් ලොව වැනසීමත්  කළ හැකි වන්නේ කම්කරු ජනතාව වන අපටමය..

 

 අපි නුවණින් විමසා නුවණින් දැක නිවැරදි ලෙස වැඩ කටයුතු සිදුකර සාධාරණ,යහපත්, නිවැරදි,අනර්ඝ  ලෝකයක් ගොඩනැගීම උදෙසා වෙහෙස වී වැඩ කරමු.

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ



 

 

රාජ්‍යයක පුරවැසියන් සඳහා ආදායම් ඉපැයීම සීමා කර මුදල් භාවිතය වෙනුවට කාඩ් පත් හරහා සියළු කටයුතු සිදු කිරීම සඳහා විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් නීති විරෝධී හා ඕනෑම ආකාරයක වැරදි වැඩ බලපෑම් රහිතව නතර වෙනවා.

 

ජනතාව සතු සියළුම චංචල නිශ්චල දේපල ලේඛන ගතකොට මුදල් පරිහරණය සිදු නොවන ලෙස පවත්වාගෙන යාම සඳහා විශේෂ කාඩ් පතක් මගින් සියළුම නිතියානුකූල කටයුතු සඳහා පමණක් එම කාඩ් පත භාවිතය සඳහා අංශයක් හරහා කටයුතු සිදු කිරීම තුළින් නීති විරෝධී කටයුතු සිදු කිරීම සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගත කරන්න පුළුවන්

 

දැන් මුදල් උපයන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් වගේම ව්‍යාජ මුදල් භාවිතා කරන්නන් පුළුවන්

 

පුරවැසියන් මුදල් උපයන්න සිදු කළ ක්‍රියා කලාපය සම්පූර්ණ නීතියානුකූල නම් පමණක් තම ගිණුමට එම අගය එකතු කරන්න පුළුවන්

 

මුදල් කියලා යම් ද්‍රව්‍යයක් ජනතාව පරිහරණය නොකරන විට මුදල් කියන සංකල්පය මත පදනම් වෙමින් තමයි සෑම විටම කටයුතු සිදු වෙන්නේ.

 

දැන් මෙතනම අපි උදාහරණයක් ලෙස ගමු. 2 කියන පිරිස දැව ජාවාරම්කරුවන් මෙම දැව ලෙස විකුණුම් භාණ්ඩ    ලෙස 1,4,6, කියන අයවළුන් සදහා අලෙවි කිරීම සිදු කළ යුතුයි 2 කියන දැව ජාවාරම්කරුවගෙ ගිණුම් වලට ඔහුන් සිදු කළ ක්‍රියාදාමය තුළින් උපයාගත් මුදල්මය සංකල්ප අගය එකතු කර ගැනීමට. අදාළ අංශය තුලින් එම අගය එකතු කරන නිසි ක්‍රමවේදයක් තුලින් ඔහුන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ අයවළුන් බවත් 1,4,6, යන අයවළුන් නීති විරෝධී විකුණුම් භාණ්ඩ මිලදී ගැනීම සඳහා තම තම ගිණුම් තුලින් 2 කියන දැව ජාවාරම්කරුවන සඳහා මුදල් හුවමාරු සිදු වන බව පැහැදිලිව හසු වෙනවා. 

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

ආණ්ඩුව මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා නොගැනීමට කටයුතු නොකිරීම නීති විරෝධී සුරක්ෂා රක්ෂණය තුළින් රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා ද ? විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සිදු විය යුතුය.

 

 නීති විරෝධී සුරක්ෂා රක්ෂණය තුළින් බාල වයස් කරුවන් සඳහා ජීවිත රක්ෂණ වන්දි ලබා දීම සහ ලබා ගැනීම නොකළ යුතුය.

 

 නීති විරෝධී සුරක්ෂා රක්ෂණය පවත්වාගෙන යාමට ඉඩ සලසා දීමට කටයුතු සිදු කරන ලද වගකිවයුතු නිලධාරීන් හා රාජ්‍ය ආයතන සඳහා විදීමත් පරික්ෂණ පැවැත්වීම සිදු විය යුතුය.

