top of page
“ශ්‍රී ලංකා ජනබල පෙරමුණ”;
“නව රාජ්‍ය පාලන ව්‍යවස්ථාව”; (කෙටුම්පත)
“ආරම්භ කොටස”;
"ශ්‍රී ලංකා සිංහල බෞද්ධ පොදු ජනබලවත් ප්‍රජාත්‍රාන්ත්‍රික බුද්ධිමතවාධී ජනරාජ්‍යය”;
අංක 01;
“නාමය”;
(අ), නාමය "ශ්‍රී ලංකාව" වන අතර වෙනත් නාමයන් "සිංහ දේශය" "සිරි ලංකා " "හෙළ සිංහල බෞද්ධ දේශය" "තම්බපන්නිය" යන නාමයන්ගෙන් හඳුන්වා දීමට හැකි වේ.
“ජාතික ධජය”;
(ආ), ජාතික ධජය මගින් පිලිබිඹු වන අදහස;
(01), සූර්යයා සහ චන්ද්‍රයා මගින්, සදාකාලික පැවැත්ම, ආලෝකය, ශක්තිය, බලය පිළිබිඹු වේ;
(02),"බෝපත් හත මගින්";
(i), මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා,
(ii), යහපත් බව,
(iii), සාධාරණත්වය,
(iv), පෞඩත්වය,
(v), අපක්ෂපාතීත්වය,
(vi), ගුණාත්මක ජන සමාජය,
(vii), ආදරය, ප්‍රේමය, සෙනෙහස;
(03),සූර්යයා හා චන්ද්‍රයා අතර බෝපත් හත පිහිටා තිබීම තුළින් බෝපත් හතේ තේරුම සදාකාලික පැවැත්ම පිලිබිඹු වේ;
(04), තාරකා මණ්ඩලය තුළින්, පෘථිවිය හා විශ්වයක් පවතින බව පිලිබිඹු වේ;
(05), සිංහයා සහිත ශ්‍රී ලංකා සිතියම තුළින් ශ්‍රි ලාංකික හෙළ සිංහලයේ පෞඩත්වය පිලිබිඹු වේ;
(06), දේදුණු වර්ණය තුළින්, හෙළ සිංහලය හා ලෝව වෙසෙන අනෙකුත් සියලු යහපත් ජාතීන් අතර මිත්‍රත්වය සාමය සමගිය එකමුතු බව පිළිබිඹු වේ;
(07), ධර්ම චක්‍රය තුළින් බුද්ධ ධර්මයේ සදහන් අටලෝ දහම පිළිබිඹු වේ;
(08),ලෝක ගෝලය තුළින් ජල ශිලා වායූ ගෝලයන්ට යහපත් වන ආකාරයට මිනිස් ක්‍රියාකාරකම් හා සියළු ජීවීන් සදහා යහපත් මිහිතලයක් සුරක්ෂිත කිරීමට ඇප කැප වී කටයුතු කිරීම පිළිබිඹු වේ;
(09), නෙළුම් මල තුළින් අයහපත පරදා යහපත සැමවිටම ජයග්‍රහණය කිරීම පිළිබිඹු වේ;
(10), සුදු වර්ණය තුළින් පිරිසිදු ජලය දිය ඇලි ඇළ දොළ ගංගා පොකුණු කුඩා වැව් මහ වැව් ස්වභාවික හා භෞතික පරිසර පද්ධති සුරක්ෂිත කළ යුතු බව පිලිබිඹු වේ
“රාජ්‍ය ලාංඡනය”;
(ඇ) “ජාතික දිනය”;
(ආ), ජාතික දිනය පෙබරවාරි මස හතරවන දිනය වේ;
(01), විජයක්ග්‍රහානයේ දිනය මැයි මස දහඅටවන දිනය වේ;
(ඇ), ජාතික ගීතය
"ජය ජය ශ්‍රී ලංකා".
මුණි සිරිපා ශ්‍රී දළදා ජය සරිමාබෝ වැඩ සිටිනා පිං කෙත මනරම් ජය ජය ශ්‍රී ලංකා,
සමනල සිංහරාජ මහ වනපෙත් රමණීයයි ශ්‍රී ලංකා,
කඳු සිකිර සිපින ජල උල්පත් එක්ව ගලන මහා ගංඟා,
හඬ ගා කඩා හැලෙන අමිලනදී දිය දහරා,
ජය ජය ශ්‍රී ලංකා රමණීයයි ශ්‍රී ලංකා ජය ජය ශ්‍රී ලංකා,
නීල පලීඟුවන් බලන් බලන් හෙළයේ පෞඬ උරුම,
අභීත මහා විරුවන් ජන්ම භූමි ලංකා,
නීල සයූර වට කර හඬ ගා..//,
රජ දරුවන් තේජස පතුරා රැක ගත් පුණ්‍ය භූමි ලංකා,
රැක ගමු ජය ගමු මුළු ලොව තේජස පතුරා,
ජය ජය ශ්‍රී ලංකා රමණීයයි ශ්‍රී ලංකා ජය ජය ශ්‍රී ලංකා,
අංක 02,
“රාජ්‍ය හා වාසය කිරීම”;
(ආ), ශ්‍රී ලංකාව ස්වෛරී හා ස්වාධීන සිංහල බෞද්ධ සංස්කෘතිය හා සිංහල ජනතාව ප්‍රමුඛ හා අනෙකුත් ජනතාවට සත්ව ප්‍රජාවටද හානි දායක නොවන ලෙස ජීවත් වන ලෝව වෙසෙන ඕනෑම මානව ප්‍රජාවකට ද හා මානව ප්‍රජා, සත්ව ප්‍රජා හානිදායක නොවන සත්ව ප්‍රජාවටද පූර්ණ නිදහස සහිතව ජීවත් වීමට අයිතිය තහවුරු කර ඇති " ශ්‍රී ලංකා සිංහල බෞද්ධ පොදු ජනබලවත් ප්‍රජාත්‍රාන්ත්‍රික බුද්ධිමතවාධී ජනරාජ්‍ය" ලෙස හැඳින්වෙන ස්වාධීන රාජ්‍යයක් වේ.
අංක 03,
“ඒකීය හා ස්වෛරී සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට”;
(ඇ) ශ්‍රී ලංකා සිංහල බෞද්ධ සංස්කෘතිය හා සිංහල ජනතාව ප්‍රමුඛ ස්වාධීන ඒකීය රාජ්‍යයක් වේ.
අංක 04,
“පරමාධිපත්‍යය බලය”;
(ඈ) ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය බලය සිංහල බෞද්ධ ජනතාවට බලවත්ව ව්‍යවස්ථානුකූලව අයිතිය තහවුරු වේ හා පාලන බලය, ජන්ද බලය,මූලික අයිතිවාසිකම් සියළු ජනතාව සතු පරමාධිපත්‍යය බලයට යටත්වේ.
අංක 05;
“පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම”;
(අ) පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වීම ජාතික පාලන සභාව , ජාතික සංවර්ධන සභා, ජාතික පාලන සභා, පලනාංශ, අධිකරණ තුළින් පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම ද භුක්ති විඳීමට හැකි වේ.
අංක 06;
“මූලික අයිතිවාසිකම් පූර්ණකාලීන නිදහස”;
(අ) රාජ්‍ය පාලන ව්‍යවස්ථාවට හා ජාතික පලනාංශ ව්‍යවස්ථාවන්ට අනුකූලව තම තම කටයුතු තමාටද අන් අයටද හානි දායක තත්වයන්යක් උද්ගත නොවන ලෙස සිදු කර ජීවත් වීමට මූලික අයිතිවාසිකම හා පූර්ණ නිදහස සියළු ජනතාව සතු වේ.