 

 මහ බැංකුව බැදුම්කර වංචාව හා අදාළ වෙනත් සියළු පරික්ෂණ පැවැත්වීම සිදු විය යුතුය.

 

 පාර්ලිමේන්තු මහ මැතිවරණය, පලාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය, කල් තැබීම, සුරක්ෂා රක්ෂණ වන්දි ලබා ගැනීම, මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා අනෙකුත් වත්මන් ආණ්ඩුවේ දුර්වලතා යටපත් කර ගැනීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනු ලැබු ත්‍රස්ත ප්‍රහාර බවට විධිමත් විශේෂ පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

2018 පෙබරවාරි 04
එදා මෙදා තුල නිදහස
සිංහල ජාතියේ නිජබිම තුළ සිංහල ජාතිය අද නිදහස යනු පෙබරවාරි 4 දින පුරසාරම් දොඩවා ගෙවා දමන දිනයකට පමණක් සීමා වී ඇති බව අපි අකමැත්තෙන් වුවද පිළිගත යුතුය.
අපිට අපේම ආහාර වර්ග වලින් සමන්විත ආර්ථිකයේ ශක්තිමත් රටක් ජාතියක් ව හෙලදිව ධාන්‍යාගාරය ලෙස ලොව ප්‍රකට රටක් වූ අප මව්බිම
 
අද
අද රට ටික ටික බදු දී ණය බරින් මිරීකී ඇති ආර්ථිකයක් හිමි නැව් නාවොත් කන්න නැති, දූෂණය වංචාව හිංසනය රජයන, කුණු නැව් පවා ආනයනය කර කුණු කදු ගොඩ නගන අස්ථාවර දුර්වල පාලන ක්‍රමයන් තුල කොටු වී ලෙඩ රෝග අඩු නැතිව වසවිස සහිතව කන බොන, හුස්ම ගන්න පිරිසිදු වාතය අඩු වෙන, බොන්න පිරිසිදු ජලය හිඟ වෙන, මේකද අපේ නිදහස් ශ්‍රි ලංකාව.
 
කො සක්විති රාවණා රජු අපට දුන් දායාද
කො අපේ එකමුතුකම
කො අපේ හෙළ ශක්තිය
කො අවංක නිර්ව්‍යාජ බව
කො හෙළ සිරිත් විරිත්
කො අපේ ඖෂධ වර්ග
කො සදාචාර සම්පන්න ජන සමාජය
එදා අපේ රට දෙස බලා ලෝකයේ රටවල් දියුණු වුණා.
එදා අපි සතුනටත් කෑම දුන්නා අද අපි හිංසනයෙන් සතුන් මරන් කෑමට ගන්නවා.
අපි දෑත දෙපය හිස(මොළය) වෙහෙස මහන්සි වෙලා නිවැරදිව වැඩ කරළා.
නැවතත් අපේ ධාන්‍යාගාරය හදමු.
හෙළ ඔසු මැදුර හදමු.
අපේ රට සස්ශ්‍රිකත්වයෙන් බබලවා නැති වී ගිය අවශ්‍ය හැම දෙයක්ම නැවත ගොඩනගමු.
එදාට අපි නිදහස නිදහසේ සමරමු.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

· 2017 මැයි 18 · 
යුද්ධය නම් වෛරයයි..

 

සාමය නම් ආදරයයි..
ඔබ.. වෛරයට වෛර කලොත් වෛරය ඔබට වෛර කරාවී..
ඔබ.. වෛරයට ආදරය කලොත් වෛරය ඔබට ආදරය කරාවී..
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ත්‍රස්ථවාදය ප්‍රචන්ඩත්වය ලේ වැගිරූ මව්බිම නිදහස කරා ආ ගමනේ මව්බිමේ ජනතාවගේ ලේ කදුළ නතර කළ මේ පිංබර වෙසක් සමයේ මව් බිම සියලු ජනතාවගේ ජයක්ග්‍රාහී දිනයකි.
ත්‍රස්ථවාදය ප්‍රචන්ඩත්වය තුලින් ජයගත හැකි වන්නේ ජනතාවගේ වේදනාකාරී දුක් සෝ සුසුම් අව්ලවා ලැබෙනා ශෝකය නොවේද?.
ලෝක ඉතිහාසයේ පැවති සියලු ත්‍රස්ථ ක්‍රියාවකින් ජනතා සුභ සිද්දියක් ඇතිවී නොමැති බව ඔබ අප දන්නා කරුණකි.
මදක් සිතන්න සියලු රාජ්‍ය පාලකයිනි ත්‍රස්ථවාදයට ප්‍රචන්ඩත්වයට මඟ පාදන්නේ බලයට පත් වන පාලකයින්ම නොවේද ?
බලය, ඉල්ලීම්, භූමිය,සාමය දිනා ගැනීමට ත්‍රස්ථ වාදය ප්‍රචන්ඩත්වය අව්ලවන්නේ බලය හිමි අහිමි පර්ෂවයන් බව බුද්ධිමත් ජනතාව වටහාගෙන කටයුතු සිදුකිරිම තුලින් අපගේ මානව වර්ගයාගේම ගෝලීය පරිසර විනාසය, මූල්‍ය හා ජනතා ශ්‍රම දූෂනය වලක්වා ගනිමින් සියලු මනවයා අපේක්ෂා කරණ සාමය, සතුට,සුව පහසු ජිවන රටාව සියලු ජනයා හට ලබා ගැනිමට, ලබා දිමට සිදුකළ හැකි බව වටහා ගත යුතුය.

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ



 

 

 

2017 ජූලි 26 · 
"ඉදිකටුවත් විදේශ රටින් එන අපේ රට"
අපි අපි ගැනම කණගාටු විය යුතුයි.
රටත් බඳු දී විදෙස් ණය බර තර කර ගනිමින් අප රට පත් වන අඝාදය නොවැටහෙන අපි මේ තත්වය නවතා රටක් ජාතියක් ලෙස දෙපයින් නැගී සිටිය යුතු නොවේද.?

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ


 

 

2017/12/13

අපි වෙනස් වෙමු.

 

අපි වෙනස් කරමු.

ඉර හද, වායූගෝලය,පොලො තලය, ඇල දොල ගංගා,වැව් අමුණු, මුහුද මේ පරිසරය අපට නොමිලේ ලබාදෙන අමිල සේවාවන් ගැන සිතා බලන්න.

අඩි පාර,මහ පාර, රේල් පාර අපිට ලබාදෙන සේවාවන් දැඩිව දැනෙන්නේ එවාට හානි සිදු වී ඇති විටය.

සිතන්න..

සේවා ලබා ගැනීම, ලබාදීම තුලින් නිර්මාණ වී ඇති මානව ජීවීකාව, තමන් කරන මොනම හෝ වෘත්තීයක්, ව්‍යාපාරයක්, කුමන කාර්්‍යයකින් මුදල් ලබා ගෙන තමනුත් තම යැපෙන්නන් පෝෂනය කර ජීවත් වන විට තමන් කොයිතරම් සාධාරණ ආකාරයට එම කාර්යය ඉටුකර එයින් පෝෂණය වනවා දැයි සිතා එයින් ඔබ ලබන මානසික තෘප්තිය කොතරම්ද? ආත්මික සැනසුම කොතරම්ද?

වර්තමානයේ සමාජ සාධාරණත්වය කොතරම් දුරට අපි අතර වටිනා කමට ලක්වෙනවා ද? එයට වටිනා කමක් හෝ නොවටිනා කමක් තක්සේරු කිරීම අපි කරන මොනම හෝ වෘත්තීයක්, ව්‍යාපාරයක්,සේවාවක් තුළ අපි කරන ක්‍රියා කලාපය තුලින් දැනගත හැකිය.

සේවා දායකයන් ලබාදෙන සේවාවන් තුලින් එයින් පෝෂණය වන සේවා ලාභියාගේ යහපත් සිතුවිල්ලක් හෝ ඇති කිරීමට සේවා දායකයන් නිවැරදි ලෙස සේවා ලබා දෙනවා ද? එය නිවැරදිව ලබාදීමට සේවා දායකයන් මොනතරම් තෘප්තිමත් ද?