(ආ) ජනතාව විසින් රාජ්‍ය පාලන ව්‍යවස්ථාවට හා ජාතික පලනාංශ ව්‍යවස්ථා තුළ අන්තර්ගත විධිවිධාන උල්ලංඝනය සිදු වූ අවස්ථා වලදී ද හෝ කිසිදු ආකාරයකින් වද හිංසනයට ලක් කිරීම කිසිවෙකු හට කටයුතු සිදු කළ නොහැකි විය යුතුය හා ඕනෑම ආකාරයක නීතිමය විධිවිධාන කඩකිරීම් සිදු කළ අයවළුන් හට ජීවත් වීමේ නිදහස රහිත නොවන හා ව්‍යවස්ථානුකූල දඩුවම් තුලින් යම් යම් සාමාන්‍ය සිවිල් පුරවැසි නිදහස සීමා කිරීම පමණක් ලබා දීම සිදු විය යුතුය;
(ඇ) සෑම අවස්ථාවකදීම සෑම පුරවැසියන් සදහාම සර්ව සාධාරණව කටයුතු සිදු විය යුතුය;
“ආගමික නිදහස”;
(අ) මානව සත්ව හිංසන පීඩනය හා ආගමික නීති රහිත රාජ්‍ය පාලන ව්‍යවස්ථාව හා ජාතික පාලනාංශ ව්‍යවස්ථාවන්ට හානි දායක නොවන ඕනෑම ආකාරයක දර්ශනයක්, ආගමක්, දහමක්, ඇදහිමද එහි තම තම අභිමතය පරිදි ක්‍රියා කර පවත්වාගෙන යාම සඳහා නිදහස බලවත් වේ;
(ආ) මූල්‍ය මතින් හෝ වෙනත් භෞතික වශයෙන් යම් යම් ද්‍රව්‍යයන් ලබා දීම හෝ වෙනත් උපක්‍රම භාවිතා කර තම ආගමික වාසි ලබා ගැනීමට කලයුතු සිදු කිරීම සිදු කළ නොහැකි විය යුතුය;
(ඇ) ඕනෑම දර්ශනයක්, ආගමක්, දහමක් ඇදහිමද ස්වාධීන තම තම අභිමත යතාර්ථය වටහාගෙන යතා පරිදි නිදහස බලවත් වේ;
"භාෂාව හා භාෂණයේ නිදහස හා වාසය කිරීමේ නිදහස";
(අ) තම තම කැමැත්ත හා පහසුව සඳහා තමා කැමති ආකාරයක භාෂා භාවිතමය නිදහස බලවත් වේ හා තමාට වටහාගත හැකි භාෂාවන් තුලින් තම කාර්යයන් ලබා දීම හා ලබා ගැනීමේ නිදහස බලවත් වේ;
(ආ) ව්‍යවස්ථානුකූලව තම තම කැමැත්ත අනුව කැමති ප්‍රදේශයකට, රටකට යාමටද නැවත පැමිණීමට වාසය කිරීමටද නිදහස බලවත් වේ.
*******************************
“රාජ්‍ය පාලන ව්‍යවස්ථාව - පලමු කොටස”;
“ජාතික සංවර්ධන සභා”;
අංක 01;
(අ), “රාජ්‍ය සංවර්ධන සභාව”;
මුල් අසුන රජ්‍යය නායක සඳහා, දෙවන අසුන රාජ්‍ය සංවර්ධන සභා ලේකම් සඳහා, තෙවන අසුන් රාජ්‍ය සංවර්ධන සභා සාමාජිකයින් වන පලාත් සංවර්ධන සභා සභාපති, ලේකම් හා ජාතික පාලන සභා සභාපති, ලේකම් තනතුරු ලාභීන් සඳහා වේ;
(ආ), “පලාත් සංවර්ධන සභාව”;
මුල් අසුන පලාත් සංවර්ධන සභා සභාපති සඳහා, දෙවන අසුන පලාත් සංවර්ධන සභා ලේකම් සඳහා, තෙවන අසුන් පලාත් සංවර්ධන සභා සාමාජිකයින් වන දිස්ත්‍රික් සභා සංවර්ධන සභාපති, ලේකම් තනතුරු ලාභීන් සඳහා වේ;
(ඇ), “දිස්ත්‍රික් සංවර්ධන සභාව”;
මුල් අසුන දිස්ත්‍රික් සභා සංවර්ධන සභාපති සඳහා, දෙවන අසුන දිස්ත්‍රික් සභා සංවර්ධන ලේකම් සඳහා, තෙවන අසුන් දිස්ත්‍රික් සංවර්ධන සභා සාමාජිකයින් වන ප්‍රාදේශීය සංවර්ධන සභා සභාපති, ලේකම් තනතුරු ලාභීන් සඳහා වේ;
(ඈ), “ප්‍රාදේශීය සංවර්ධන සභාව”;
මුල් අසුන ප්‍රාදේශීය සංවර්ධන සභා සභාපති සඳහා, දෙවන අසුන ප්‍රාදේශීය සංවර්ධන සභා ලේකම් සඳහා, තෙවන අසුන් ප්‍රාදේශීය සංවර්ධන සභා සභා සාමාජිකයින් වන ග්‍රාමීය සංවර්ධන සභා සභාපති, ලේකම් තනතුරු ලාභීන් සඳහා වේ;
(ඉ), “ග්‍රාමීය සංවර්ධන සභාව”;
මුල් අසුන ග්‍රාමීය සංවර්ධන සභා සභාපති සඳහා, දෙවන අසුන ග්‍රාමීය සංවර්ධන සභා ලේකම් සඳහා,තෙව අසුන් ග්‍රාමීය සංවර්ධන සභා සාමාජිකයින් වන ග්‍රාම සංවර්ධන සභා සභාපති, ලේකම් තනතුරු ලාභීන් සඳහා වේ;
(ඊ), “ග්‍රාම සංවර්ධන සභාව”;
මුල් අසුන ග්‍රාම සංවර්ධන සභා සභාපති සඳහා, දෙවන අසුන ග්‍රාම සංවර්ධන සභා ලේකම් සඳහා, තෙවන අසුන් ග්‍රාම සංවර්ධන සභා සාමාජිකයින් වන (ගෘහමූලිකයන්) පව්ල් ඒකක ප්‍රධාණින් හා පව්ල් ඒකක ප්‍රධාණින්ගේ සහකාරිය සඳහා වේ.
අංක 02;
“ජාතික සංවර්ධන සභා රැස්වීම හා විරුවා හැරීම”;
(අ), රාජ්‍යය සංවර්ධන සභාව මසකට හත් වතාවක් ද පලාත් සංවර්ධන සභාව මසකට හය වතාවක් ද දිස්ත්‍රික් සංවර්ධන සභාව මසකට හතර වතාවක් ද ප්‍රාදේශීය සංවර්ධන සභාව මසකට දොලොස් වතාවක් ද ග්‍රාමීය සංවර්ධන සභාව මසකට අට වතාවක් ද ග්‍රාම සංවර්ධන සභාව මසකට එක් වතාවක් ද රැස්වීම සිදු විය යුතුය හා ඕනෑම සංවර්ධන සභාවක් සභාපතිවරයා විසින් කැදවන ඕනෑම අවස්ථාවක ඕනෑම සංවර්ධන සභාවක් රැස්වීම සිදු විය යුතුය;
(ආ), ඕනෑම සංවර්ධන සභාවක් ආරම්භ කර ඕනෑම අවස්ථාවක එම එම සංවර්ධන සභාව විසූරුවා හැරීම සිදු විය යුතු යැයි පොදු මහජනතාවට දැඩි විරෝධයක් සමගින් ඉල්ලා සිටින්නේ නම් ග්‍රාම සභා සියයට හැට එකක ප්‍රතිශතයක් මගින් විසුරුවා හැරීම සිදු විය යුතුය හෝ ජාතික පාලන සභා සම්මතයෙන් විසුරුවා හැරීම සිදු විය යුතුය.