 

                                            

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ



 

 

 2017 ජූලි 24 · 

සේවා සේවා පමණක් කරමු.

නීති අංශය ලාභ උපයන මට්ටමට ගන්නා විට අපරාධ, නීති කඩ කිරිම් හා ජනතා නීති ගැටළු වැඩි වේ.

සෞඛ්‍යය අංශය ලාභ උපයන මට්ටමට ගන්නා විට රෝගීන් හා රෝග වැඩි වේ.

අධ්‍යාපණ අංශය ලාභ උපයන මට්ටමට ගන්නා ටිට ණූගත් ජනතාව වැඩි වේ.

 

 ආර්ථීකය වර්ධණය සිදු නොවේ.


 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

 

"මුදල්" සංසරණය හා රාජ්‍ය රාජ්‍ය අතර ගනුදෙනු.

 

මුලික වශයෙන් රාජ්‍යයක යම් මුදල් ඒකකයක් යනු එම රාජ්‍යයේ ජනතාවගේ ශ්‍රමය සදහා තක්සේරු කරණ ලද ද්‍රව්‍ය ඒකකය ලෙස හැඳින්විය හැකිය.

 

එකිනෙකා අතර සිදුවන යම් යම් ගනුදෙනු සඳහාද මෙම මුදල් භාවිතා කරන අතර ඈත අතීතයේ සිටම විවිධ නම් හා ද්‍රව්‍ය ඉහත සඳහන් කළ කරුණු සදහා භාවිතා කර ඇත.

 

රාජ්‍ය රාජ්‍ය අතර සිදුවන යම් යම් ගනුදෙනු සඳහාද මුදල් භාවිතා කරන අතර වර්තමානයේ දී මෙම රාජ්‍ය රාජ්‍ය අතර සිදුවන ගනුදෙනු කිරීම ක්‍රමයේ ඇති දුර්වලතා හේතුවෙන් මූල්‍ය අර්බුද රැසක් හා වෙනත් විවිධ රාජ්‍ය අර්බුද හට ගන්නා අතර ඒ සඳහා,

 

01, භාණ්ඩ හුවමාරුව සිදු කර ගැනීම,

 

02, ව්‍යාජ මුදල් භාවිතය නතර කිරීමට අවශ්‍ය සියළු කටයුතු සිදු කිරීම,

 

03, සාමාන්‍ය සිවිල් පුරවැසියන් සඳහා මුදල් භාවිතය වෙනුවට මුදල් රහිත ක්‍රමයක් භාවිතා කිරීම,

 

උදාහරණයක්:

 

සිවිල් පුරවැසියන් සඳහා මුදල් රහිත කාඩ් පත තුලින් සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු සදහා අවශ්‍ය සියලු කටයුතු සිදු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම,(මේ සඳහා විශේෂ සැලසුම් ඇත) 

 

04, රාජ්‍යයක් සතු මුදල් ඒකකයක් වෙනත් රටකට යාම සිදු නොකර යම් යම් රාජ්‍ය දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් තුළ දී මුදල් එම එම රාජ්‍යය තුලම ආයෝජනය හෝ රදවා තැබීම සිදු කිරීම තුළින්,

 

උදාහරණයක්:

 01      ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන ගනුදෙනුවක් සදහා ඉන්දීය රුපියල් බිලියන පහක් ලංකාව අය විය යුතු අවස්ථාවක,

 

එම මුදල ඉන්දීය මූල්‍ය ආයෝජනයන් සඳහා හෝ සාමාන්‍ය ලෙස රදවා තැබීම මගින්  පසුව සිදු කරන ගනුදෙනුවක් සදහා ඉන්දියාවට ගෙවීමට ඇති මුදලක් සදහා එම මුදල්වලින් කොටසක් හෝ සම්පූරණව ගෙවීම,

 

උදාහරණයක්: 

02   ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිදුවන ගනුදෙනුවක් සදහා ගෙවිය යුතු මුදල සදහා ජපානය ඇමරිකාව හා වෙනත් රාජ්‍ය වල ඇති ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් වලින් ගනුදෙනුව සම්පූර්ණ කිරීම,(එම එම රාජ්‍යය තුළ ඇති මුදල් වලින් අවශ්‍ය ප්‍රමාණයට ඉරානයට පැවරීම)

 

භාවිතා කළ හැකිය.