(ඇ), රාජ්‍යය හා පොදු මහජනතාවට යහපත් ආකාරයට ක්‍රියාත්මක වන්නේ නම් වසර හයකට වරක් පවත්වන ලබන රාජ්‍යය පාලන මැතිවරණයට විසූරුවා හැරීම දක්වා නොකඩවා රැස් විය යුතුය;
අංක 03;
“ සංවර්ධන සභාවක හා සභාපති තනතුරු ලාභී කාර්ය භාරය”;
(අ), රාජ්‍ය නායක පාලාත් සංවර්ධන සභාවන් හා රාජ්‍ය ආයතන පාලන සභාවන් හී කටයුතු පිලිබඳ හා අනෙකුත් සියළුම රජ්‍ය කටයුතු පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා කටයුතු සිදු විය යුතුය;
(ආ), පලාත් සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තම තම පලාත් සංවර්ධන සභාවේ හා දිස්ත්‍රික් සංවර්ධන සභාවන් වල කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා කටයුතු සිදු විය යුතුය;
(ඇ), දිස්ත්‍රික් සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තම තම දිස්ත්‍රික් සංවර්ධන සභාවේ හා නගර සභාවන් වල කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා කටයුතු සිදු විය යුතුය;
(ඈ), ප්‍රාදේශීය සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තම තම ප්‍රාදේශීය සංවර්ධන සභාවේ හා ග්‍රාමීය සංවර්ධන සභාවන් වල කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා කටයුතු සිදු විය යුතුය;
(ඉ), ග්‍රාමීය සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තම තම ග්‍රාමීය සංවර්ධන සභාවේ හා ග්‍රාම සංවර්ධන සභාවන් වල කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා කටයුතු සිදු විය යුතුය;
(ඊ), ග්‍රාම සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තම තම ග්‍රාම සංවර්ධන සභාවේ හා ග්‍රාම සංවර්ධන සභා බල ප්‍රදේශයේ සියළු කටයුතු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා කටයුතු සිදු විය යුතුය;
අංක 04;
“ සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගැනීම”;
(අ), ඕනෑම සභාපති තනතුර සඳහා ජනතා ජන්ද විමසීම් තුළින් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
(ආ), රාජ්‍ය නායක තනතුර තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ද්වීපයට අයත් සියළුම ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
(ඇ), පලාත් සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගැනීම සඳහා අදාල පලාත් සංවර්ධන සභා බල ප්‍රදේශයේ පව්ල් ඒකක හයලක්ෂය ආසන්න වැඩි ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
(ඈ), දිස්ත්‍රික් සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගැනීම සඳහා අදාල දිස්ත්‍රික් සංවර්ධන සභා බල ප්‍රදේශයේ පව්ල් ඒකක දෙලක්ෂය ආසන්න වැඩි ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
(ඉ), ප්‍රාදේශීය සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගැනීම සඳහා අදාල ප්‍රාදේශීය සංවර්ධන සභා බල ප්‍රදේශයේ පව්ල් ඒකක දස දහස ආසන්න වැඩි ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
(ඊ), ග්‍රාමීය සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගැනීම සඳහා අදාල ග්‍රාමීය සංවර්ධන සභා බල ප්‍රදේශයේ පව්ල් ඒකක දහස ආසන්න වැඩි ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
(උ), ග්‍රාම සංවර්ධන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගැනීම සඳහා අදාල ග්‍රාම සංවර්ධන සභා බල ප්‍රදේශයේ පව්ල් ඒකක සියය ආසන්න වැඩි ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;
අංක 05;
“සභාවක සාමාජිකයන් හා ඉවත් කිරීම, පුරප්පාඩු පිරවීම සභා සම්මත කර ගන්නා ආකාරය”;
(අ), ඕනෑම සභාවක සාමාජිකයකු ප්‍රචන්ඩත්වය, සොරකම්, වංචා, දූෂණ හා සභාවක් සදහා හෝ සභා සාමාජිකයකුට නුසුදුසු ලෙස ක්‍රියා කිරීම, හැසිරීම සිදු කළ සමාජිකයන් සභා සාමාජිකයිකත්ව ඉවත් කිරීම සඳහා සභාපති හා ලේකම් විසින් ලිඛිත කරුණු ප්‍රකාශයක් සභා සම්මත කර ගැනීමෙන් ඉවත් කර ගත හැකි වේ;
(ආ), හිස් වන සමාජිකත්වයක් පිරවිම සදහා තරග කල තරග කරුවන්ගේ ජන්දය අනුව වැඩි ජන්දය ලබා ගත් අයකු සදහා සභාපති හා ලේකම් ලිඛිත ප්‍රකාශනයක් සභා සම්මත කර ගැනීමෙන් පසුව සභා සමාජිකකු කර ගත යුතුය;
(01), උදාහරණයක් 1;
රාජ්‍ය සභාව; රාජ්‍ය නායක හා ලේකම්, සාමාජිකයන් වන්නේ පලාත් සභා සභාපති වරුන් වේ, සාමාජිකයකු වරදක් කරන්නේ නම් ඔහු ඉවත් කර අදාල පලාත් සභාව සඳහා තරග දෙවනියට වැඩිම ජන්දය ලබාගත් අය එම පුරප්පාඩු සඳහා තෝරා පත් කර ගැනීම සඳහා රාජ්ය නායකයාට පූර්ණ බලතල ඇත; “(රජ්‍ය සභා ලේකම් විසින් අදාල සාමාජිකයා සිදු කළ ප්‍රචන්ඩත්වය, සොරකම්, වංචා, දූෂණ හා සභාවක් සදහා හෝ සභා සාමාජිකයකුට නුසුදුසු ලෙස ක්‍රියා කිරීම, හැසිරීම පිළිබඳ දන්වා සකස් කරන ලද ලිඛිත ප්‍රකාශය වැඩි ජන්දයෙන් සභා සම්මත කර ගැනීමෙන් පසුව)”;
(02), උදාහරණයක් 2;
පලාත් සභාව; පලාත් සභා සභාපති හා ලේකම් සාමාජිකයන් වන්නේ අදාල පලාත් සභාවේ දිස්ත්‍රික් සභා සභාපති වරුන් වේ, සාමාජිකයකු වරදක් කරන්නේ නම් ඔහු ඉවත් කර අදාල දිස්ත්‍රික් සභාව සදහා තරග දෙවනියට වැඩිම ජන්දය ලබාගත් අය එම පුරප්පාඩු සඳහා තෝරා පත් කර ගැනීම සඳහා සභාපති වරයාට පූර්ණ බලතල ඇත; “( පාලාත් සභා ලේකම් විසින් හිස් වන දිස්ත්‍රික් සභා සභාපති තනතුර පිරවීම පිළිබඳ සදහන් කර සකස් කරන ලද ලිඛිත ප්‍රකාශය දිස්ත්‍රික් සභාවේ වැඩි ජන්දයෙන් සම්මත කර ගැනීමෙන් පසුව)” ;
(ඇ), ග්‍රාම සභාවේ හැර අනෙකුත් සියළුම සභාවක දී නොදන්වා සභා සමාජිකයකු සභා වාරයක් සදහා නොපැමිණීම සමාජීකත්වය අහෝසි කිරීම තරම් වරදකි;
(01), සභා වාර තුනක් එක දිගට පැහැර හැරීම සභා සාමාජිකත්වය අහෝසි වීමට හේතු වේ;
(ඈ), ඕනෑම සභාවක සභා සාමාජික ගණ පූරණය සියයට අනූ එකක් (91% ක්) වන අවස්ථා වලදී ඕනෑම සභා සම්මත කර ගැනීමෙන් නීතියානුකූල වේ;
(ඉ), ඕනෑම සභාවක සභා සාමාජික ගණ පූරණය සියයට අනූ එකක් (91%ක්) අඩු වන අවස්ථා වලදී ඕනෑම සභා සම්මත කර ගැනීමක් නීති විරෝධී වේ;
(ඊ), ඕනෑම සභාවක සියයට හැට එකක ප්‍රතිශතය (61%ක) හා සියයට පනස් එක (51%ක) යන ප්‍රතිශත අනුව ජන්දයෙන් සම්මත නීතියානුකූල වේ අදාල සභා සම්මතය සිදු විය යුතු ආකාරය ඉහළ සභාව තීරණය අනුව සිදු විය යුතුය;“(, උදාහරණයක්, ප්‍රාදේශීය සභාවක වැවක් හා වාරි ව්‍යාපෘතියක් සදහා සභා සම්මතය කර ගැනීම සඳහා එම අදාල දිස්ත්‍රික් සභාවේ සභාපතිවරයා දිස්ත්‍රික් සභාව වෙත ඉදිරිපත් කර විවාදය අවසන් කර සම්මත විය යුතු ආකාරයද සමග සම්මත කර ගත යුතුය)”;
(උ), ඕනෑම සභවක අවසන් තිරණය සභා සම්මත සභාපති හා ලේකම් අනුමත තීරණය වේ.