 

(මෙම සටහන මා සතු පුද්ගලික අදහසක් බව සලකන්න)

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

නිවැරදි ලෙස මාධ්‍ය භාවිතය සඳහා පෙළ ගැසෙමු.

 

 මාධ්‍ය නිදහස යනු නවීන තාක්ෂණය මගින් රාජ්‍ය හා ජාතික  ව්‍යාපාර විනාශ කර තම පටු අරමුණු සඳහා කටයූතු කිරීම හෝ තවත් යහපත් පාර්ශවයකට හානිදායක ලෙස කටයුතු කිරීම ද නොව. 

 

 තම රට ජාතිය ආගම වෙනුවෙන්  බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් සමාජයක් නොමග නොයවා කටයුතු කළ යුතුය.

 

  යම් යම් පාර්ශවයක වාසියට මාධ්‍ය ප්‍රකාශක අයිතිය අසුරා තැබීමය තැබීමට කටයුතු නොකළ යුතුය. 

 

 මානව යහ සබදතාව දුරස් කර පටු  වාසි තකා සියලු සමාජ පාර්ශ්වයන්ට මාධ්‍ය ප්‍රකාශක නිදහස් අයිතීන්ට හානි වන ලෙස කටයුතු නොකළ යුතුය.

 

මාධ්‍ය ප්‍රකාශක නිදහස තුලින් යම් යම් පාර්ශවයකට ඔහු නොවුන් තලා පෙලා ප්‍රකාශ කිරීම, අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, ප්‍රසිද්ධ හෝ සාමාන්‍ය පුද්ගලයකුට අපහස වන ප්‍රකාශ නිකුත් කිරීම කළ නොහැකිය.

 

උදාහරණයක්:

ගිනි පෙට්ටියක් භාවිතා කර විශාල වනාන්තර ගිනි තබා විනාශ කිරීමට හැකියාව ඇති හා තම සාමාන්‍ය අවස්‍යතා සදහා හා නිවැරදි ලෙස ද භාවිතා කිරීමට හැකිය.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

ධනපති පන්තිය ප්‍රධාන කොටස් පහකට බෙදා දැක්විය හැකිය. 

 

1, තමන්ට ලැබෙන ධනය තම සේවකයන්ට, හා රාජ්‍යයට ඉතා සාධාරණ ලෙස බෙදීයන ලෙස කටයුතු කරයි. ප්‍රතිශතය 5%කි

 

2, තමන්ට ලැබෙන ධනය තම සේවකයන්ට හා රාජ්‍යයට සාධාරණ ලෙස බෙදීයන ලෙස කටයුතු කරයි. ප්‍රතිශතය 10%කි

 

3, තමන්ට ලැබෙන ධනය තම සේවකයන්ට හා රාජ්‍යයට  අසාධාරණ ලෙස බෙදීයන ලෙස කටයුතු කරයි. ප්‍රතිශතය 50%කි

 

4, තමන්ට ලැබෙන ධනය තම සේවකයන්ට හා රාජ්‍යයට ඉතා අසාධාරණ ලෙස බෙදීයන ලෙස කටයුතු කරයි.  ප්‍රතිශතය 20%කි

 

5, තමන්ට ලැබෙන ධනය තම සේවකයන්ට නොලැබෙන ආකාරයට කපටි ලෙස තමා සන්තකයේ පමණක් සතු කර ගැනීමට කටයුතු කරයි. ප්‍රතිශතය 15% කි.

 

ස්තූතියි !

 

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

චින්තක වනිගසූරිය - පක්ෂ නායක
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ

 

           සියළුම ජනතාව එක්සත්ව විසිරී පවතින දේශපාලන බුද්ධි මතවාදයන් හා ක්‍රමවේදයන් එක් කරමින් ප්‍රබල බුද්ධි මතවාදී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම

2017
64642707_2235174776795609_31258112616908
64642707_2235174776795609_31258112616908
bottom of page