*****************************
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව- දෙවන කොටස”;
“ජාතික පාලන සභාව”;
අංක 01;
“ජතික පාලන සභාවේ අසුන් ගැනීම”;
(අ), ජාතික පාලන සභාව රාජ්‍යය නායක, රාජ්‍යය සංවර්ධන සභා ලේකම්, ජාතික පාලනාංශ පාලන සභා සභාපති/ලේකම්, පළාත් සංවර්ධන සභා සභාපති/ලේකම්, ජාතික පාලනාංශ අංශාධිපති, දිස්ත්‍රික් සංවර්ධන සභා සභාපති/ලේකම් යන රාජ්‍යය ප්‍රධාන තනතුරු ලභීන්ගෙන් සමන්විත වේ;
(ආ), පිළිවෙලින් රාජ්‍යය නායක පළමු අසුන, රාජ්‍යය සංවර්ධන සභා ලේකම්, ජාතික පාලනාංශ පාලන සභා සභාපති/ලේකම්, පාළාත් සංවර්ධන සභා සභාපති/ලේකම්, ජාතික පාලනාංශ අංශාධිපති, දිස්ත්‍රික් සංවර්ධන සභා සභාපති, දිස්ත්‍රික් සභා ලේකම් යන ආකාරයට ජාතික පාලන සභාවේ අසුන් ගැනීම සිදු විය යුතුය;
“ ජාතික පාලන සභාවේ ජන්දය”;
(ඇ) ජාතික පාලන සභාවේ සෑම සමාජිකත්වයක් සඳහාම ජාතික පාලන සභාව තුළ ස්වාධීන ජන්ද අයිතිය බලවත් වේ;
(ඈ), ජන්දය ප්‍රකාශ කිරීම ලිඛිත ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කළ යුතුය;
“කාර්ය භාරය”;
(ඉ), රාජ්‍ය පාලන ව්‍යවස්ථාව සංශෝධනය පාලනාංශ ව්‍යවස්ථා සංශෝධනය නව පනත් සම්මත කර ගැනීම පනත් සංශෝධනය ජාතික පාලන සභාවේ ප්‍රධාන කාර්ය භාරය වේ;
(01), ගිවිසුම් හා මහපරිමාණ ව්‍යපෘති ද ජාතික පාලන සභා සම්මතයක් මගින් සිදු විය යුතුය;
(02), ජාතික පාලන සභා සම්මතයක් අවසන් අනුමැතිය රාජ්‍යය නායකත්වය විසින් අනුමත විය යුතුය;
(03), ජාතික පාලන සභා සම්මතයක් සදහා ජනතා විරෝධතාවය දැඩි නම් ග්‍රාම සභා සම්මතයක් මගින් අදාල සම්මතය සිදු විය යුතුය;
(04), ජාතික පාලන සභා සම්මතයක් සිදු කිරීමට ප්‍රථම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම සිදු විය යුතුය;
“ජාතික පාලන සභාව රැස්වීම හා විරුවා හැරීම”;
(ඊ), සෑම රාජ්‍යය පාලන මැතිවරණයයක් අවසානයේ පලමු මාසය ඇතුළත ජාතික පාලන සභා සභාපති හා ජාතික පාලනාංශ අංශාධිපති තනතුරු සඳහා ජාතික මැතිවරණ පාලනාංශ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූලව තොරාපත් කරගත යුතුය;
(01), ජාතික පාලන සභා මැතිවරණ අවසන් වී සත් දිනක් ගත වීමට ප්‍රථම සියළු ප්‍රධාන තනතුරු සඳහා දිව්රුම් දීම අවසන් විය යුතුය;
(02), ජාතික පාලන සභා මැතිවරණය අවසන් වී දින දහහතරක් අවසන් වීමට ප්‍රථම ජාතික පාලන සභාව රාජ්‍යය නායක ප්‍රධානත්වයෙන් ආරම්භ විය යුතුය;
(03), රාජ්‍යය නායක නොමැති අවස්ථාවලදී ජාතික පාලන සභාවේ ප්‍රධානියා රාජ්‍යය සංවර්ධන සභා ලේකම් විය යුතුය;
(04), ජාතික පාලන සභාව ආරම්භ කර ඕනෑම අවස්ථාවක ජාතික පාලන සභාව විසූරුවා හැරීම සිදු විය යුතු යැයි පොදු මහජනතාවට දැඩි විරෝධයක් සමගින් ඉල්ලා සිටින්නේ නම් ග්‍රාම සභා සියයට හැට එකක ප්‍රතිශතයක් මගින් විසුරුවා හැරීම සිදු විය යුතුය;
(05), රාජ්‍යය හා පොදු මහජනතාවට යහපත් ආකාරයට ක්‍රියාත්මක වන්නේ නම් වසර හයකට වරක් පවත්වන ලබන රාජ්‍යය පාලන මැතිවරණය අවසන් වී නව රාජ්‍යය නායකත්වය ජාතික පාලන සභාව විසූරුවා හැරීම දක්වා නොකඩවා රැස් විය යුතුය;
(06)), සෑම වැඩකරන දින පහෙන් දෙකක් රාජ්‍යය නායක ප්‍රධානත්වයෙන් හෝ ප්‍රධාන රාජ්‍යය ලේකම් ප්‍රධානත්වයෙන් ජාතික පාලන සභාව රැස්ව කටයුතු සිදු විය යුතුය;
(07), රාජ්‍යය නායක කැදවන ඕනෑම විශේෂ අවස්ථාවක ජාතික පාලන සභාව රැස්වීම සිදු විය යුතුය.
“ජාතික පාලනාංශ පාලන සභාවක ස්වභාවය හා සභාපතිවරයා අංශාධිපතිවරයා තෝරා පත් කර ගැනීම”;
අංක 02;
(අ), ජාතික පාලනාංශ පාලන සභාවක් සභාපති, ලේකම්, අංශාධිපති, ජාතික අධ්‍යක්ෂ, අනු අංශාධිපති, පලාත් අධ්‍යක්ෂ, ඒකක ප්‍රධානීන්, දිස්ත්‍රික් අධ්‍යක්ෂ, අනු ඒකක ප්‍රධානීන්, ප්‍රාදේශීය අධ්‍යක්ෂ, ප්‍රධානත්වයෙන් හා අනෙකුත් සියලුම පන්තිවල තනතුරු ලාභී සේවක සේවිකාවන්ගේ දක්ෂ මනා කලමනාකරණය තුළින් පරිපාලනය සිදු විය යුතුය;
(ආ), ජාතික පාලනාංශ පාලන සභා සභාපති හා ජාතික අංශාධිපති තනතුරු සඳහා ජන්දය විමසිම ශ්‍රී ලංකා ජාතික මැතිවරණය පාලනාංශ ව්‍යවස්ථාවේ අදාළ සියලු විධිවිධාන වලට අනුකූලව, යටත්ව කටයුතු සිදු විය යුතුය;
(ඇ), ජාතික පාලන සභා ලේකම් තනතුරු සඳහා රාජ්‍යය නායක විසින් සුදුසුකම් ලත් අයවළුන් පත්කළ යුතුය;
(ඈ), රාජ්ය නායක ඉදිරියේ සභාපති, අංශාධිපති ලේකම් ප්‍රධාන තනතුරු ලභීන් දිව්රුම් දුන් පසු රාජකාරි කටයුතු ආරම්භ කර සාර්ථකව යහපත්ව පවත්වාගෙනයාම සිදු විය යුතුය.
“ජාතික පාලනාංශ පාලන සභා”;
අංක 03;
(අ), ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා කලා, ක්‍රිඩා තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව;
(ආ), ශ්‍රී ලංකා ජාතික මූල්‍ය, විගණන, මහාභාරකාර හා කම්කරු, ජාතික සම්පත් සුරැකීමේ කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඇ), ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍යය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඈ), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ආරක්ෂක, නීතිය හා සාමය , අධිකරණ කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඉ), ශ්‍රී ලංකා ජාතික ජල, විදුලි, ජන මාධ්‍ය හා සන්නිවේදන, තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඊ), ශ්‍රී ලංකා ජාතික ආර්ථික හා කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ පාලන සභාව;
(උ), ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය පරිපාලන, මැතිවරණ හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඌ) ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව;
(එ), ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම සංවර්ධන, වැවිලි කර්මාන්ත හා වාරි ජල පද්ධති කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඒ),ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධිය හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඔ), ශ්‍රී ලංකා ජාතික බෞද්ධ ආගමික, සිංහල සංස්කෘතික හා වෙනත් ආගමික, සංස්කෘතික කටයුතු පිළිබඳ පාලන සභාව;
(ඕ), ශ්‍රී ලංකා ජාතික වනජීවී, ස්වභාවික පරිසර සම්පත් හා සාගර සම්පත් කටයුතු පිළිබඳ පාලන සභාව;
(ක), ශ්‍රී ලංකා ජනාවාස සංවර්ධන, ඉදිකිරීම් හා නගර සංවර්ධන කටයුතු පිළිබඳ පාලන සභාව;
(ග), ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව;
(ච), ශ්‍රී ලංකා ජාතික පුනුරුත්ථාපන හා බන්ධනාගාර කටයුතු පිළිබඳ පාලන සභාව;
*******************************
“රාජ්‍ය පාලන ව්‍යවස්ථාව - තෙවන කොටස”;
“ජාතික පාලනාංශ පාලන සභා හා ජාතික පාලනාංශ”;
අංක 01;
(අ), ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා කලා, ක්‍රිඩා තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව;
1, (01), ශ්‍රී ලංකා ජාතික ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන පාලනාංශය;
2, (02), ශ්‍රී ලංකා ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන පාලනාංශය;
3, (03), ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල අධ්‍යාපන සංවර්ධන පාලනාංශය;
4, (04), ශ්‍රී ලංකා ජාතික දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන පාලනාංශය;
5, (05), ශ්‍රී ලංකා ජාතික සෞන්දර්ය අධ්‍යාපන සංවර්ධන පාලනාංශය;
6, (06), ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන පොදු පහසුකම් හා ගොඩනැගිලි සංවර්ධන පාලනාංශය;
7, (07), ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සංවර්ධන පාලනාංශය;
8, (08), ශ්‍රී ලංකා ජාතික වෘත්තීය කාර්මික පුහුණු සංවර්ධන පාලනාංශය;
9, (09), ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රකාශන හා අලෙවි සංවර්ධන පාලනාංශය;
10, (10), ශ්‍රී ලංකා ජාතික විභාග සංවර්ධන පාලනාංශය;
11, (11), ශ්‍රී ලංකා ජාතික මළල ක්‍රීඩා සංවර්ධන පාලනාංශය;
12, (12), ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සංවර්ධන පාලනාංශය;
13, (13), ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංවර්ධන පාලනාංශය;
14, (14), ශ්‍රී ලංකා ජාතික පාපන්දු, රග්බි හා වෙනත් ක්රීඩා සංවර්ධන පාලනාංශය;
15, (15), ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා භූමි සංවර්ධන පාලනාංශය;
16, (16), ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍ය හා ක්‍රීඩක සහන වැටුප් පාලනාංශය.
17, (17), ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට හා කලා කටයුතු සංවර්ධන පාලනාංශය;
අංක 02;
(ආ), ශ්‍රී ලංකා ජාතික මූල්‍ය, විගණන, මහාභාරකාර හා කම්කරු ජාතික සම්පත් සුරැකීමේ කටයුතු පිළිබඳ පාලන සභාව;
18, (01), ශ්‍රී ලංකා ජාතික මහ බැංකුව හා මුදල් පාලනාංශය;
19, (02), ශ්‍රී ලංකා ජාතික විගණකාධිපති පාලනාංශය;
20, (03), ශ්‍රී ලංකා ජාතික මහාභාරකාර පාලනාංශය;
21, (04), ශ්‍රී ලංකා ජාතික තක්සේරු පාලනාංශය;
22, (05), ශ්‍රී ලංකා ජාතික දේශීය ආදායම් සංවර්ධන පාලනාංශය;
23, (06), ශ්‍රී ලංකා ජාතික විදෙස් ආදායම් සංවර්ධන පාලනාංශය;
24, (07), ශ්‍රී ලංකා ජාතික ඛණිජ සම්පත් සංවර්ධන පාලනාංශය;
25, (08), ශ්‍රී ලංකා ජාතික බදු සැලසුම් හා අයකිරීම් පාලනාංශය;
26, (09), ශ්‍රී ලංකා ජාතික රක්ෂණ පාලනාංශය;
27, (10), ශ්‍රී ලංකා ජාතික වාණිජ බැංකු පාලනාංශය;
28, (11), ශ්‍රී ලංකා ජාතික අයවැය පාලනාංශය;
29, (12), ශ්‍රී ලංකා ජාතික වෙනත් මූල්‍ය ආයතන පාලනාංශය;
30, (13), ශ්‍රී ලංකා ජාතික රාජ්ය මූල්‍ය ප්‍රතිපත්ති පාලනාංශය;
31, (14), ශ්‍රී ලංකා ජාතික විශ්‍රාම වැටුප් පාලනාංශය;
32, (15), ශ්‍රී ලංකා ජාතික කම්කරු වන්දි ගෙවීම් පාලනාංශය;
33, (16), ශ්‍රී ලංකා ජාතික කම්කරු සුරැකීමේ පාලනාංශය;
34, (17), ශ්‍රී ලංකා ජාතික කම්කරු විශ්‍රාම වැටුප් නිර්මාණ පාලනාංශය;
35, (18), ශ්‍රී ලංකා ජාතික වැටුප් සැකසීමේ හා ගෙවීම් පාලනාංශය;
36, (19), ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ පාලනාංශය;
37, (20), ශ්‍රී ලංකා ජාතික පදනම් ආයතන පාලනාංශය.
38, (21), ශ්‍රී ලංකා ජාතික අරමුදල් සංවර්ධන හා ලොතරැයි පාලනාංශය;
අංක 03;
(ඇ), ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව;
39, (01), ශ්‍රී ලංකා ජාතික ඖෂධ පාලනාංශය;
40, (02), ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය රෝහල් සංවර්ධන පාලනාංශය;
41, (03), ශ්‍රී ලංකා ජාතික දිසා රෝහල් සංවර්ධන පාලනාංශය;
42, (04), ශ්‍රී ලංකා ජාතික පලාත් හා ජාතික රෝහල් සංවර්ධන පාලනාංශය;
43, (05), ශ්‍රී ලංකා ජාතික දේශීය වෛද්‍ය සංවර්ධන පාලනාංශය;
44, (06), ශ්‍රී ලංකා ජාතික බටහිර වෛද්‍ය සංවර්ධන පාලනාංශය;
45, (07), ශ්‍රී ලංකා ජාතික පෝෂණ හා සෞඛ්‍යමත් ආහාර සංවර්ධන පාලනාංශය.
46, (08), ශ්‍රී ලංකා ජාතික පවුල් සෞඛ්ය සේවා පාලනාංශය;
අංක 04;
(ඈ), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ආරක්ෂක, නීතිය හා සාමය , අධිකරණ කටයුතු පිළිබඳ පාලන සභාව;
47, (01), ශ්‍රී ලංකා ජාතික අධිකරණ පාලනාංශය;
48, (02), ශ්‍රී ලංකා ජාතික නීති අධිකරණ පාලනාංශය;
49, (03), ශ්‍රී ලංකා ජාතික බුද්ධි පාලනාංශය;
50, (04), ශ්‍රී ලංකා ජාතික පොලිස් බුද්ධි පාලනාංශය;
51,(05), ශ්‍රී ලංකා ජාතික හමුදා බුද්ධි පාලනාංශය;
52, (06), ශ්‍රී ලංකා ජාතික පොලිස් පාලනාංශය;
53, (07), ශ්‍රී ලංකා ජාතික නීති පොලිස් පාලනාංශය;
54, (08), ශ්‍රී ලංකා ජාතික නව නීති හා නීති ප්‍රතිසංස්කරණ පාලනාංශය;
55, (09), ශ්‍රී ලංකා ජාතික නීතිපති පාලනාංශය;
56, (10), ශ්‍රී ලංකා ජාතික යුද්ධ හමුදා පාලනාංශය;
57, (11), ශ්‍රී ලංකා ජාතික ගුවන් හමුදා පාලනාංශය;
58, (12), ශ්‍රී ලංකා ජාතික නාවික හමුදා පාලනාංශය;
59, (13), ශ්‍රී ලංකා ජාතික සිවිල් හමුදා පාලනාංශය;
60, (14), ශ්‍රී ලංකා ජාතික රේගු පාලනාංශය;
61, (15), ශ්‍රී ලංකා ජාතික නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනාංශය;
62, (16), ශ්‍රී ලංකා ජාතික සිවිල් ආරක්ෂක පාලනාංශය.
63, (17), ශ්‍රී ලංකා ජාතික සිවිල් ගුවන් සේවා පාලනාංශය;
අංක 05;
(ඉ) ශ්‍රී ලංකා ජාතික ජල, විදුලි, මාධ්‍ය හා සන්නිවේදන, තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ පාලන සභාව;
64, (01), ශ්‍රී ලංකා ජාතික විදුලි බලාගාර පාලනාංශය;
65, (02), ශ්‍රී ලංකා ජාතික විදුලිබල හා බලශක්ති බෙදා හැරීමේ පාලනාංශය;
66, (03), ශ්‍රී ලංකා ජාතික පානීය ජල සුරැකීමේ පාලනාංශය;
67, (04), ශ්‍රී ලංකා ජාතික ජල සම්පාදන හා ජලාපවහන පාලනාංශය;
68, (05), ශ්‍රී ලංකා ජාතික තැපැල් සංවර්ධන පාලනාංශය;
69, (06), ශ්‍රී ලංකා ජාතික විදුලි සංදේශ නියාමන පාලනාංශය;
70, (07), ශ්‍රී ලංකා ජාතික රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකා පාලන පාලනාංශය;
71, (08), ශ්‍රී ලංකා ජාතික මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය පාලන පාලනාංශය;
72, (09), ශ්‍රී ලංකා ජාතික ටෙලිකොම් සංවර්ධන පාලනාංශය;
73, (10), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ප්‍රවෘත්ති හා තොරතුරු තාක්ෂණ සංවර්ධනය පාලනාංශය;
අංක 06;
(ඊ), ශ්‍රී ලංකා ජාතික ආර්ථික හා කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ පාලන සභාව;
74, (01), ශ්‍රී ලංකා ජාතික අත්‍යවශ්‍ය පාරිබෝගික භාණ්ඩ හා සේවා නිෂ්පාදන පාලනාංශය;
75, (02), ශ්‍රී ලංකා ජාතික අත්‍යවශ්‍ය පාරිබෝගික භාණ්ඩ හා සේවා අලෙවි පාලනාංශය;
76, (03), ශ්‍රී ලංකා ජාතික බර වාහන දුම් පිරිසිදු කිරීමේ පද්ධති නිෂ්පාදන කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
77, (04), ශ්‍රී ලංකා ජාතික විදුලිබල මොටර් රථ නිෂ්පාදනය පාලනාංශය;
78, (05), ශ්‍රී ලංකා ජාතික විදුලි කෘෂි උපකරණ නිෂ්පාදනය පාලනාංශය;
79, (06), ශ්‍රී ලංකා ජාතික වෙනත් භාණ්ඩ නිෂ්පාදනය සංවර්ධනය පාලනාංශය;
80, (07), ශ්‍රී ලංකා ජාතික වෙනත් කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
81, (08), ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ පාලනාංශය.
82, (09), ශ්‍රී ලංකා ජාතික අලෙවි පර්යේෂණ පාලනාංශය;
83, (10), ශ්‍රී ලංකා ජාතික වෙළඳ හා පාරිභෝගික ආරක්ෂණ පාලනාංශය;
අංක 07;
(උ), ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව;
84, (01), ශ්‍රී ලංකා ජාතික මැතිවරණ පාලනාංශය;
85, (02), ශ්‍රී ලංකා ජාතික පාලන සභා හා ජාතික පාලනාංශය පාලන සභා පාලනාංශය;
86, (03), ශ්‍රී ලංකා ජාතික ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන පාලනාංශය;
87, (04), ශ්‍රී ලංකා ජාතික පුද්ගලයන් ලියාපදිංචි පාලනාංශය;
88, (05), ශ්‍රී ලංකා ජාතික සමාගම් රෙජිස්ටාර් පාලනාංශය;
89, (06), ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර පාලනාංශය.
90, (07), ශ්‍රී ලංකා ජාතික මිනුම්,ඒකක හා ප්‍රමිති පාලනාංශය;
91, (08), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය මුද්‍රණ පාලනාංශය;
92, (09), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය භාෂා පාලනාංශය;
93, (10), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ඉඩම් සුරැකීම හා සංවර්ධන පාලනාංශය;
94, (11), ශ්‍රී ලංකා ජාතික මිනුම්දෝරු පාලනාංශය.
95, (12), ශ්‍රී ලංකා ජාතික විවහාය රෙජිස්ටර් පාලනාංශය;
අංක 08;
(ඌ), ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව;
96, (01), ශ්‍රී ලංකා ජාතික මොටර් රථ පාලනාංශය;
97, (02), ශ්‍රී ලංකා ජාතික මහා මාර්ග සංවර්ධන පාලනාංශය;
98, (03), ශ්‍රී ලංකා ජාතික ඛණිජ තෙල් කටයුතු පාලනාංශය;
99, (04), ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය මාර්ග සංවර්ධන පාලනාංශය;
100, (05), ශ්‍රී ලංකා ජාතික දුම්රිය මාර්ග හා ප්‍රවාහන පහසුකම් සංවර්ධන පාලනාංශය;
101,(06), ශ්‍රී ලංකා ජාතික බස් රථ හා ප්‍රවාහන පහසුකම් සංවර්ධනය පාලනාංශය;
102, (07), ශ්‍රී ලංකා ජාතික ගුවන් ප්‍රවාහන සේවා සංවර්ධන පාලනාංශය.
අංක 09;
(එ), ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම සංවර්ධන හා වාරි ජල පද්ධති කටයුතු පිළිබඳ පාලන සභාව;
103, (01), ශ්‍රී ලංකා ජාතික වගා වැව් ජල කළමනාකරණ සංවර්ධන පාලනාංශය;
104, (02), ශ්‍රී ලංකා ජාතික වගා ජල මාර්ග සංවර්ධන පාලනාංශය;
105, (03), ශ්‍රී ලංකා ජාතික වතු වැවිලි කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
106, (04), ශ්‍රී ලංකා ජාතික වී, ධාන්‍ය හා එලවළු වගා සංවර්ධන පාලනාංශය;
107, (05), ශ්‍රී ලංකා ජාතික ගොවි හා වැඩිහිටි සහන වැටුප් දීමනා පාලනාංශය;
108, (06), ශ්‍රී ලංකා ජාතික තේ් වගා සංවර්ධන පාලනාංශය;
109, (07), ශ්‍රී ලංකා ජාතික පොල් වගා සංවර්ධන පාලනාංශය;
110, (08), ශ්‍රී ලංකා ජාතික රබර් වගා සංවර්ධන පාලනාංශය;
111, (09), ශ්‍රී ලංකා ජාතික කුරැදු හා ගම්මිරිස් , ඉගුරු වගා සංවර්ධන පාලනාංශය;
112, (10), ශ්‍රී ලංකා ජාතික අඹ හා අන්නාසි වගා සංවර්ධන පාලනාංශය;
113, (11), ශ්‍රී ලංකා ජාතික අපනයන පලතුරු වගා සංවර්ධන පාලනාංශය.
114, (12), ශ්‍රී ලංකා ජාතික ධීවර කර්මාන්ත සංවර්ධන පාලනාංශය.
අංක 10;
(ඔ), ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධිය හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ පාලන සභාව;
115, (01), ශ්‍රී ලංකා ජාතික පරිවාස හා ළමාරක්ෂක සේවා පාලනාංශය;
116, (02), ශ්‍රී ලංකා ජාතික සමෘද්ධි සංවර්ධන පාලනාංශය;
117, (03), ශ්‍රී ලංකා ජාතික ළමා හා වැඩිහිටි නිවාස, පොදු පහසුකම් පාලනාංශය;
118, (04), ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
119, (05), ශ්‍රී ලංකා ජාතික ස්වයං රැකියා සංවර්ධන පාලනාංශය;
120, (06), ශ්‍රී ලංකා ජාතික පේෂකර්ම කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
121, (07), ශ්‍රී ලංකා ජාතික සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
122, (08), ශ්‍රී ලංකා ජාතික ව්‍යවසාය සංවර්ධන පාලනාංශය;
123, (09), ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදනය අලෙවි පාලනාංශය;
124, (10), ශ්‍රී ලංකා ජාතික විශේෂ අවශ්‍යතා සහිත ළමා හා වෙනත් අයවළුන් සදහා සහන වැටුප් දීමනා පාලනාංශය.
125’ (11), ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ පාලනාංශය;
අංක 11;
(ක), ශ්‍රී ලංකා ජාතික සිංහල බෞද්ධ සංස්කෘතික හා වෙනත් ජාතික, ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ පාලන සභාව;
126, (01), ශ්‍රී ලංකා ජාතික පූජා භූමි සංවර්ධන පාලනාංශය;
127, (02), ශ්‍රී ලංකා ජාතික බෞද්ධ විහාර ගොඩනැගීම හා සංවර්ධනය පාලනාංශය;
128, (03), ශ්‍රී ලංකා ජාතික භික්ෂු භික්ෂුණි හා පූජ්‍ය සහන වැටුප් දීමනා පාලනාංශය;
129, (04), ශ්‍රී ලංකා ජාතික බෞද්ධ ආගමික සංස්කෘතික සංරක්ෂණ පාලනාංශය;
130, (05), ශ්‍රී ලංකා ජාතික දේවාල සංස්කෘතික උරුමයන් සංරක්ෂණ පාලනාංශය;
131, (06), ශ්‍රී ලංකා ජාතික වෙනත් ආගමික සංස්කෘතික උරුමයන් සංරක්ෂණ පාලනාංශය;
132, (07), ශ්‍රී ලංකා ජාතික සිංහල ජනතාව හා සිංහල සංස්කෘතික උරුමයන් සංරක්ෂණ පාලනාංශය;
133, (08), ශ්‍රී ලංකා ජාතික ආදිවාසී ජනතාව හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණ පාලනාංශය;
134, (09), ශ්‍රී ලංකා ජතික වෙනත් ජාතික ජනතාව හා සංස්කෘතික උරුම සංරක්ෂණ පාලනාංශය;
135, (10), ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාර හා ඉතිහාසය උරුම සංරක්ෂණ කළමනාකරණය සංවර්ධන පාලනාංශය;
136, (11), ශ්‍රී ලංකා ජාතික ප්‍රාදේශීය භාෂා හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ පාලනාංශය;
137, (12), ශ්‍රී ලංකා ජාතික පූජ්‍ය පක්ෂ වරද කරුවන් හා විනය විරෝධීන් සඳහා රැදවුම් කටයුතු පාලනාංශය.
අංක 12;
(ඕ), ශ්‍රී ලංකා ජාතික වනජීවී, ස්වභාවික පරිසර සම්පත් හා සාගර සම්පත් කටයුතු පිළිබඳ පාලන සභාව;
138, (01), ශ්‍රී ලංකා ජාතික ස්වභාවික පරිසර පද්ධති සංරක්ෂණ සංවර්ධන පාලනාංශය;
139, (02), ශ්‍රී ලංකා ජාතික වනජීවි සංරක්ෂණ පාලනාංශය;
140, (03), ශ්‍රී ලංකා ජාතික ස්වභාවික ජල මාර්ග සංරක්ෂණ සංවර්ධන පාලනාංශය;
141, (04), ශ්‍රී ලංකා ජාතික වනෝද්‍යානය සංවර්ධන පාලනාංශය;
142, (05), ශ්‍රී ලංකා ජාතික රක්ෂීත සංරක්ෂණ සංවර්ධන පාලනාංශය;
143, (06), ශ්‍රී ලංකා ජාතික වෙරළ හා කොරල්පර, කඩොලාන සංරක්ෂණ පාලනාංශය;
144, (08), ශ්‍රී ලංකා ජාතික සාගර සංරක්ෂණ පාලනාංශය;
145, (09), ශ්‍රී ලංකා ජාතික සාගර ජීවීන් සංරක්ෂණ පාලනාංශය;
146, (10), ශ්‍රී ලංකා ජාතික සාගර සංචාරක කලාප නිර්මාණ පාලනාංශය;
147, (11), ශ්‍රී ලංකා ජාතික වායුගෝලය සංරක්ෂණ පාලනාංශය;
148, (12), ශ්‍රී ලංකා පස හා රුක්ෂානා සංරක්ෂණය සංවර්ධන පාලනාංශය.
අංක 13;
(ග), ශ්‍රී ලංකා ජනාවාස සංවර්ධන, ඉදිකිරීම් හා නගර සංවර්ධන කටයුතු පිළිබඳ පාලන සභාව;
149, (01), ශ්‍රී ලංකා ජාතික භෞතික ගොඩනැගීම් හා ගොඩනැගිලි පාලනාංශය;
150, (02), ශ්‍රී ලංකා ජාතික කදුකර ඉදිකිරීම් හා ජනාවාස සංවර්ධන පාලනාංශය;
151, (03), ශ්‍රී ලංකා ජාතික මහල් නිවාස සංකීර්ණය සංවර්ධන පාලනාංශය;
152, (04), ශ්‍රී ලංකා ජාතික වතුකරයේ නිවාස සංකීර්ණය සංවර්ධන පාලනාංශය;
153, (05), ශ්‍රී ලංකා ජාතික පොදු පහසුකම් සංවර්ධන පාලනාංශය;
154, (06), ශ්‍රී ලංකා ජාතික නාගරික සංවර්ධන පාලනාංශය;
155, (07), ශ්‍රී ලංකා ජාතික ආපදා කළමනාකරණ සංවර්ධන පාලනාංශය;
156, (08), ශ්‍රී ලංකා ජාතික නැවත පදිංචි කිරීමේ සංවර්ධන පාලනාංශය.
අංක 14;
(ච) ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව;
157, (01), ශ්‍රී ලංකා ජාතික වාරාය සංවර්ධන පාලනාංශය;
158, (02), ශ්‍රී ලංකා ජාතික ගුවන්තොටුපළ සංවර්ධන පාලනාංශය;
159, (03), ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන පාලනාංශය;
160, (04), ශ්‍රී ලංකා ජාතික ආනයන පාලනාංශය;
161, (05), ශ්‍රී ලංකා ජාතික සංචාරක සංවර්ධන පාලනාංශය;
162, (06), ශ්‍රී ලංකා ජාතික ආගමන විගමන පාලන පාලනාංශය;
163, (07), ශ්‍රී ලංකා ජාතික විදේශ තානාපති පාලනාංශය;
164, (08), ශ්‍රී ලංකා ජාතික විදේශ හා පුද්ගලික ගිවිසුම් පාලනාංශය;
165, (09), ශ්‍රී ලංකා ජාතික විදේශ සමාගම් පාලනාංශය;
166, (10), ශ්‍රී ලංකා ජාතික විදේශ හා පුද්ගලික ණය පාලනාංශය;
167, (11), ශ්‍රී ලංකා ජාතික විදේශ රැකියා පාලනාංශය;
168, (12), ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය නොවන සංවිධාන පාලනාංශය.
අංක 15;
(ඒ), ශ්‍රී ලංකා ජාතික පුනුරුත්ථාපන හා බන්ධනාගාර කටයුතු පිළිබඳ පාලන සභාව;
169, (01), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර ආරක්ෂක හා පරිපාලන පාලනාංශය;
170, (02), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර කර්මාන්ත සංවර්ධන පාලනාංශය;
171, (03), ශ්‍රී ලංකා ජාතික පුනුරුත්ථාපන සංවර්ධන පාලනාංශය;
172, (04), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර අධ්‍යාපන හා ආගමික, ක්‍රීඩා කටයුතු සංවර්ධන පාලනාංශය;
173, (05), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර රැඳවියන්ගේ යැපෙන්නන් සඳහා සමාජ සේවා සංවර්ධන පාලනාංශය;
174, (06), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර පොදු පහසුකම් සංවර්ධනය පාලනාංශය;
175, (07), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර රැඳවියන් නැවත සමාජගත කිරීමේ පාලනාංශය;
176, (08), ශ්‍රී ලංකා ජාතික බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්ය හා ආහාර සේවා පාලනාංශය.
“නව ජාතික පාලනාංශ, ජාතික පාලනාංශ පාලන සභා පිහිටුවීම හා පාලනාංශ පාලන සභාවකින් සභාවකට මාරු කිරීම”;
අංක 17;
(අ), කාලානුරූපව රාජ්‍යය පාලන පරිපාලන අවශ්‍යතා සපුරා ගැනීම පහසුව හා මහජනතා, රාජ්‍යය යහපත සඳහා නව පාලනාංශ ආරම්භ කිරීම සිදු කළ හැකිය හා සභාවකින් සභාවකට පාලනාංශ මාරු කිරීම සිදු කළ හැකිය හා ඒ සඳහා ජාතික පාලන සභාවේ සියයට හැට එකක ප්‍රතිශතයක් ( 61% ක්) අනුව ජාතික පාලන සභා සම්මතයක් මගින් පිහිටුවා ගැනීම සිදු කළ හැක වේ හා ඒ සඳහා ජනතා විරෝධතාවය දැඩි නම් ග්‍රාම සභා සම්මතයක් මගින් සිදු විය යුතුය;
(ආ), නව පාලන සභාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වුවහොත් ග්‍රාම සභා සියයට හැට එකක් 61% වැඩි ප්‍රතිශතයක් අනුව සම්මතයක් මගින් සිදු විය යුතුය.
“රාජ්‍යය නායක, පාලන සභා සභාපති, පාලනාංශය, අංශාධිපති, භාවිතය හා තනතුරු ලාභීන්ගේ බලතල හා කර්තව්‍යය”;
අංක 18;
(අ), ජාතික පාලන සභාව, ජාතික පාලන සහා, පාලනාංශය, අංශාධිපති යනුවෙන් රාජ්‍යය පාලන ව්‍යවස්ථාවේ සදහන් විධිවිධාන වලට විරුද්ධව පක්ෂ, සමාගම්, සංවිධාන හෝ කිසිදු ආකාරයකින් පරිපාලනය සඳහා භාවිතා කිරීම සිදු නොවිය යුතුය;
(ආ), ජාතික පාලන සභාවන් සඳහා තේරීපත් වන සභාපති තනතුරු ලාභීන් ජාතික පාලන සභා සභාපති ලෙස භාවිතා විය යුතුය;
(ඇ), රාජ්‍යය නායක තනතුර සඳහා ජනතා ජන්දයෙන් තේරීපත් වන පුරවැසියා රාජ්‍යයේ ප්‍රධානියා, ශ්‍රි ලාංකා ඒකීය රාජ්‍යය ආණ්ඩුවේ ප්‍රධානියා, ජාතික පාලන සභාවේ ප්‍රධානියා, රාජ්‍යය සංවර්ධන සභාවේ ප්‍රධානියා, රාජ්‍යය පාලන ව්‍යවස්ථාවේ ප්‍රධානියා ලෙස යහපත්ව කටයුතු සිදු විය යුතුය හා රාජ්‍ය නායක තනතුර හිමි පුරවැසියා රාජ්‍යය පාලන කටයුතු වලදී ජතික පාලන සභාවේ, ඕනෑම සංවර්ධන සභවක, ඕනෑම ජාතික පාලන සභාවක, ඕනෑම ජාතික පාලනාංශයක කටයුතු පිළිබඳ හා තීන්දු තීරණ පිළිබඳ අවසන් තීරණය ගැනිමේ පූර්ණ බලතල මෙයින් බලවත් ලෙස බල පැවැත්වේ;
(ඈ), රාජ්‍යය නායකත්වය ජනතා හා රාජ්‍යය අයහපත් හානිදායක තත්වයක් උද්ගත කරමින් රාජ්‍යය පාලන කටයුතු සිදු කරන්නේ නම් ග්‍රාම සභා සම්මතයක් මගින් ඉවත් කිරීම සිදු විය යුතුය;
(01), සෑම මසකම එක් දිනක් සෑම ග්‍රාම සභාවක් ම රැස්වීම සිදු විය යුතුය;
(02), ග්‍රාම සභාවන් සියයට හැට එකක ප්‍රතිශතය මගින් සම්මතය හෝ සියයට පනස් එකකට වැඩි ප්‍රතිශතයක් අනුව ග්‍රාම සභා සම්මතයක් මගින් රාජ්‍යය නායක තනතුර හිමි පුරවැසියා ඉවත් කිරීම සිදු විය යුතුය;
(03), ජාතික මැතිවරණ පාලනාංශ ව්‍යවස්ථාවේ අදාල විධිවිධාන වලට අනුකූලව යටත්ව කටයුතු සිදු විය යුතුය;
(ඉ), ඕනෑම සංවර්ධන සභාවක, ඕනෑම ජාතික පාලන සභාවක, ඕනෑම ජාතික පාලනාංශයක, තනතුරු ලාභීන් සඳහා තම තම විෂයය පථයට අදාල කටයුතු තීන්දු තීරණ ගැනීමේ නිදහස ස්වාධීනව යහපත් ලෙස කටයුතු කිරීමට පූර්ණ බලතල ඇත්තේ ය;
(01), රාජ්‍යය නායක තනතුර හිමි පුරවැසියා අවස්ථාව මැදිහත් කරුවෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඕනෑම තනතුරු ලාභීනයකු ඊට අවනත විය යුතුය;
(ඊ), ඕනෑම තනතුරු ලාභීනයකු රාජ්‍යය නායක තනතුර හිමි පුරවැසියාගේ යහපත් සාධාරණ හේතුවක් මත එම එම තනතුර හිමි පුරවැසියා රාජ්‍යය නායකත්වය අභිමතය අනුව ඉවත් කිරීම සිදු විය යුතුය; හෝ,
(01), රාජ්‍ය පාලන ව්‍යවස්ථාව - පලමු කොටස, අංක 04, (අ),(ආ),(ඇ) යන වගන්ති වල අදාල විධිවිධාන වලට යටත්ව කටයුතු සිදු කිරීමද සිදු කළ හැකිය.
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page